BREAKING NEWS

රටතොට

Friday, January 31, 2014

දෙමළ ඊළාම් පිපාසය සමඟින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය කරා ගමන් කරන යුක්තිය සඳහා වන පා ගමන (සන්කදි 24 වෙබ් අඩවිය)

 බෙදුම්වාදී අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා සීමිත පිරිසකගෙන් සැදුම්ලත් ජාතිවාදී කණ්ඩායම් සාවද්‍ය තොරතුරු ජනතාව අතර පැතිරවීමට උත්සාහ දරයි .ඒ සඳහා ඔවුන් උපයෝගී කරගන්නා දමිළ මාධ්‍යයන් වෙතින් පලවන සාවද්‍ය තොරතුරු ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි .

අති විශාල  පිරිසක  මධ්‍යයේ ආරම්භ වූ සැටියි මේ....

කාලාන්තරයක් පුරාවට සැලසුම් සහගත අන්දමින් ජාතිඝාතනයකට ලක්කරන දෙමළ ඊළමෙහි දෙමළ ජනතාවට යුක්තිය ඉල්ලා සිටිමින්ද, අපගේ ප්‍රාණයටත් වඩා උසස් මවිබිම සිංහල ජාතිවාදයෙන් මුදා ගැනීමටත්, 

දෙමළ ඊළාම් පිපාසයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය කරා යුක්තිය සඳහා වන පා ගමන 2014.01.29 වන දින මධ්‍යහන 12.00ට නෙදර්ලන්තයේ ඩෙන්හාක් නගරයේ (Maanweg 174 Den Haag) ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරිපිට මුත්තුකුමාර් අනුස්මරණ වැඩසටහන සමගින් ආරම්භ විය.march_eelam2

මෙම පා ගමනට සහභාගී වන නෙදර්ලන්තයේ පදිංචි සුරී, බ්‍රිතාන්‍යයේ පදිංචි ශිවන්දන්, ජර්මනියේ පදිංචි සෙන්දිල් කුමරන් සහ ප්‍රංශයේ පදිංචි විත්ති ආනන්දන් යන අයගේ ප්‍රජාතක්ත්‍රවාදී සටන ජයග්‍රහණය කරවීම සඳහාත්, ඔවුන්ට සුභ පැතීම සඳහාත්, යුරෝපයේ ජීවත්වන දෙමළ ජනතාව ආරම්භක වැඩසටහනට සහභාගී විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කරා ගමන් කරන යුක්තිය සඳහා වන පා ගමනට සහභාගි වන ඥාතීන්ව දිරිමත් කිරිමක් වශයෙන් නෙදර්ලන්තයේ දෙමළ තරුණයින් පාගමනේ නිරතව සිටියි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලිපියක්ද භාරදීම සිදුව ඇත.march_eelam
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේත් එක්සත් ජාතින්ගේ සංවිධානය කරා යුක්තිය සඳහා වන පා ගමන උද්යෝගයෙන් යුතුව ගමන් කරයි. 031684999900 යන දුරකථන අංකය අමතා එම පා ගමනේ නිරත ඥාතීන්ට සුභ පැතුම් පල කල හැකිය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger