සැමදා වලංගු නොවෙනස් දහමක් යථාර්තවාදීව සරළ ලෙසින් පෙන්වා දුන් පසුගිය දිවයින කතුවැකියක මතකයක්.....
කෙසේ වුවද මේ වන විට පසුගිය ආණ්ඩුව අතහැර මේ පැත්තට ආ බොහෝමයක් තම බල කාලය තුළ හොඳටම හම්බ කරගත් අය ය. තම නමට ගැනීමට බැරි දේපළ බිරිඳගේ නමට, බිරිඳගේ මල්ලීගේ නමට, ඒ මල්ලීගේ නෝනාගේ නමට, ඒ නෝනාගේ නංගීගේ නමට යනාදී වශයෙන් රැස්‌කර ගත් ගත් අය ඕනෑ තරම් වෙති. ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්‌ඩුවකදීත් මේ මිනිසුන්ම රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට පිළිගැනීමක් තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට එළැඹෙන්නේ අඩ කල්පයක්, කල්පයක් හෝ කල්ප ලක්‍ෂයකට පසුව ය. එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්‌ඩුවේ ඇමැති මේ ආණ්‌ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්‌ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
මරණීය දණ්‌ඩනයට ලක් වූ ඉන්දීය කුඩුකාරයන් හතරදෙනා නිදහස් කිරීම බරපතළ වරදක් බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ විසින් පවසනු ලැබ ඇත. ආණ්‌ඩුව එම කටයුත්ත කළේ කෙටි කාලීනව ඉන්දියාව සතුටු කිරීමට වුවද ඒ ගැන රට දැයට හිතැති වැඩි දෙනා තුළ ප්‍රසාදයක් නැති බව අපි ද දනිමු. ඉහත සඳහන් පියවරට අනුව දැනට මේ රටේ හිරගෙවල්වල සිටින කුඩුකාරයන් සියලුම දෙනා නිදහස් කළ යුතු අතර ආරක්‍ෂක අංශ අතින් වැරදීමකින් වෙඩි වැදී මියගිය කුඩුකාරයන් සියලුම දෙනාගේ ද පණ ඉපදවිය යුතු ය. එහෙත් මෙහි ඇති ලොකුම අර්බුදය වන්නේ ඕමල්පේ සෝභිත අපේ හාමුදුරුවන් වහන්සේ මේ බව දෙසා වදාරන්නේ හෙළ උරුමය ආණ්‌ඩුවෙන් ගියාට පසුව වීම ය. ඉන්දියානු කුඩ්ඩන් නිදහස් කරන්නට ආණ්‌ඩුව තීරණය කරන විට හෙළ උරුමය සහ ආණ්‌ඩුව අතර මතවාදී අරගලයක් තිබුණද අතුරලියේ රතන හිමි, චම්පික රණවක, උදය ගම්මන්පිල යන හෙළ උරුම හමුදාව ගෙඩිය පිටින්ම ආණ්‌ඩුව තුළ සිටියහ. දැන් අශ්වයා පැන ගොස් ය. ඉස්‌තාලය දරට විකුණලා ය. එය තිබූ ඉඩම ටුවරිස්‌ට් හෝටලයකට දී අවසන් ය. අහළ පහළ ඉඩම් දෙකකින් එකක් මසාඡ් ක්‌ලිනික් එකකට ද අනෙක ආයුර්වේද රූපලාවන්‍යාගාරයකට ද බදු දී ඇත. ඒ නිසා අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වැසීමට සමාන වන කතා තබා ඉන් එහා කතන්දර පවා වලංගු නැත. හිමියනි, කාලය යනු ගෙවෙන දෙයකි. එබැවින් කාලය නොවළ මේ ප්‍රකාශ කළ යුතුව තිබුණේ කල් තබා ය.
ආණ්‌ඩුවේ ඇතැම් තීන්දු ගැන තමන් වහන්සේ තුළ කිසිදු සතුටක් නැතැයි මහානායක දවුල්දෙන ඥනිස්‌සර හාමුදුරුවෝ පවසති. දවුල්දෙන මහානායක හිමියන්ගේ පමණක් නොව රටේ උගත් නූගත් සෑහෙන පිරිසකගේ මතය ද මෙය ය. පසුගිය ආණ්‌ඩුව යුද්ධය ජය ගැනීම ගැන වැඩි දෙනා කැමැති ය. එයට අකමැත්තෝ ස්‌වල්පයකි. බෙදුම්වාදී නඩය, එන්. ජී. ඕ. ගැංසිය, සාම ව්‍යාපාරික ප්‍රජාව, යුද්ධය ජයගැනීමේ අවස්‌ථාව තමන්ට නොලැබී මහින්දට ලැබීම ගැන ඉරිසියාවෙන් පුපුරණ අය එසේ නොකැමැතිව සිටින අය ය. එහෙත් යුද්ධයෙන් පසු රට පාලනය කෙරුණු හැටි ගැන හැමටම ප්‍රශ්න ඇත. පාරවල් හැදීම, දිවිනැඟුම වැනි වැඩසටහන් ස්‌වල්පයක් හැර මිනිසුන්ට බඩට දැනෙන වැඩක් වූයේම නැත. අමාත්‍යාංශ වැඩි හරියක ඇමැතිවරුන්ගෙන් කඳ බඩ තර නොවූයේ පාඨලී චම්පික රණවකගේ පමණි. ඔහු කෙට්‌ටු වීම පිණිස ව්‍යායාම කළේද, නැත්නම් ජරාව නොකෑම නිසා කෙට්‌ටු වීද යන්න අපි නොදනිමු. කෙසේ වුවද මේ වන විට පසුගිය ආණ්ඩුව අතහැර මේ පැත්තට ආ බොහෝමයක් තම බල කාලය තුළ හොඳටම හම්බ කරගත් අය ය. තම නමට ගැනීමට බැරි දේපළ බිරිඳගේ නමට, බිරිඳගේ මල්ලීගේ නමට, ඒ මල්ලීගේ නෝනාගේ නමට, ඒ නෝනාගේ නංගීගේ නමට යනාදී වශයෙන් රැස්‌කර ගත් ගත් අය ඕනෑ තරම් වෙති. ඉතා නරක සිද්ධිය වන්නේ ඊළඟ ආණ්‌ඩුවකදීත් මේ මිනිසුන්ම රාජ්‍ය පාලකයන් ලෙස අපට නැවත හමු වීම ය. මෙය සංසාර සාගරය බඳු කතාවකි. සංසාර සාගරයේ කිසියම් තැනකදී එකිනෙකා නැවත හමුවන බවට පිළිගැනීමක් තිබේ. එහෙත් ඒ අවාසනාව හෝ වාසනාව බොහෝ විට එළැඹෙන්නේ අඩ කල්පයක්, කල්පයක් හෝ කල්ප ලක්‍ෂයකට පසුව ය. එහෙත් දේශපාලනයේදී සිදුවන්නේ එකම හොරා නැවත නැවතත් මේ ආත්මයේදීම ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට, මාරුවෙන් මාරුවට හමුවීම ය. ගිය ආණ්‌ඩුවේ ඇමැති මේ ආණ්‌ඩුවෙත් ඇමැති ය. ලබන ආණ්‌ඩුවෙත් ඇමැති ය. අප මැරෙන තුරුම ඔවුහු ඇමැතිවරු ය. ඔවුන් මැරෙනතුරුත්, ඔවුන් මැරුණු පසුත් අප හිඟන්නෝ ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment