ජාත්‍යන්තර නිරීක්‌ෂකයන්ගේ සහභාගිත්වය මත ලබන ජනවාරි 1 දාට පෙර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු සිය ඉල්ලීම් ඉටුකළ යුතු බවට ද්‍රවිඩ සන්ධානය කළ ඉල්ලීම රජය ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.
උතුරේ ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ලෙසකින් තෙවැනි පාර්ශ්වයක් සම්බන්ධ කරගන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම හා 13 ට එහා ගිය බලතල ලබාදීම ඇතුළු කරුණු 10 ක් ඉටු කිරීමේ අවසාන දිනය ජනවාරි 1 දා යෑයි ද්‍රවිඩ සන්ධානය විසින් දන්වා ඇත.
මෙම ඉල්ලීම ඉටු නොකළහොත් විරෝධතාවක් ආරම්භ කරන බවටද ද්‍රවිඩ සන්ධානය සඳහන් කර තිබේ. මේ අතර බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලාරා ඩේවිඩ් හා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවැති රහස් සාකච්ඡාවක් ගැනද රජයට වාර්තා වී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment