එහෙත් දිනපතා කට ගොන්නක් විස්කි බී ,අත්තනෝමතික ලෙස රටේ ධනය සූරා කෑ අධම චරිතයක් වන කූප්රකට චෞර රැජිණ නැවත අපේ දේශ පාළනයට එබී බැළීම එතරම් සුභ නැත ..සමහර විට අහිංසක මෛත්‍රී දිනුව හොත් ඔහුව රූකඩයක් කර ගත හැකියැයි හෝ ඔහුව බලෙන් හෝ පහකර තමා ජනාධිපති වීමට මාන බලමින් සිහින මවමින් සිටිනවා විය හැකිය..එසේම විජයාවතරණය ලෙසින් සිය පුත් විමුක්ති පාර්ළිමේන්තුවට යැවීමට හදනවාද විය හැකිය...කෙසේ වෙතත් මේ අජූත එකැස් යකින්ණිය දැකීමට පවා ජනතාව කැමති නැත.මෙම ගැහැණිය කෙතරම් කපටිද යත් වරක් මැතිවරණයෙන් ජය ලැබුයේ ඇසේ කපු පුළුන් කැබැල්ලක් අලවා ගෙන හඬමින් වැළෙපෙමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමෙනී...
රනිල් මෙයට වෙනස් මගක් ගනී...කිසිම විටෙක පක්ෂයේ නායකත්වය කිසිවෙකුටත් නොදෙන ...බොහෝ විටක් අන්ත අසරණ කුජීත ලෙසින් වාර්තාගත පරාජයක් ලබමින් සිට පසුව සරත් ෆොන්සෙකා ෆෝම් කොට ඒ තුළින්ද ගේමක් ගසා රටේ නායකත්වයක් ගැනීමට දැඟලූ හම්පඩ මොඩළයෙකී..එසේම යැංකි කොටළුවෙකු වන මොහු අපේ රට ගැන අවලාද කියන්න ගාටන්නේ යුරෝපීය රටවලටය...රටට හෙණ ගැසුවද මොවුනට කමෙක් නැත..කිසි දිනෙක දුප්පතෙකුගේ දුකක් දැන හඳුනා නොමැති ඕප පාතික සමලිංගික චරිතයකී....අවසන බල්ලා දමා මැක්කන් කිණිතුල්ළන් හැරපියා ගියසේ මෝඩ ෆොන්සෙකා අතරමං කරවීය..දැන් ෆොන්සෙකා යනු නිකම්ම නිකම් සොල්දාදු රූකඩයෙකී...කෙසේ හෝ තිරනාටකයේ අවසානයේදී සොල්දාදු උන්නැහේ අතරමංය...!!!
මේ සිංදුව අඩංගු තැටිය නැවතත් මෛත්‍රී හමුවේ වාදනය වන්නේය..මේ අහිංසක අව්‍යාජ මනුස්සයාටද එවන් විපතක් නොවේවා යැයි අප පතමු..!!!
දැන් රනිල්ගේ කට ඇරී ඇත..සිහින දොරටු විවෘතව ඇත..ඔහු කියූ දෑ අද පුවත් පතෙක පළවී තිබුණී...අපට පාටක් පක්ෂයක් නැත...අද රට පාලනය කරන මහින්දගේ පවුල් සංස්ථාව සහ වටේ සිටින මහා මත් ද්‍රව්‍ය ,කැසිනෝ,මත්පැන් ,සූදු දුරාචාර්ය යන්හී පටන් රට වැටී ඇති අගාධයද තිරස්ඡීණවූ මනසකින් අප දකිමු...වහා මූං එළවා නොදැමුවහොත් රටම ඉවරය...
නමුත් මෙහිදී වෙනත් විකල්පමය අවස්ථා වහා සොයා ගත යුතුය..නැතිනම් රූකඩ මඩු යාග පොළේ අයිතිකරුවන්වන සට කපට චන්ඳ්‍රිකා,මෝංගල් ,සහ රනිල් තෝරාගත යුතුවේ...
මෙහිදි කළ යුත්තේ මෛත්‍රීට වෙනත් පැත්තක් සොයා දීමය..කන්දක් විලිළා බිජුව බිහි කොට එයින් ඔම්ලට් දැමීමට ඉඩ දිය යුතු නොවේ...පසුදිනවලදී කළ ප්‍රකාශයන් හා දිවයින පුවත්පතේ පළවූ කතුවැකියක්ද අප ඇතුළත් කරන්නේ තීරණය සහ විනිශ්චය ඔබටම භාර කරමින්...
ලංකානිව්ස් සංස්කාරක
http://siyawasa.blogspot.fr/2009_11_01_archive.html
දිවයින පුවත්පතේ පළවූ කතුවැකිය...
20
201දිවයින පුවත්පතේ දිවයින පුවත්පතේ පළවූ කතුවැකියපළවූ කතුවැකිය4 නොවැම්බර් 24 සඳුදා
1දිවයින පුවත්පතේ පළවූ කතුවැකිය4 නොවැම්බර් 24 සඳුදා
අප ඉදිරිපිට තිබෙන දේශපාලන න්‍යාය පත්‍රය
ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ වහාම විවිධ කටකතා පැතිරී විවිධ න්‍යාය පත්‍ර ඉස්මතු වන්නට පටන් ගැනීම ඉතාම සාමාන්‍ය තත්ත්වයයි. අද, ජනතාවක් වශයෙන් අපි ඒ සජීවී තත්ත්වයට මුහුණ දී සිටින්නෙමු. ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබෙන මේ මොහොතේදී අප ඉදිරිපිට තිබෙන කටකතා සහ න්‍යාය පත්‍ර මෙසේය.
1. පොදු අපේක්ෂකයා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන බව.
2. ඔහු සමග විසි දෙනකුගෙන් සමන්විත ශ්‍රී ල.නි. ප. මන්ත්‍රී පිරිසක් විපක්ෂයෙහි අසුන් ගන්නා බව.
3. මෛත්‍රීපාල සිරිසේනගේ කණ්ඩායම ශ්‍රී ල.නි.ප. බේරා ගැනීමේ කණ්ඩායම ලෙස හැඳින්වෙන බව.
4. එකී කණ්ඩායමෙන් සියයට අසූවක්ම චන්ද්‍රිකාගේ කට්ටිය බව.
5. ඒ කට්ටියෙන් කොටසක් මෛත්‍රීපාල සිරිසේන සමග අමනාප නමුත් රාජපක්ෂවරුන් සමඟ ද අමනාපයෙන් පසුවන බව.
6. ශ්‍රී ල.නි.ප. ය බේරා ගැනීමේ හමුදාව අයවැය සම්මත කර ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීමේදී විපක්ෂය සමග එක්වී ආණ්ඩුව පරදවන බව.
7. එවිට ආණ්ඩුව විසුරුවා මහ ඡන්දයකට යැමට සිදුවන බව.
ඉහත සඳහන් කළ කතාන්දර ඇත්ත නම් අනාගතයේදී මේ රටේ ඇතිවිය හැකි අච්චාරු දේශපාලන තත්ත්වයෙහි කුණු ඇඹුල් රස ගැන අපට සිතාගත හැකි ය. ඒ සමගම නිසි කාලය සම්පූර්ණ වීමට පෙර ජනාධිපතිවරණයකට යැමේ පලවිපාක අත්විදීමට ආණ්ඩුව සූදානම් විය යුතුය. ටිකක් දුරට කල්පනා කරන විට ඒ කුණු රස දිවට දැනෙන්නේ ය. පොදු අපේක්ෂකතුමා මෛත්‍රීපාල සිරිසේන වේවා, දුමින්ද දිසානායක වේවා, පියසේන ගමගේ වේවා, පොල් කඩන සයිමන් අයියා වේවා ආණ්ඩුවෙන් විස්සක් රැගෙන ගොස් විපක්ෂයේ වාඩි වුණොත් ශ්‍රී ල.නි.ප. ය බේරා ගැනීම කෙසේ වුවද පක්ෂය දෙකඩ වීම සිදු වන්නේ ය. ඉන්පසු ආණ්ඩුව සමග "ඩීල්" ගසා ඒ විස්සෙන් කොටසක් ආපසු ආණ්ඩුවට ගියොත් ඉතිරි අය දේශපාලන අනාථයන් බවට පත් වන්නේ ය. එසේම විසි එක් දෙනාගේ කණ්ඩායම අයවැය පරාජය කළොත් අයවැයෙන් දුන් සහන ජනතාවට ලබා ගැනීමට බැරිවේයෑයි සිතමින් ජනතාව නන්නත්තාර වන්නේය.
ප්රජාතන්ත්රවාදී රටවල තිබෙන පක්ෂ දේශපාලන ක්‍රමය දැනට තිබෙන හොඳම දේශපාලන ක්‍රමය බවට පිළිගැනීමක් තිබේ. එවැනි තත්ත්වයක් තුළ පක්ෂයක් දෙකඩ වීම දිගුකාලීන හානියක් නොවූවත් කෙටිකාලීනව බරපතළ හානි ඇති කරනු ලබන්නේ ය. මෙය ඉතිහාසයේ සිට සිදු විය. මෙයට දශක ගණනාවකට පෙර එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තමා ද සාමාජිකත්වය දැරූ යූ.එන්.පියෙන් කැබැල්ලක් කඩාගෙන ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය. 1977 න් පසු ලංකා සම සමාජ පක්ෂය දෙකඩ වී වාසුදේව නානායක්කාර සහ වික්‍රමබාහු කරුණාරත්න එක කැබැල්ලක් අරගෙන පැත්තකට විය. ඉන්පසු ඒ කැබැල්ලද දෙකට කඩාගත් ඒ දෙදෙනා දෙපැත්තකට වූහ. එක්දහස් නවසිය අසූ ගණන්වලදී එනම් ඡේ. ආර්. ජයවර්ධන ජීවතුන් අතර සිටියදීම ඔහුගේ ඉතාම හිතවත් අනුගාමිකයන් දෙදෙනකු වූ දොස්තර ගාමිණී විඡේසේකර සහ දොස්තර නෙවිල් ප්‍රනාන්දු, එජාපයෙන් කැඩී එක්සත් ලංකා ජනතා පක්ෂය සාදා ගත්හ. එයට ආසන්න වකවානුව තුළ ශ්‍රී ල.නි.ප. ය දෙකඩ වී "සිරිමා පිල" සහ අනුර පිල" බිහිවිය. ඉන්පසු චන්ද්‍රිකා සහ විජය කුමාරතුංග ශ්‍රී ල.නි.ප යෙන් කැබැල්ලක් ගලවාගෙන එයට මහජන පක්ෂය ලෙස නම් තැබීය. 1971 ට පෙර සිටම ඇමීබාවකු සේ පුංචි පුංචි කැබැලිවලට කැඩුණු ජ.වි.පෙ. 1977 න් පසු ශක්තිමත් පක්ෂයක් බවට පත් වුවද 1989 වන විට සංහාරයකට ලක්විය. අළු මතින් නැඟී සිටින ෆීනික්ස් නමැති චීන ඉන්ද්‍රජාලික කුරුල්ලා මෙන් නැඟී සිටි ජ.වි.පෙ. මෙයට අවුරුදු දෙක තුනකට පෙර දෙකඩ වී එක කොටසක් පෙරටුගාමී පක්ෂය බවට පත්වී ජ.වි.පෙ. සුළු ධනේශ්වර පක්ෂයක් බවට බැණ - බැණ ඇවිදින තත්ත්වයක් ඇති විය. වසර 2007 දී ජනාධිපතිට යුද්ධය දිනවා දීමට යෑයි කියා කරු ජයසූරිය ඇතුළු එජාපයෙන් දාහත් දෙනෙක් ආණ්ඩුවට එකතු වූහ. එසේම මහින්ද රාජපක්ෂ ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට ඇමැති තනතුරු ද වුවමනාම විය. යුද්ධය ජය ගැනීමට හත් මසකට පෙර "දැන් ඉතින් මගේ යුතුකම ඉවර යෑයි කියූ කරු ජයසූරිය ආපසු එජාපයට ගියේ ය. එය යුද්ධය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර බලවේග ඉතා දරුණු ලෙස ලංකාවට අත පොවමින් සිටි කාලයකි. කෙසේ වුවද මේ රටේ නොකැඩුණු දේශපාලන පක්ෂයක් නැත. ටී.එන්.ඒ. යනු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ කැබැල්ලකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ඩියු ගුණසේකරගේ පක්ෂය-මෙසේ කියන්නේ අපේ රටේ ජනයා එවැනි පක්ෂයක් ගැන නොදන්නා නිසාය) මෙයට දශක පහකට පමණ පෙර දෙකඩ වී චීන පිල සහ සෝවියට් පිල යනුවෙන් කොටස් දෙකක් සෑදිණ. විඡේවීර අතීතයේදී සිටියේ චීන පිලේය. ඔහු එම පිලට ආවේ සෝවියට් පිලේ සිට ය. ශ්‍රී ල.නි.ප. ය සුරැකීම සඳහා "ම පාර්ශ්වය" යනුවෙන් කණ්ඩායමක් සහ ශ්‍රීපති සූරියආරච්චි සමග එක්වී හදාගත් මංගල සමරවීර ඉන්පසු එජාප යට හේත්තු විය. ඉතාම අලුත් පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ද මෙයට කලකට පෙර කැඩිණ. ඒ කැඩුණු කෑල්ල දැනටත් තිබේ. එහෙත් කොහි තිබෙනවාද යන්න හරියටම කිව නොහැක.
ශ්‍රී ලංකාවේ පොදු අපේක්ෂක කතාව හරිම ඛේදජනකය. එය සරත් ෆොන්සේකාට වූ විපත්තියෙන්ම පැහැඳිලි වන්නේය. වැඩේ ගොඩ ගියොත් මිස වැරදුනොත් උදව්වට හිටි අය අතුරුදන් වන්නේ ඇහි පිල්ලමක් ගහන තරම් කෙටි මොහොතක් තුළය. ඒ වැඩේ මෛත්‍රීපාල සිරිසේනට කිසිසේත්ම සිදු විය යුතු නැත. ඔහු ගමකින් පැමිණි අහිංසක මිහිහෙකි.
සබැඳි පුවත්
http://siyawasa.blogspot.fr/2009_11_01_archive.html
Post a Comment