නවනීදම් පිල්ලේ විසින් ඉදිරිපත් කරනු ලබන වාචික වාර්තාවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තුනක් විසින් ලබාදුන් කරුණූ ද ඇතුලත් වන බැවින් නවනීදම් පිල්ලේගේ වාර්තාව ස්වාධීන නිරික්‍ෂණයකින් ගොඩනැගුණු වාර්තාවක් නොවන බව ද වාර්තා වෙයි...මේ අද ආරම්භ වූ එක්සත් ජාතින්ගේ 24 වැනි මානව හිමිකම් සැසිවාරය ඡායාරූප අප ලංකා නිව්ස් අඩවියට ලැබී ඇති අයුරු....අපගේ ස්විට්සර්ලන්ත විශේෂ නියෝජිත කපිල ගුණසේකර ගෙන්...
.jpg)
ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය සහ ජනමාධ්‍යවේදින්ට එල්ලවන විවිධ තර්ජන හා ප‍්‍රහාර යනාදිය පිළිබඳව නවනීදම් පිල්ලේ විසින් සිය සමාරම්භක දේශනයේදි විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි ද වාර්තා වෙයි.
ලබන මස 25 වෙනිදා මහකොමසාරිස්වරිය සිය ශ‍්‍රි ලංකා නිල සංචාරය පිළිබඳව මෙම සැසිය හමුවේ සම්පූර්ණ වාචික කරුණු දැක්විමක් සිදුකළ යුතුව ඇත.
මෙම සැසිය සඳහා ශ‍්‍රි ලංකාව වෙනුවෙන් ජිනීවා හි ශ‍්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ ප‍්‍රමුඛව නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදෙශ කටයුතු අමාත්‍යංශයේ නියෝජිත පිරිසක් සහභාගිවන අතර ඔවුනට මෙරට වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කිරිමට අවස්ථාව ලැබෙනුයේ ලබන 25 වෙනිදා ය. එහිදි, රවිනාථ ආර්යසිංහ විසින් විනාඩි 02ක පමණ කාලයක් පිළිතුරු ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මහකොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලබන වාචික වාර්තාවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තුනක් විසින් ලබාදුන් කරුණූ ද ඇතුලත් වන බැවින් මහකොමසාරිස්වරියගේ වාර්තාව ස්වාධීන නිරික්‍ෂණයකින් ගොඩනැගුණු වාර්තාවක් නොවන බව ද වාර්තා වෙයි..
Post a Comment