තමන් පරදින්න ඡන්ද කර නැති බවත් කරන්නෙත් නැති බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගම්පහදී රැස්වීමක් අමතමින් කීවාය.
‘මම පරදින්න ඡන්ද කරලත් නෑ. කරන්නෙත් නෑ. . දුෂණයට,වංචාවට එරෙහි සියලූම පක්ෂ ඒකරාශී කරගෙන සභාග රජයක් පිහිටුවීම ස්ථිරයි.
අපි අනාගත පරපුරට රටක් ඉතිරි කරන්න ඕනෑ. මෛත‍්‍රීපාල සිරිසේන දේශපාලන චරිතය කාලීනව රටට අවශ්‍ය පාරිශුද්ධ දේශපාලන නායකත්වයක් බව දුෂණයට,වංචාවට එරෙහි සමස්ත ශ‍්‍රී ලාංකිකයාම පිළිගන්නවා. මෛත‍්‍රීපාල සිරිසේන පැරදවීමට රජයට කළ හැකි සෑම දෙයක්ම කරාවි. ඒත් ඒ දේ හරියන්නේ නෑ. ජනතාව බුද්ධිමත්’ යයිද ඇය කියා සිටියාය.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment