BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, February 8, 2015

සැබෑ මාධ්‍ය නිදහසක් ඇතිවීමට නම්....!!!

මේ රජය යහපාලනය යන බෝඩ් ලෑල්ල පසුපස  ඵයට මුවාවී පසුගිය රජයේ දූෂණ හෙළි කරමින් මාධ්‍ය සංදර්ශණ තබති. ගජ රාමෙට වැඩය...රාජ්‍ය මාධ්‍යයද ඔය කෙසේ කීවද රාජ්‍ය ගැති භාවයෙන් මිදී නැත.
නව රජයටද  උන් කඩේ යාම ජයට කරති.
ඵසේ සැබෑ ස්වාධීනත්වයක්  ඵම  ආයතනවලට  දීමට  අවැසි නම් ඵම  ආයතන තුළම  සේවකයන්ගේ  ඡන්දයක් විමසා  ප්‍රධානීන්  පත් කළ  යුතුය.ඵසේ  නොමැතිව  එක් ඵක්  රජයන්  පත්වන විට ඒවාට  කඩේ ගිය  ආතක් පාතක් ,දැනුමක්  නැති  අය පත් කොට මාධ්‍ය  ස්වාධීනත්වයක් අපේක්‍ෂා කිරීම විහිළුවකී...


වසර  ,දශක  ගණන්  පළපුරුදු  මාධ්‍යවේදීන් ඵම  ආයතනවල  ඇත.
ඔවුනට කිසිම  දිනෙක ඉහළ පුටුවකට ඒමට මේ පවත්නා අධම  දේශපාලන රාමුවෙන් ඉඩක් නොලැබේ.
ඵය සැබවින්ම ඛේදනීය තත්වයකී ,අද තැන  ඇත්තේ  පන්දමුන්ට,හොරුන්ට පමණී.නමුත් සෑම රාජ්‍ය මාධ්‍ය ආයතනයකම සැබෑ දක්‍ෂ සුදුසුකම් සහිත අය ඇත.
ඵවැනි අයගැන දන්නේ ඵම ආයතන සේවකයන්මය.
පවතින ,පෙරළෙන පක්‍ෂ වලට හිතවත් යැයි පෙන්වමින්  සිටින අය  ලෝක හොරුන්‍  ය. 
ඵම නිසා ඵම ආයතන  සේවක  ඡන්ද තුළින්ම  උසස් පරිපාලන නිලධාරීන්  තෝරන ක්‍රමයක්  ඇතිවූ  දිනට ලංකාවේ රාජ්‍ය  මාධ්‍ය  ස්වාධීන වනු ඇත.

සුමිත් ජයන්ත ඩයස්
ලංකානිව්ස්



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger