මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු...!
බස්නාහිර
පක්ෂය | ප්‍රතිශතය (ආසන) 2009 | ප්‍රතිශතය (ආසන) 2014 | වෙනස |
එ.ජ.නි.ස | 64.73% (68) | 53.35% (56) | -12 |
එජාපය | 29.58% (30) | 26.59% (28) | -2 |
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 7.97% (9) | +9 | |
ජ.වි.පෙ | 2.42% (3) | 6.16% (6) | +3 |
මුස්ලිම් කොන්ග්‍රසය | 2.12% (2) | (2) | - |
ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන | 0.51% (1) | (2) | +1 |
දකුණ
පක්ෂය | ප්‍රතිශතය (ආසන) 2009 | ප්‍රතිශතය (ආසන) 2014 | වෙනස |
එ.ජ.නි.ස | 67.88% (38) | 58.06% (33) | -5 |
එජාපය | 25.09% (14)) | 25.77% (14) | 0 |
ජ.වි.පෙ | 6.11% (3) | 9.05% (5) | +2 |
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය | 6.27% (3) | +3 | |
මුස්ලිම් කොන්ග්‍රසය | 0.55% (0) | (0) | 0 |
මේ අනුව පැහැදිලිවම විශිෂ්ඨ ජයග්‍රහනයක් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන තිබෙන බවක් මතුපිටින් පෙනුනත් සැබැවින්ම ඔවුන්ගේ පසු බැසීමක් දැකිය හැකි. විශේෂයෙන් බස්නාහිර පලාත සභාව තුල ආසන 10ක් අහිමි වී ඇති අතර දකුණු පලාත් සභාව තුල අහිමිව ඇති ආසන සංඛ්‍යාව 5ක්.
මැද කොළඹ,උතුරු කොළඹ සහ බටහිර කොළඹ ආසන වල පාලක ඒජනිස තෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. ඒ පෙදෙස්වල සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් විශාල වශයෙන් ජනතාව ඉවත්කරමින් පවතින නිසා මේ ප්‍රතිපලය එයට විරෝධය පලකිරීමක් විය හැකි බවයි විචාරක මතය.
ගුවන්තොටුපලවල්, අධිවේගී මාර්ග ඇතුලු මෙකී නොකී සංවර්ධන ව්‍යාපෘති ගනනාවක් දකුන කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වෙද්දීත් දකුණු පලාත් සභාව තුල බුලත් කොලය පසු බැසීම අවධානයට යොමු විය යුත්තක්!
නායකත්ව අර්බුද සහ මණ්ඩලේ කචල් තිබියදීත් එජාපයේ බලාපොර්තු වූ තරම් පසුබෑමක් විද්‍යාමාන වන්නේ නැත. බස්නාහිරෙන් ආසන 2ක් අහිමිවීම පමනයි සිදුව ඇත්තේ. ඒ අනුව ඔවුන්ගේ ඡන්ද පදනමේ ලොකු පසු බැසීමක් හෝ කැඩී යාමක් දක්නට ලැබෙන්නේ නැත. නිසි අයුරින් සංවිධානය වී , කලකිරි ඇති පාක්ෂිකයන් ඡන්ද පොලට ගෙන්වා ගත හැකි ක්‍රමවේදයක් තිබුනේ නම් සෑහෙන ප්‍රගතියක් ඔවුන්ට අත්කර ගත හැකිව තිබුනා.
මේ මැතිවරණයේ සැබෑ ජයග්‍රහකයා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. පලමු වරට මේ පලාත් සභා සඳහා තරඟ වැද බලාපොර්තු නොවූ අයුරින් තමන්ගේ ආගමනය සටහන් කර ඇතිවා පමනක් නොව ලංකාවේ ප්‍රධානම පළාත් සභාවේ තෙවන බලවේගය බවට පත්වී තිබීම ප්‍රසංශණියයි.
එවැනි ඒක පුද්ගල කේන්ද්‍රීය පක්ෂයක් මෙතරම් ඡන්ද ප්‍රමානයක් ලැබීම ගැන පෞද්ගලිකව මං පුදුම වෙනවා. වරක් දමිත් කේතක පැවසූ පරිද්දෙන් එම පක්ෂය යටතේ නාම යෝජනා ලබා ගැනීමට බොහො විට ඉදිරිපත් වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නාම යෝජනා නොලැබූ අයයි. මේ පක්ෂය තුල ඔවුන්ගේ දේශපාලන අනාගතයේ ඇති අවිනිශ්චිතභාවය නිසාවෙන්ම තේරුණු අපේක්ෂකයින්ගේ පිල් මාරු බලාපොර්තු වෙන්න පුලුවන්!
අවසානව ජනතා විමුක්ති පෙරමුණ දෙසට හැරෙමු!
ඔවුන්ගෙත් යම් කිසි ආකාරයකින් ප්‍රගතියක් දක්නට පුලුවන්. විශේෂයෙන් නව පරම්පරාවේ අලුත් ඡන්ද බොහොමයක් මා දන්නා තරමින් බැර උනේ ඔවුන්ට. මේ ප්‍රවනතාවය සහ නව නායකත්වය යටතේ ඉදිරිය සුභ බවයි පෙනෙන්නට තිබෙන්නේ!
මේ සාම්ප්‍රදායක මාධ්‍ය නොකියන්නට ඉඩ තිබෙන, එහෙත් මතුපිටින් පෙනෙන අයිසින් එකට යටින් තියෙන කතාවයි. අදින් අරඹා සති ගනනකට අති විශිෂ්ඨ ජයග්‍රහනයක් ලෙස නයිටීඑන් ඇතුලු රාජ්‍ය මාධ්‍ය හුවා දක්වන කතන්දරයේ ඇතුලු පැත්තෙ මේකයි. ඒ රජය ජයග්‍රහනය කලත් පැරදී ඇති බවයි!
*ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන පක්ෂවල දත්ත පමණි!
*වෙනස : + යනු අලුතෙන් එකතු වූ, - යනු අහිමි වූ
Post a Comment