ශ්‍රී ලංකා රජය සේම සිංහලයන් පිළිබඳව බද්ධ වෛරයකින් පෙළෙන තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනි ජයලලිතාට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ යෙදෙන්නට තිබුණා යෑයි දැන් සිතෙනවාට සැකයක් නැත.
ඒ දේශපාලනයේ සිටියදීම දේශපාලනඥයකුට ලබාදිය හැකි දඬුවම පිළිබඳව හොඳම පූර්වාදර්ශය ඉන්දියාව ලබාදී ඇති නිසාය. බලයේ සිටින හෝ බලයේ සිටි කවර දේශපාලනඥයකුට හෝ මෙතරම් අමිහිරි අත්දැකීමක් අපේ රටේ අත්විඳින්නට සිදු වී ඇති බවක් මතකයේ නැත.
ජයලලිතාට ඉන්දීය අධිකරණයකින් ලබා දී තිබෙන දඬුවම වාර්තා පොත් අතරට යෑමටද සමත්ය. ඒ ඉන්දීය දේශපාලනයේ බලයේ සිටිද්දී සේම මහ ඇමැති ධුරයක කටයුතු කරද්දී සිරදඬුවම් ලැබූ පළමු දේශපාලනඥයා ලෙසය.පසුගිය 27 වැනිදා ජයලලිතාට සිරදඬුවම් නියම කළේ බැංගලෝරයේ විශේෂ අධිකරණයක් මගිනි. ඇයට බැංගලෝර අධිකරණයේ පෙනී සිටීමට සිදු වූයේ භාරතීය ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි විසින් වසර 17 කට පෙර පැවරූ නඩුවක් නිසාය. 1996 වර්ෂයේදී එම නඩුව පැවරුවේ නීති විරෝධීව මුදල් ඉපැයීම හා තනතුරේ වගකීම අයථා කටයුතුවලට භාවිත කිරීම යන කරුණු පාදක කර ගනිමිනි.
මේ නඩු විභාගයේදී වරදකරුවන් වූයේ ජයලලිතා පමණක් නොවේ. ඇයගේ සමීපතම හිතවතියක හා සහායිකාව වන ශෂිකලා නඩරාජන්, ලේලිය වූ ඉලවරසි, බෑණා සහ ඇය විසින් හදාගන්නා ලද පුත්‍රයා වන සුධාකරන් ද ඒ අතර වූහ. ඔවුන් එක් අයෙකුට වසර හතර බැගින් වූ සිර දඬුවම්වලට අමතරව රුපියල් කෝටි 10 බැගින් වූ දඩද නියම විය.
ජයලලිතාට ද වසර හතරක සිර දඬුවමක් හා කෝටි 100 ක දඩයක් නියම විය.
ජයලලිතා මහ ඇමැති ධුරයට පත් වූ පළමු වතාවේදීම එනම් 1991-1996 කාලයේදී ඉන්දීය රුපියල් මිලියන 660 ක් අයථා ලෙස ඉපැයූ බවට චෝදනා එල්ල විණි. ජයලලිතා සිය දෙවැනි ධුර කාලය ආරම්භ කරන්නේ 2011 වර්ෂයේදීය. 96 වර්ෂයේදී පැවැති මැතිවරණයේදී ඇය නියෝජනය කළ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්" පක්‍ෂය හා ජයලලිතා ද අන්ත පරාජයකට ලක් විය. ඇයගේ ආසනයද ඇයට අහිමි විය. ජයලලිතාට හා ඇයගේ අමාත්‍ය මණ්‌ඩලයට දූෂණය නාස්‌තිය ගැන බරපතළ චෝදනා එල්ල විණි. එම පාලන කාලය තුළ ජයලලිතා විසින් හදා වඩාගන්නා ලද පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සිදුවිණි. ඊට ඉන්දීය රුපියල් කෝටි හයක් වැය වී ඇති අතර එය වැඩිම පිරිසක් සහභාගි වූ විශාලතම මංගල සාදය ලෙස ගිනස් පොතටද එක්‌ව තිබේ. 2011 වර්ෂයේ නඩු විභාගයකදී ජයලලිතා ප්‍රකාශ කර සිටියේ ඊට වැය වූ සියලු වියහියදම් දරන ලද්දේ මනාලියගේ පාර්ශවයෙන් බවය.
කෙසේ හෝ පළමු ධුර කාලය තුළ ජය ලලිතා සිදු කරන ලද විවිධ දූෂණ වංචා හා නීති විරෝධී ලෙස රජයේ දේපළ අත්පත් කර ගැනීම සාක්‍ෂි සහිතව අධිකරණයේදී ඔප්පු විය.
ඒ නිසාම 2007 වර්ෂයේදී ඇයට මැතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් නොලැබිණි. ඒ නඩු විභාගයේදී ඇයට පස් අවුරුදු සිර දඬුවමක් නියම කෙරිණි. ජයලලිතා කළේ ඊට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමය. එහෙත් මහ මැතිවරණය අවසන් වන තෙක් එය විභාගයට ගෙන තිබුණේ නැති නිසා ඇයට මැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව අහිමි විය. එහෙත් ජයලලිතාගේ පක්‍ෂය ජයගත්තේය. ඒ අනුව ජයලලිතා පත් කළ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන්නීය. 2001 වර්ෂයේදී ජයලලිතා මහ ඇමැතිවරිය ලෙස යළිත් දිවුරුම් දුන්නද මේ ඉතා කෙටි කාලයකට පමණි. 2007 මැයි හා සැප්තැම්බර් කාලය අතරතුර එය නීති විරෝධී පත්වීමක් ලෙස තීන්දු කරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණයයි.
පසු කලෙක ඇයට එරෙහිව තිබූ යම් යම් චෝදනා මහා අධිකරණය ඇය නිදහස් කළ නිසා ජයලලිතා නැවත මැතිවරණයකට ඉදිරිපත් වී යළි බලයට එන්නීය. ඒ 2011 වර්ෂයේය. ඉන්දියාවේ ආරම්භ කළ ප්‍රථම කාන්තා පොලිස් කමාන්ඩෝ බළකාය ජයලලිතා පිහිටුවන්නේ මේ කාලයේදීය.
නිළියකගේ දේශපාලන ආගමනය

ජයලලිතා දේශපාලනයට එක්‌වීමට පෙර දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවකි. 1948 පෙබරවාරි 24 වැනිදා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ දෙමළ සම්භවයක් ඇති හින්දු බ්‍රාහ්මණ යුවළකගේ දරුවෙකු ලෙස ඇය මෙලොව එළිය දුටුවාය. ජයලලිතාගේ මවද පසුකාලීනව චෙන්නායි නගරයේ නිළියක ලෙස කටයුතු කළාය. හොඳින් අධ්‍යාපනය හැදෑරූ ජයලලිතා චතුර ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමටද දක්‍ෂය. ජයලලිතා "නිළියක" වන්නේ ඇයගේ මවගේ බලපෑමෙනි.
ජයලලිතා ප්‍රධාන චරිතයක් රඟපෑ මුල්ම චිත්‍රපටය වූයේ 1964 තිරගත වූ "චින්නාද් ගොම්බේය." ජයලලිතා රඟපෑ පළමු දෙමළ චිත්‍රපටය වූයේ "වෙන්නිරා අඩායි" ය. පසුකලෙක ජයලලිතා දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රකටම තාරකාවක් බවට පත් විණි.
කෙසේ හෝ කවර හේතුවක් නිසා හෝ ජයලලිතා වඩ වඩාත් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ එවකට වූ දමිළ සිනමාවේ සුපිරි තාරකාවක් වූ එම්. ජී. රාමචන්ද්‍ර සමග රඟපාන්නට පටන් ගැනීමත් සමගිනි.
ජයලලිතා නිළියක ලෙස ජනප්‍රියත්වයක් අත්පත් කර ගන්නේ යම්සේද ඇය දේශපාලන ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය වන්නට හේතුවන්නේද එම්. ජී. ආර්. ගේ මෙහෙයවීමයි. ඒ අනුව ජයලලිතා දේශපාලනයට පිවිසෙන්නේ 1977 වර්ෂයේදී එම්. පී. රාමචද්‍රන් තමිල්නාඩු මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරද්දීය. ජයලලිතාට රාමචද්‍රන් දේශපාලනයට පිවිසෙන්නට යෑයි ආරාධනා කරද්දී ඇය එකවරම ඊට එකඟ වන්නේද නැත. ජයලලිතා සතුවූ දක්‍ෂතාවන් හඳුනාගෙන සිටි රාමචද්‍රන් උත්සාහය අත්හැරියේ නැත. ජයලලිතා ද පසුව ඊට එකඟ වන්නී, රාමචද්‍රන් ඇසුරේදී දේශපාලනයේ රස වැටුණු නිසාය. රාමචද්‍රන් ද්‍රවිඩ මුන්නෙත්‍ර කසාගම් පක්‍ෂයෙන් ඉවත් වී "ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම්" පක්‍ෂය පිහිටවන විට ජයලලිතා ද ඒ හා එක්‌වූවාය. එහි මංගල රැලියේදී ජයලලිතා කළ කතාව අතිශය ආකර්ෂණීය එකක් විය. කාන්තාවන් ඉලක්‌ක කරගනිමින් පැවැත්වූ ඒ කතාව ඇය නිළියක ලෙස ලැබූ ජනප්‍රියත්වයට වඩා වැඩි ආකර්ෂණයක් ජනතාව කෙරෙහි ඇති කිරීමට සමත් විය. එම්. ජී. රාමචද්‍රන්ගේ අනියම් පෙම්වතිය ලෙස ජයලලිතා හැඳින් වූයේ පක්‍ෂයේ ම ජ්‍යෙෂ්ඨයන්ය. කෙසේ හෝ 1984 දී රාමචද්‍රන් හෘදයාබාධයකට ලක්‌වූ පසු මහ ඇමැති ධුරයත් පක්‍ෂයේ නායකත්වයත් ලබාගැනීමට ජයලලිතා ඉතා සියුම්ව කටයුතු කළේය. එය ඉව වැටුණු පක්‍ෂයේ සෙසු පිරිස රාමචද්‍රන්ගේ බිරිඳ වූ ජානකී වටා එක් වූහ. එහෙත් 1984 මහ මැතිවරණයේදී පක්‍ෂය ජයග්‍රහණය කරා ගෙන ගියේ ජයලලිතාය. ඒ කොංග්‍රසය සමග සන්ධානගත වෙමිනි.
1987 දී රාමචද්‍රන් මියගිය පසු පක්‍ෂය දෙකඩ විය. රාමචද්‍රන්ගේ බිරිඳ වූ ජානකී වටා පිරිසක් ද තවත් පිරිසක් ජයලලිතා සමගද එක්‌වූහ. කෙසේ නමුත් ජානකී මැතිවරණයෙන් මහ ඇමැති පදවියට පත් වූ නමුදු එම තත්ත්වය පවත්වාගෙන යා හැකි වූයේ ඉතා කෙටි කාලසීමාවක් පමණි. 1989 යළිත් මැතිවරණයට ඉදිරිපත් වුවද ජානකී යළිත් පරාජයට පත් විය. දෙකඩව තිබූ පක්‍ෂය යළිත් නගාසිටුවමින් ජයග්‍රහණය කරා ගෙන යන්නට නැවතත් බර කරට ගත්තේ ජයලලිතාය. 1991 වර්ෂයේ ඇය මහ ඇමැති ධුරයට පත්වන්නේ ඒ අනුවය.
ජයලලිතාට ජනතාව එතරම්ම ආදරේ ඇයි
ජයලලිතා අතිශය අන්තවාදී ගතිපැවතුම් වලින් යුතු කාන්තාවක වුවද මුළු තමිල්නාඩුවම එවැන්නක් විශ්වාස කරන්නේ නැත. එහෙයින් ඇය මුළු තමිල්නාඩුවටම අම්මාය. බොහෝ දෙනෙක් ඇය හඳුන්වන්නේ එලෙසිනි. ඊට හේතු රැසක් තිබේ. ඇය විසින් දියත් කළ "බිලිඳියන්
රැකගැනීමේ" වැඩසටහන සමස්‌ත ඉන්දියාවේම ඇගැයීමට ලක්‌විය. දැරියක් උපන් මොහොතේම මරා දැමීමේ ක්‍රියාවලිය නවතාලන්නට ඇය බොහෝ පියවර ගත්තාය. එමෙන්ම කාන්තාවන් කෙරෙහි ඇය වැඩි අවධානයක් යොමු කළේය. මුළුමනින්ම කාන්තාවන් පමණක් සිටින පොලිස් ස්‌ථාන 57 ක් පිහිටුවන්නට ඇය කටයුතු කළාය. එමෙන්ම පොලිස් සේවයට 30% ක කාන්තා ප්‍රතිශතයක් නියෝජනය කිරීමට ද කටයුතු කළේය. එපමණක් නොව ඉන්දියාවේ ප්‍රථම කාන්තා පොලිස් කමාන්ඩෝ බළකායක් ස්‌ථාපනය කළේ ද ජයලලිතාය. ඇය තමිල්නාඩුව පුරාම සාරි බෙදීමේ කටයුත්තක් ද සංවිධානය කර තිබිණි.
ජයලලිතා දෙමළ නොවේ
දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත් ඉන්දීය මධ්‍යම රජයත් සමග ආරවුල්වල පැටළුනද ජයලලිතා දෙමළ කාන්තාවක නොවේ. මුලින් කීවාක් මෙන් ඇය "කන්නඩ" කාන්තාවකි. කන්නඩ යනු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවක්‌ය. ද්‍රවිඩ භාෂා පවුලට දෙමළ, මලයාලි, තෙළිඟු, මරති, ඇතුළුව තවත් උප භාෂා දහයකට ආසන්න සංඛ්‍යාවක් අයත්ය. ජයලලිතා යන මගම ගමන් කරන "වයිකෝද" දෙමළ ජාතිකයකු නොවේ. ඔහු මලයාලි ජාතිකයෙකි. ඒ අනුව ගත් කළ දෙමළ ජනතාව වෙනුවෙන් කතා කිරීමේ පරම ශුද්ධිය ඇති පුද්ගලයකු ලෙස හඳුනාගත යුත්තේ ජයලලිතාට නඩු පැවරූ සුබ්‍රමනියම් ස්‌වාමිය. අප පෙර සඳහන් කළාක් මෙන් සුබ්‍රමනියම් ස්‌වාමි මේ නඩුව ඇදගෙන යන්නේ සුළුපටු කාලයක් නොවේ. එය වසර 17 ක් තරම් දිගු එකකි.
ජයලලිතාට එරෙහි චෝදනා මොනවාද?
ඉන්දියාවේ දූෂණ වැලැක්‌වීමේ පනත අතිශය බලසම්පන්නය. නිවැරැදි සාක්‍ෂි සමඟ අසුවුවහොත් ගැලවීමක් නැත. මේ පනත යටතේ ඇයට එරෙහිව තිබූ චෝදනා රැසකි. ඉපැයූ ආකාරයක් සනාථ කළ නොහැකි ඉන්දීය රුපියල් කෝටි 66 ක මුදල (ශ්‍රී ලංකා රුපියල් කෝටි 140 ක්), වටිනා නිවාස හා ඉඩකඩම් 78 ක්, රන්, රිදී, කිලෝ විශාල ප්‍රමාණයක්, සමාගම් කොටස්, ගොවිපොළ විශාල ප්‍රමාණයක් ඒ අතර විය.
බැංගලෝර විශේෂ අධිකරණයෙන් ඇයට සිර දඬුවම් නියම කළ මොහොතේ සිටම මේ වන තෙක්‌ම ඊට එරෙහිව උද්ඝෝෂණය කරන පිරිස බොහෝය. එපමණක් නොව 17 දෙනකු පමණ ඇය වෙනුවෙන් සිය දිවි හානිකරගෙන ද ඇත. පසුගියදා ඇය ඇප ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ ද ඊට තීන්දුව ලබාදීම එළැඹෙන හත්වැනිදාට කල් ගියේය. ඇය වෙනුවෙන් හඬනගන ජනතාව තව තවත් ප්‍රකෝප ලෙස හැසිරෙමින් වීදි බැස සිටියහ.
ජයලලිතාගේ සිර දඬුවම අපේ රටට දැනෙන එකක්‌ද?
ජයලලිතා සිරගත වීමේ අවස්‌ථාව වන විට ඉන්දීය අගමැතිවරයා සිටියේ ඇමරිකාවේය. ඇමරිකාවේදී අගමැති නරේද්‍ර මෝදිට අතිශය උණුසුම් පිළිගැනීමක් ලැබිණි. ජයලලිතා කවර හේතුවක් නිසා හෝ අගමැති මෝදි කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළාය. එහෙත් ජයලලිතා අපේක්‍ෂා කළ බොහෝ දේ නරේද්‍ර මෝදි ඉටු කළේ නැත.
ජයලලිතාට සිර දඬුවම් නියම වීමත්, මහ ඇමැති ධුරය අහිමි වීමත් අපේ රටට එරෙහිව ඇති එල්ටීටීය තරම්ම "නරක" බාධකයක් ඉවත් වීමක් ලෙස ගැනීමට ඉක්‌මන් විය යුතු නැත. ඊළඟ මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත සිටින පන්නීර් සෙල්වම් කරුණානිධි ද ඒ කටයුතු "හමාර" කරාවි යෑයි සිතීම මුලාවකි. එක්‌සත් ජාතීන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහි තැනකට ඉන්දීය ජාතික රජය පෙළඹ වූයේ තමිල්නාඩුවයි. පසුගිය කාලවකවානුවේ ඉන්දීය - ශ්‍රී ලංකා සබඳතා යම් තාක් දුරකට පලුදු කිරීමට හේතු වූයේද තමිල්නාඩුවය. ජයලලිතා සමස්‌ත තමිල්නාඩුවේ මහ ඇමැතිනිය වී සිටියද, සමස්‌ත තමිල්නාඩුව යනු ජයලලිතා නොවේය. ජයලලිතාට බොහෝ සේ ආදරය කරන ජනතාවක් තමිල්නාඩුවේ සිටියද, ජනතාවගෙන් හරි අඩක්‌ම බොහෝ අර්බුද මැද දිළිඳු ජීවිත ගත කරන්නෝ වෙති. එහෙත් තමිල්නාඩුවේ නරක දේශපාලනය තුළ සිටින කිසිවකුත් පරාජය නොවන්නේ ඒ ජනතාවට ඇති එකම පිළිසරණ ද ඔවුන් වන බැවිනි.
ජයලලිතා සිරගත වීමේ සිද්ධිය අපේ රටේ දේශපාලනයට කවරදාක හෝ පූර්වාදර්ශයක් නොවන බව නම් සහතිකය.
උදේශ සංජීව ගමගේ

Post a Comment