BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, March 27, 2014

මල්ෂාගේ මැතිවරණ ප්‍රචාරයට තැපෑලෙන් ලක්ෂ 40ක්..ජීවන්ගේ මුදල්ද මේ ..???


එක්සත් ජනාතා නිදහස් සන්ධානයෙන් තරගවදින මල්ෂා කුමාරතුංගගේ ඡායාරූපය හා ඡන්ද ලකුණ සහිත කැලැන්ඩරයක් පසුගිය දින කිහිපයේදී තැපැල් සේවකයන් හරහා කොළඹ දිස්ත්‍රික්කය පුරා බෙදා ඇති අතර ඒ සඳහා රුපියල් 5ක මුද්දරයක් අලවා ඇති බවට තැපැල් සේවකයන් සදහන් කරයි.

තැපැල් මිලගණන් යටතේ ගත් කල රුපියල් 5 ක මුද්දරයකට යැවිය හැක්කේ ග්‍රෑම් 5ට අඩු ලියුම් වන නමුත්
එම කැලැන්ඩරයක බර ග්‍රෑම් 5ට වැඩි බවත්, රුපියල් 5ක මුද්දරයකින් එවැනි කැලැන්ඩරයක් යැවිය නොහැකි බවත් ලංකා තැපැල් සේවක සංගමය සදහන් කර ඇත.

ඒ හරහා තැපැල් අංශයට රුපියල් ලක්ෂ 40ක් ඉක්මවන පාඩුවක් සිදුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි. ඊට අමතරව තැපැල් අමාත්‍යංශයට අයත් වාහන ද ඇතැම් තැපැල් නිලධාරීන්ද ඇය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇති බවට ලංකා තැපැල් සේවක සංගමය පවසා ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger