Monday, October 6, 2014
බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වෙති
සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදුකළ කෝට්‌ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥනවිමල මහ නාහිමියෝ අපවත් වූහ.
උන්වහන්සේ අපවත් වූයේ පෙරේදා (4 දා) පස්‌වරු 6 ට පමණය. අපවත්වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ. 1920 මාර්තු 26 වැනිදා උපන් උන්වහන්සේ 1929 දී බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේදී පැවිදි බිමට ඇතුළත් වූහ. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1940 ජුනි 04 වැනිදාය.
සිංහල පාලි, සංස්‌කෘතික, හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්හි හසල නිපුනත්වයක් උන්වහන්සේට තිබූ අතර 1947 දී ප්‍රථම ධර්ම ධූත සේවාව ආරම්භ කළේ ඉන්දියාවෙනි.
1976 දී මාලිගාකන්ද විෙද්‍යාaදය පිරිවෙනෙන් ආචාර්ය පදවියක් ලැබූ උන්වහන්සේ පසුව එහි උපප්‍රධානාචාර්ය පදවියද දරා දිගුකලක් සේවය කළහ. ග්‍රන්ථ රැසක් රචනා කර ඇති බෙල්ලන නාහිමියන්ගේ එම ශාස්‌ත්‍රීය ආගමික මෙහෙවරට උපහාර වශයෙන් 2004 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යසූරී උපාධිය පුදනු ලැබීය.
දේශදේශාන්තරේ වැඩ වසමින් ථෙරවාදී බෞද්ධ දර්ශනය හා පාලි භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය කිරීමේලා දැවැන්ත මෙහෙවරක් කළ උන්වහන්සේ වෙත මියන්මාර් රාජ්‍යය මගින් අග්ගමහා පණ්‌ඩිත ගෞරව උපාධිය පිරිනමන ලදී.
2000 වසරේදී කෝට්‌ටේ කළ්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවියෙන් උන්වහන්සේ පුදනු ලැබිණි.
අපවත්වී වදාළ මහානාහිමියන්ගේ දේහය කොල්ලුපිටිය වාලුකාරාමයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය හෙට (07දා) සිදුකිරීමට නියමිතය.
Mahanayaka of the Kalyani Samagri Dharma Maha Sangha Sabha the Most Reverend Bellana Gnanawimala Maha Nayaka Thera passed away on Saturday at the age of 94.
The Mahanayake Thera is renowned as a great scholar, a highly skilled teacher, an accomplished astrologer and as a much respected Buddhist Prelate.
The Nayaka Thera was the editor of the fifth part of the Mahavamsa which was completed in 2011.
Born on March 26, 1920 as the youngest of the eight children of Bellana Vitanage Baron Appuhamy and Palliyagoda Vitanage Amarishamy in the village of Bellana in the Pasyodun Korale of the Kalutara District, he was named Bellana Vitanage Nonis.
Having had his early education in the Bellana Primary School, he was admitted to the Order under the tutelage of Rantotuwila Sorata Nayaka Thera on 23 May, 1929 at Bellana Sri Dharmapala Pirivena and was named Bellana Gnanawimala.
In recognition of the vast contribution of the Ven. Maha Nayaka Thera, many institutions in Sri Lanka and abroad have conferred Honorary Titles on him.
Some of them are; DLitt by the Buddhasravaka Bhikkhu University (2004), the Bauddha Sahitya Suri by the Vidyalankara Pirivena, and Sri Sumangala Vidyawatamsa by the Vidyodaya Pirivena.
The government of Myanmar has conferred on him the title Agga Maha Pandita.
The remains of the Venerable Thera will be kept for public respect at the Valukaramaya, Kollupitiya and the cremation will take place on Tuesday in Colombo.
................................................................................................................................................
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රවීණ බෞද්ධාචාර්ය වරයෙකු, ප්‍රශස්‌ත ගත් කතුවරයකු, ගැඹුරු ධර්මධරයකු, සාර්ථක ධර්ම දූතයකු, තැන්පත් බුද්ධිමතකු, විශේෂඥ භාෂාන්තර විෂයාන්තර නිපුණයකු, නිවහල් චින්තකයකු, ආදර්ශවත් සංඝ පීතෘවරයකු වශයෙන් අපට හඳුනාගත හැකිය. කළුතර නාගොඩ ශ්‍රී සෝභිත සංඝාරාමාධිපති රාජකීය පණ්‌ඩිත අග්ගමහා පණ්‌ඩිත ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රීධර්ම මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ උපතින් අනූතුන්වන වියට පා තබා වැඩ සිටිති. උන්වහන්සේගේ ජීවිතයේ සැඟව ගිය අතීත පවත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියෝ ලියති. මේ එම ලිපි මාලාවේ දෙවන ලිපියයි.
ඔබවහන්සේ පුංචි සන්දියෙ අදට වඩා මිනිසුන්ගේ සමගිය සමාදානය හොඳ හිත වැඩිද?
හු`ගාක් වැඩියි. එක ගෙදරක වැඩක් උනහම ගමේ අනික් ගෙවල්වල අය හුඟක් සහභාගී වෙනවා. මං පොඩිකාලේ අපේ ගෙදර බලියක් කළා. නටන අය, බෙරගහන අය හුඟක් ආවා. කිරිමැටිවලින් බලි රූප හැදුවා. මේ බලිරූප හදන්නෙ බිම තියාගෙන. ඊළඟට බලි කෙලින් කරනවා කියලා විශේෂ දෙයක් තියෙනවා. ඒක ලොකු වැඩක්. ඒ වෙලාවට අවට ගෙවල්වල ඉන්න ඔක්‌කොම වගේ එකතු වෙනවා. තිස්‌පැය තුනක් විතර එක දිගට බලි යාගය කරනවා. පිටින් එන අයත් කැවිලි පෙවිලි හදාගෙන තමයි එන්නෙ. එක ගෙදරක මරණයක් වුණොත් ඒ ගෙදර අය උයන්නෙ නැහැ. ළඟ තියෙන ගෙවල්වලින් තමයි මළ ගෙදර අයටත් එන යන අයටත් කෑම දෙන්නෙ. මේ සිරිත නම් අදත් බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. මළ බත කියල එකකුත් තියෙනවා. ඒකත් අද බොහෝ ප්‍රදේශවල දකින්නට තියෙනවා. ඒකාලයේ සමාජයේ කා අතරත් හොඳ බැඳීමක් තිබුණා.
මහානායක හාමුදුරුවනේ, ඒ කාලෙ අපරාධ වුනත් බොහොම අඩුයි නේද?
අහන්නවත් නෑ. මිනීමැරුමක් කියන එකක් අහන්නවත් ලැබෙන්නෙ නැහැ. සමාජයේ හැම කොටසකට ම ඒ අයට වෙන් වෙච්ච වැඩ කොටසක් තිබුණා. ඒ අය ඒ ටික හරියට කළා. බුදුදහමින් ලැබුණු පෝෂණයත් සමාජ ක්‍රමයත් අනුවයි මේවගේ ලස්‌සන සමාජයක් ගොඩ නැගී තිබුණෙ. ගෙවල්වල ඉන්න හැදෙන වැඩෙන තරුණ තරුණියන් අදට වඩා හුගක් වෙනස් කියලයි මට හිතෙන්නෙ. ගෙදරක ඉන්න නිසි වයසට ඇවිත් තියෙන ගැහැණු ළමයෙකුට හොඳ පිරිමි ළමයෙක් සොයා දීම ගැන හැම දෙනාම උනන්දු වෙනවා. ඒ වගේම හොඳට හැදුණු වැඩුණු තරුණයෙක් ඉන්න ගෙදරක ඒ තරුණයාට ගැලපෙන ගැහැනු ළමයෙක් සොයා දීම ගැනත් දන්න කියන හැම දෙනාම වගේ උනන්දු වෙනවා. ඉතාම හොඳ සමාජයක් තමයි තිබුණෙ. ඒ සමාජය තුළ ගුණ ධර්ම හොඳින් ආරක්‍ෂා කරගෙන හිටියා. ඒ කාලෙ මඟුල් කපුවොත් අද වගේ අය නොවෙයි. ඒ පිළිබඳ තොරතුරු නියම විදිහට ම පැහැදිලි කරනවා. සත්‍යයම කියනවා. එකල දකින්නට ලැබුණෙ ඔවුනොවුන්ට උදව් කරන සමාජයක්. හැම දෙනෙක් ම හැම දෙයක් ම කරන්නෙ උදව්කිරීමේ අරමුණ ඇතිවයි. සුදුසු ගැහැනු ළමයෙකුට සුදුසු පිරිමි ළමයෙක් සොයා දීමත් උදව්වක් වශයෙන් තමයි කල්පනා කළේ. යහපත් සමාජයක් කියන්නේ එවැනි සමාජයකට. හොඳ ලස්‌සන යහපත් සමාජයක් හැම තැන ම දකින්නට ලැබුණා. ඒවගේ ම කරන ලද ඒ උදව් ගැන හිතල දිගට ම ඒ අයත් එක්‌ක සම්බන්ධකම් පවත්වනවා.
පිරිමි ළමයි වුණත් ඉගෙනීම සඳහා තිබුණ උනන්දුව අඩුයි. ගම්බද ඉස්‌කෝලෙක ඉගෙන ගෙන අන්තිම වශයෙන් කරන්න පුළුවන් දේ තමයි ගුරුකම. ඒ නිසා ඉතින් පිරිමි ළමයි උනත් ලොකු උනන්දුවක් දැක්‌වූයේ නෑ ඉගෙන ගන්න. කලාතුරකින් නොතාරිස් විභාගෙ පාස් කරල නොතාරිස් කෙනෙක් වශයෙන් රාජකාරි කරන අයත් හිටියා. ඒ කාලේ ඉස්‌කෝල ගුරුවරයෙකුට ලැබුණ පඩිය මාසයකට 07.50 යි. ඒ නුපුහුණු ගුරුවරයෙකුට. පුහුණු ගුරුවරයෙකුට රු 18 ක් ලැබුණා. මා ගිහින් තියෙනවා පරණ ගුරුවරු විශ්‍රාම ලබන උත්සවවලට. ඒ වගේ උත්සවවලදී ඒ ගුරුවරු කථා පවත්වන විට කියනවා අපට පඩි වශයෙන් ලැබුණෙ මෙච්චරයි කියලා. සමාජය පුරුදු වෙලා හිටියේ, ගුරුවරයා පූජනීය වස්‌තුවක් වශයෙන් සැලකීමට යි. සමාජය තුළ ඒ වගේ හැගීම් පැල පදියම් වෙලා තිබුණා. ඒ වගේ අදහස් සමාජය තුළ පැලපදියම් වෙලා තිබුණෙ ඔය ගණදෙවි හෑල්ල, සකස්‌කඩය වගේ පොත් මුල ඉදල ම කියවීම නිසයි කියල මට හිතෙනවා.
ඔබවහන්සේ පුංචි සන්දියේ පන්සල හා ගම අතර තිබුණ සම්බන්ධය මොනවගේ එකක්‌ද කියලා ඔබ වහන්සේට මතක් කරන්න පුළුවන්ද… ?
ඔය කාලේ බෙල්ලන පන්සල හොඳට තිබුණා. විහාරාධිපති හාමුදුරුවන් කියන විදිහට අනික් ඇත්තන් කටයුතු කරගෙන ගියා. ගුරුවරයාට පිටින් ගෝලයෝ වැඩ කළේ නැහැ. ගුරු-ගෝල සම්බන්ධයක් හොඳට තිබුණා. ඒකාලෙ පන්සල්වල මහණවෙලා හිටියේ ඒ ඒ ගම්වලම ඇත්තො. අල්ලපු ගමේ ඊළඟ ගමේ ඇත්තන් තමයි හිටියෙ. පිටින් ආව ඇත්තන් හිටියේ ම නැති තරම්. ඒ නිසා විශාල බැඳීමකුත් තිබුණා. අපේ හාමුදුරුවෝ කියන හැ`ගීම තදින් තිබුණ. බොහෝ විට කොහෙන් හරි නෑදැ සම්බන්ධකමක් තිබුණ. මේ ගමේ ළමයෙක් තමයි එහා ගමේ මහණ වෙලා හිටියෙ. එහා ගමේ නැනිනම් ඊට එහා ගමේ ළමයෙක් තමයි මේ ගමේ පන්සලේ මහණ වෙලා හිටියෙ. ඒනිසා දායක දායිකාවන්ගේ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. හාමුදුරුවන්ගෙ සම්බන්ධතාවත් ඉතා හොඳින් තිබුණා. කලාතුරකින් නුවරින් හෝ දකුණින් ඇවිදින් මේ පන්සල්වල මහණවෙලා හිටියෙ. නැතිනම් ඒ පළාත්වල හාමුදුරුනමක් ඇවිදින් පන්සලක් හදාගෙන පදිංචි වෙලා හිටියා. එහෙම වුණහම දායකයන්ගෙ බැඳීම හු`ගක් අඩු වුණා.
බොහෝ විට ඒ කාලයේ හාමුදුරුවරු හැඳින්වූයේ ගමේ නමින් මයි. බෙල්ලන හාමුදුරුවෝ, මාලේවන හාමුදුරුවෝ, අගලවත්තෙ හාමුදුරුවො වශයෙන්. පිටපළාත්වලින් ඇවිත් පදිංචී වූ අවස්‌ථාත් තිබුණා. බෙන්තර ඉදළ හාමුදුරුවරු පස් නමක් පස්‌දුන් කෝරළයට වැඩියා. ඒ ඇත්තො සහෝදර හාමුදුරුවරු. පස්‌දුන් කෝරළයට වැඩමවල වෙන වෙනම පන්සල් හදාගත්තා. ඒ ඇත්තො හදාගත්ත පන්සල් පහ තමයි පරණම පන්සල් පහ. ඒ ඇත්තන් අතර හොඳට සහෝදර කමත් තිබුණා. ඒ ඇත්තන් පස්‌දුන් කෝරළයට ආවේ දෙද්දුව පන්සලේ ඉඳලයි. වියන්දූවේ හාමුදුරුවෝ තමයි බෙල්ලන පන්සලේ හිටියේ. අපි ඉතිං තුන් වෙනි හතරවෙනි පරම්පරාවට අයිතියි කියල කියන්න පුළුවන්. මේ අතර ගලපාත විහාරය යි බෙන්තර වනවාස විහාරය යි කියන දෙක දෙකක් වශයෙන් සම්බන්ධකම් අඩුකර ගත්තා. කාරණය මොකක් ද කියන්න බැහැ. සම්බන්ධතාවය අඩුවෙලා ගියා. ඒ නිසා පරම්පරා දෙකක් වශයෙන් සලකන්න පුරුදු වුණා. වනවාසෙ ඇත්තන් සමඟ සම්බන්ධකම් ඈත් වුණා. නමුත් දැන්නම් එහෙම නැහැ. දැන් කවුරුත් එකට සම්බන්ධයි. ඔක්‌කොම භේද අමතක වෙලා තමයි තියෙන්නෙ.
මහානායක හාමුදුරුවනේ මහණ වුණ අවස්‌ථාවේ ඉඳල ඉදිරි කාරණා ගැන කරුණු ටිකක් සඳහන් කළොත් හොඳයි.
මං මහණ වුණේ 1923 මැයි 23 වෙනිදා. එතකොට මගේ වයස අවුරුදු නවය යි. එතකන් මම ඉස්‌කෝලෙ ගියා. ඒ කාලයේ ළමයි ඉස්‌කෝලෙ යන එක හරිම අඩුයි. මගේ පන්තියෙ හිටියෙ පස්‌දෙනයි. ඊට කලින් අවුරුද්දේ හිටියෙ තුන් දෙනයි. ඒ කාලයේ ගෙවල්වලින් ඉස්‌කෝලෙ නොයන ළමයි අල්ලලා නඩු දාන්න මහත්තයෙකුත් පත්කරල හිටියා. එයාට කිව්වෙ නඩුදාන මහත්තයා කියලා. ඒ මහත්තයා ගමේ ඇවිදලා ඉස්‌කෝලෙ නොයන ළමයින් ඉන්නවා නම් ඒ ගෙවල්වල මව්පියන්ට නඩු දානවා. බොහොම අමාරුවෙන් තමයි ඉස්‌කෝලෙට ළමයි ගෙන්න ගත්තෙ. ඉගෙනීමෙන් ඒ තරම් ලොකු වැඩක් නැහැ කියන අදහසක් තිබුණා. අකුරු ඉගෙන ගන්න එක තමයි ලොකුම දේ වශයෙන් කල්පනා කළේ. ඒ කාලෙ උපාධි තිබුණෙත් නෑ. විශ්වවිද්‍යාල තිබුණෙත් නෑ. රෝයල් කොලේඡ් එක තිබුණා. ඒ වගේ ම සුද්දන්ට රාජකාරි කටයුතු ඉගෙන ගන්න යුනිවර්සිටි කොලීජිය කියල එකක් තිබුණ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදනකම් තිබුණෙ කොළඹ යුනිවර්සිටි කොලීජිය යි. ඒකෙ ඉගෙන ගත්තේ සුදු අයත් ලොකු පවුල්වල ටික දෙනෙකුත් විතරයි.
මට ඉගෙන ගැනීමේ ආශාව තදින් තිබුණා. මං දෙවෙනි පන්තියට පාස් උනහම ලකුණු අරන් තිබුණ වැඩියෙන්. ඒ අනුව මට ඩබල් ප්‍රමෝෂන් එකක් දුන්න. එක වරටම දෙකේ ඉඳල තුනට යායුතු මට කෙළින් ම හතරට යන්න පුළුවන් වුණා. ශිෂ්‍යයන්ගේ දැනීම දෙයාකරයක් වුණාම ගුරුවරයාට වැඩ කරන්න අමාරුයි. ඒ නිසයි මාව ඉහළට දැම්මේ. ඒ කාලෙ මුලු ඉස්‌කෝලෙට ම හිටියෙ ගුරුවරු දෙන්නයි. ලොකු මහත්තයා ඇල්ගිරියේ විතාන කියලා. ඉතාම හොඳ මහත්තයෙක්. එයා කොණ්‌ඩෙ බැඳගෙන එන්නෙ. අනිත් මහත්තයා සිල්වා කියලා කෙනෙක්. එයා බණ්‌ඩාරගම මහත්තයෙක්. ඒ කාලෙ ගුරුවරුත් ශිෂ්‍යයොත් බොහෝ දෙනෙක් කොණ්‌ඩෙ බඳිනවා. අපේ පස්‌වෙනි පන්තියේ හිටියා කොණ්‌ඩෙ බැඳපු ළමයි දෙන්නෙක්. ඒ පිරිමි ළමයි. ඒ කාලෙ ගම්බද මිනිස්‌සු ඔක්‌කොම වගේ කොණ්‌ඩෙ බඳිනවා. කොණ්‌ඩෙ කැපුවොත් එක පාරටම අහනවා හිරේ ගිහිල්ල කවද්ද ආවෙ කියලා. හිරේට නියම වුණහම අනිවාර්යයෙන්ම කොණ්‌ඩෙ කපනවා.
මහණවෙන්න ආශාව මට කුඩා කාලයේ ඉදළම තිබුණා. අම්මයි තාත්තයි දෙන්නම සිල් ගන්න යනවා මාසෙ පෝයටත් පසළොස්‌වකටත්. ඒ යන කොට බොහෝ දවස්‌වල මාවත් එක්‌කරන් යනවා. එතකොට මට පන්සල දකින්ට ලැබෙනවා. විහාරෙ දකින්ට ලැබෙනවා. හාමුදුරුවරු දකින්ට ලැබෙනවා. මේ පළපුරුද්ද නිසා මට මහණ වෙන්න ආශාව තවත් වැඩි වුණා. පවුලේ අන්තිම දරුවා නිසා (බඩ පිස්‌සා) මාව මහණකරන්න ඕන කියලා මගේ මව්පියන්ගෙත් ලොකු ආශාවක් තිබුණා. පවුලේ දරුවන් අට දෙනෙක්‌නෙ. අටවෙනි දරුවා මහණ කරන්න ඕනේ කියලා තද බල ආශාවක් මව්පියන්ට ඇතිවීමත් සාධාරණ යි. මට හිතෙනවා මගේ පෙර ජාතියක බලපෑමක් ඇතුළතින් ක්‍රියාත්මක වුණා කියලා.
ඔය කාලේ ජෝතිර් ශාස්‌ත්‍රය ගැන මහත් ප්‍රසිද්ධියක් ලබාගෙන හිටියා මත්තක නායක හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩ සිටියේ කොටපිටියේ පන්සලේ. ඒ හාමුදුරුවෝ කොටපිටියේ ඉ`දලා රික්‌සෝ එකෙන් කුරුඳුගස්‌මානානෙ පන්සලට එනවා. එක රාත්‍රියක් ගත කරලයි ආපසු වඩින්නෙ. ඒ ගමනෙදි බෙල්ලන පන්සලටත් වැඩිය කියල ආරංචි වුණාම කේන්දර බලාගන්න ඕනෑ අය කේන්දරත් අරගෙන එනවා පන්සලට. ලේක් හවුස් එක ආරම්භකරන්න නැකත හදල තියෙන්නෙත් ඔය මත්තක නායක හාමුදරුවො. අපේ තාත්තත් මගේ කේන්දරේත් පන්සලට අරන් ගිහින් බලාගෙන ගෙදර ඇවිදින් අම්මාට කීවා කේන්දරේ හොඳයි ළමයාව මහණ කරන්න ඕන කියලා. ඒ වන විට අපේ ගේ ඉස්‌සරහ අලුත් ගෙයක් හදන්න වැඩ ආරම්භ කරල තිබුණ. මාත් ඉතින් පොඩි එකානෙ. එක එක දේවලට උදව් කරමින් තමයි ඒ වෙලාවෙ හිටියෙ. ඒ වෙලාවෙම තාත්තයි අම්මයි මාව මහණ කරන්න තීරණය කරනවා අහගෙන හිටියා. ඒ වෙලාවෙම මගේ ඇඟ ඇතුලෙන් කීරක් ගැහුවා වගේ අමුත්තක් ඇති වුණා. ඒක මොකක් ද කියල අදත් මට කියන්න බැහැ. මං හිතුවා මේක පෙර ජන්මයේ බල පෑමක් කියලා.
ඉතින් මාව පන්සලට බාර දුන්න මහණ කරන්න. පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ හොඳ උගත් හාමුදුරු නමක්. විෙද්‍යාදය පිරිවෙණේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හාමුදරුවන්ගෙන් ඉගෙනගත්ත ගෝල නමක්. මං මහණ වෙන්න ඉස්‌සර වෙලා මේ රන්තොටුවිල හාමුදුරුවෝ විෙද්‍යාදය පිරිවෙන අවසන් කරල පන්සලට ඇවිදින් බෙල්ලන පන්සලේ පිරිවෙනක් ආරම්භ කළා. ඒ 1913 අවුරුද්දේ. නමුත් පිරිවෙන පටන්ගත්ත වෙලාව හොඳ නැති නිසා පිරිවෙන වහන්න සිදු වුණා. ඒ දිනවලම මරක්‌කල කෝලාහලයත් පටන් ගත්තා. පළවෙනි ලෝක සංග්‍රාමයත් පටන් ගත්තා. මේ හේතු නිසා පිරිවෙන කරගෙන යන්න බැරි වුණා.
වර්ෂ 1918 වෙනකන් පිරිවෙන කරගෙන ගිය බවත් පේනවා. ගුරුවරු තුන් නමක් ඉ`දලත් තියෙනවා. අපේ ලොකු හාමුදුරුවෝ එයින් එක නමක්. කුඹල්වැල්ලේ සිරිනිවාස හාමුදුරුවෝ තව එක නමක්. බෝපිටියේ ජිනරතන හාමුදුරුවෝ තමයි අනිත් හාමුදුරුවෝ. පසු කාලෙක මම ඔය බෙල්ලන පිරිවෙනේ පරිවේණාධිපති පදවියට පත් වුණායින් පසුව මට හම්බවුණා පිරිවෙනේ පැවැත්වූ වාර විභාග ලකුණු පත්‍රයක්. ඒකාලයේ පිරිවෙන්වල විභාග පැවැත්වුණේ කවුරුහරි වැදගත් හාමුදුරු නමක් ගෙන්වාගෙන. මොල්ලිගොඩ පිරිවෙන ආරම්භකළ රයිගම නායක හාමුදුරුවො තමයි පිරිවෙනේ විභාගය පවත්වන්න වැඩමවලා තියෙන්නෙ. ඒ එකදාස් නවසිය දහ අටේ දී. ඒක බෙල්ලන පිරිවෙනේ කෞතුක වස්‌තුවක් වශයෙන් තියෙනවා. පිරිවෙන නැත්තටම නැතිවෙලා ගිහිල්ලා තියෙන අතරතුරයි මං බෙල්ලන පන්සලේ මහණ වුණේ. ඔය අතර අපේ ගුරු හාමුදුරුවො රන්තොටුවිල සෝභිත හාමුදුරුවෝ, උන්වහන්සේට මහා ලොකු කරදරයක් වුණා.
උන්වහන්සේ කොටපිටියේ පන්සලේ බණකට වැඩමවලා බණ කියන අතරතුර පන්සල කිට්‌ටුවම මහපාරේ මිනිහෙත් තව මිනිහෙකුට පිහියෙන් ඇණලා මරලා. පිහියෙන් ඇන්න මිනිහා කට උත්තරයක් දී තිබුණා ඒ වෙලාවේ පන්සලේ බණ මඩුවෙ බණ අහමින් හිටියා කියලා. නමුත් ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ ඉඳලත් නෑ. බණ අහලත් නෑ. මෙතැන දී ලොකු හාමුදුරුවන්ගෙ සාක්‌කිය ලැබුණා නම් මිනිහා එල්ලුම් ගහට යනවා. ලොකු හාමුදුරුවො මොනම සාක්‍ෂියක්‌වත් නොදී පන්සලෙන් පන්සලට යමින් හැංගි හැංගී හිටියා. ඇත්ත කීවොත් මේ මිනිහා එල්ලුම් ගස් යනවා. බොරුවක් කියන්නත් බැහැ ඒක මහණකමට හොඳ නැහැ. ඒ වෙලාවෙ ඒ මිනිහා බණ මඩුවෙ හිටියා කියලා ලොකු හාමුදුරුවො සාක්‍ෂි දුන්න නම් නිදහස් වෙනවා. නමුත් ලොකු හාමුදුරුවො ඉතාම හොඳ විනය ගරුක හාමුදුරු නමක් නිසා සාක්‍ෂි නොදී පන්සලෙන් පන්සලට යමින් කාලය ගත කළා. අවුරුදු දෙකක් විතරම හැංගිලා හිටියා. ඔය ඉතිං ඉංග්‍රීසි ආණ්‌ඩු කාලෙනෙ.
ආචාර්ය
ඉත්තෑපානේ ධම්මාලංකාර
අනු නාහිමි
http://www.pinsiri.com/%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1-%E0%B6%A4%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B7%83/
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment