වර්තමාන රජය කුමාර් ගුණත්නම්ට එක් ආකාරයකටත් පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස පාවිච්චි කළ පිරිසකට තවත් ආකාරයකටත් සැලකීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසීය.
නිර්මාල් මේ බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් (01) මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ද කීය.
“පසුගිය පාලන සමයේ බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගත් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වීමක් දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් කුමාර් ගුණරත්නම් සම්බන්ධ කාරණයේ දී රජයේ ක්‍රියාත්මක වීම අනුමත කරන්න බෑ.
මෙම ප්‍රශ්නයේ දී රජය ප්‍රකාශ කරන්නේ ඔහු ලංකාවේ පුරවැසියකු නොවන බවයි. ඒ නිසා ඔහුට මෙරට දේශපාලනය කිරීමේ අවස්ථාව ලබාදීම ප්‍රතික්‍ෂේප කරනවා කියලයි. නමුත් එය පිළිගත නොහැකියි. පැහැදිලි ලෙසම දඬුවම් කළ යුතු තවත් විශාල පිරිසක් සිටිනවා. එම අවස්ථාවත් මගහැරිය නොහැකියි.
හැම දෙනාටම එකම ලෙස දේශපාලනය කිරීමට නිදහස තිබිය යුතුයි. එහි දී යම් යම් නීතිමය බාධාවන් ඇතිවන්නේ නම් හැකිතාක් දුරකට ඒවා අවම කිරීමට රජය පියවර ගත යුතුයි. දකුණු අප්‍රිකාව වර්ණ භේදවාදය තුරන් කිරීමත් සමගම එම අවස්ථාව ලබා දුන්නා. එවැනි තත්ත්වයක් අපේ රටේත් ඇතිකිරීම අත්‍යවශ්‍යයි.
ඒ වගේම ජනවාරි 08 දින මේ රටේ ඇති වූ දේශපාලන පරිවර්තනය මගින් අපේක්ෂිත ජනතා අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ඉදිරියේදීත් පෙනී සිටිනවා.”
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්
“පසුගිය සමයේ දී ලංකාවේ බොහෝ කණ්ඩායම් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රටින් පිට වුණා. ඔවුන් බොහෝ දෙනෙක් ලංකාවෙන් ගියේ දෙවුන්දර, බේරුවල නොඑසේ නම් මීගමුව ආදී ප්‍රදේශවලින් ධීවර බෝට්ටු භාවිතයට ගනිමිනුයි.
ඒ ආකාරයට ලංකාවෙන් බැහැර වූ කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට යළිත් මෙරටට පැමිණෙන්න කියා නව රජය බලයට පත්වූ වහාම ඉල්ලීමක් කළා. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් ලෙස අපි දකිනවා.
නමුත් මෙලෙස ආරාධනා කිරීමෙන් නොනැවතී ඒ සඳහා අවශ්‍ය වටපිටාව ද සකස් කළ යුතුයි. එය රජයේ වගකීමක්. ඊට විශාල යාන්ත්‍රණයක් තිබිය යුතුයි.
කුමාර් ගුණරත්නම් රටින් පිටවී ගියේ ඔහුට ජීවිත අවදානමක් තිබූ නිසයි. ඔහු පසුගිය දා නැවත ලංකාවට පැමිණියා. නමුත් ඔහු සම්බන්ධයෙන් තිබෙන මූලික කරුණු බරපතළයි. කෙසේ වෙතත් දැන් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය ලබාදිය යුතුයි.
දැන් යුද අවදානමක් රටේ නෑ. එම නිසා ආගමන, විගමන නීති උල්ලංඝනය කරමින් රටින් පිට වූ, නැවත මෙරටට පැමිණි අයට සමානාත්මතාවෙන් සැලකිය යුතුයි. එසේ නැතිව තෝරාගත් පිරිසකට පමණක් සලකමින් කටයුතු නොකළ යුතුයි. මේ සඳහා පොදු යාන්ත්‍රණයක් අවශ්‍යයි.”
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික
මෙම රජය බලයට පත්වූයේ නැති වූ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම යන පොරොන්දුව ජනතාව හමුවේ තබමින්. නමුත් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා.
පසුගිය රජය සිසු ව්‍යාපාර මර්දනය කරමින්, ශිෂ්‍ය නායකයන් සිරභාරයට ගනිමින්, සිසුන් සිරභාරයට ගනිමින් ක්‍රියා කළා. මර්දනය සඳහා නීතිය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් අපිට අත්දැකීම් තිබෙනවා.
අපි හිතනවා කුමාර් ගුණරත්නම් සම්බන්ධ ප්‍රශ්නයේ දී ක්‍රියාත්මක වන්නෙත් ඒ ආකාරයේ දෙයක් කියා. මෙම මර්දන පිළිවෙත අපි හෙළා දකිනවා.
ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යවේදී සංගමයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත ඇතුළු තවත් සමාජ ක්‍රියාකරීන් හා වෘත්තීය සමිති නියෝජිතයෝ කිහිප දෙනෙක් ද මෙහි දී අදහස් දැක්වූහ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment