මතකයක් කියන්නෙත් හිනැහෙන්න කාලයක්
ඡන්දයක් කියන්නෙත් කැම්පේන් ලෝකයක්
වෙඩිල්ලක් කියන්නෙත් එක්තරා වාසියක්
චන්ද්‍රිකත් ඉස්සරම ඇන්දා සුදු සාරියක්
තලතලත් සුදු සාරි අරගත්තා මහා ගොඩක්
ඡන්දෙකදි මැරෙන එක පරපුරක ඇරඹුමක්
ගැහැනියක් කියන්නෙත් තවත් එක පෙර පිනක්

පන්සලක් කියන්නෙත් පව් මකන තව තැනක්
හෙරෝයින් කියන්නෙත් එක්තරා වචනයක්
සාටකේ කියන්නෙත් එල්ලෙන්න මරු වැලක්
රැවටෙනවා කියන්නෙත් පුරුදු උන සෙල්ලමක්
දුමින්දට අමතකයි භාරතව නැහැ සැකක්
හිරුණිකා කියන්නෙත් චන්දෙ ළඟ තව ඇමක්
ජනතාව කියන්නෙත් බල නොදත් රළ පෙලක්
ආණ්ඩුව කියන්නෙත් මහා ගොඩක් යන නැවක්
බූන්දි අඩවියෙන් උපුටා ගැනීමක්....
Post a Comment