BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 1, 2014

මෛත‍්‍රීගෙන් අලූත් කල්ලියක්..

කඩන්න උවමනා වන්නේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද බැවින් එය සිදු කල යුත්තේ මහින්දට වඩා සිංහල බෞද්ධයෙකු යයි පෙන්වීම මගින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගැටුම්කාරී ආකාරයක් සිදු නොකල යුතු බවත් ශිරාල් ලක්තිලක මහතා විසින් සංඛ්‍යාලේඛණද සහිතව සඳහන් කර ඇත.  ඒ වෙනුවට ජිවන වියදම, විරැකියාව ආදී මාතෘකා මැතිවරණ වේදිකාවේ වැඩි වැඩියෙන් මතු කල යුතු යයිද පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර යුධ අධිකරණයකට ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හෝ කිසිදු රණවිරුවෙක් ගෙන යාමට ඉඩ නොදෙන බවට පසුගියදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත්තේ මෙහිදී ගත් තීරණයක් අනුවය.
චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ වැඩි වශයෙන් මතු කිරීම අවාසි දායක යයිද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇති මෙම කණ්ඩායම ඒ වෙනුවට මැතිවරණ වේදිකාව ප‍්‍රධාන ලෙසම මෛත‍්‍රීපාල සිරිසේන, සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක වෙත විවෘත කල යුතු බවද අවධාරණය කර තිබේ.
 මෙහිදී අදහස් දක්වා ඇති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් තමන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ ව්‍යාපාරයෙන් පසුපසට කර දමන බව සඳහන් කර ඇත.



පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණට අදාලව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා මංගල සමරවීර යන මහත්වරුන් විසින් සකසන ලද ප‍්‍රචාරක සැලැස්ම ඉවත දමා නව ප‍්‍රතාරක සැලැස්මක් අනුව කටයුතු කිරීමට පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන, ශිරාල් ලක්තිලක, චම්පික රණවක, නන්දන ගුණතිලක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්යෙන් කොළඹ පිහිටි මෛත‍්‍රී ගුණරත්නගේ නිවසේදී පැවති ජනාධිපතිවරණ මෙහෙයුම සම්බන්ධයෙන් වූ සාකච්චාවකදී අවධාරණය කෙරී ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක මාදිලිය වහා වෙසන් කර යුතු බවයි.
කඩන්න උවමනා වන්නේ තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද බැවින් එය සිදු කල යුත්තේ මහින්දට වඩා සිංහල බෞද්ධයෙකු යයි පෙන්වීම මගින් බවත් සිංහල බෞද්ධ ඡන්ද දිනා ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගැටුම්කාරී ආකාරයක් සිදු නොකල යුතු බවත් ශිරාල් ලක්තිලක මහතා විසින් සංඛ්‍යාලේඛණද සහිතව සඳහන් කර ඇත.  ඒ වෙනුවට ජිවන වියදම, විරැකියාව ආදී මාතෘකා මැතිවරණ වේදිකාවේ වැඩි වැඩියෙන් මතු කල යුතු යයිද පෙන්වා දී ඇත.ජාත්‍යන්තර යුධ අධිකරණයකට ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හෝ කිසිදු රණවිරුවෙක් ගෙන යාමට ඉඩ නොදෙන බවට පසුගියදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත්තේ මෙහිදී ගත් තීරණයක් අනුවය.
චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික‍්‍රමසිංහ වැඩි වශයෙන් මතු කිරීම අවාසි දායක යයිද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇති මෙම කණ්ඩායම ඒ වෙනුවට මැතිවරණ වේදිකාව ප‍්‍රධාන ලෙසම මෛත‍්‍රීපාල සිරිසේන, සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක වෙත විවෘත කල යුතු බවද අවධාරණය කර තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් තමන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණ ව්‍යාපාරයෙන් පසුපසට කර දමන බව සඳහන් කර ඇත. දෙමළ ජාතික සන්දානය සමඟ එකඟතාවයට යාම සිංහල ඡන්ද පදනමට දැඩි බලපෑමක් සිදු කරන නිසා ඔවුන් සමඟ ලිඛිත ගිවිසුමකට නොයා මැතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමේ එකඟතාවයක් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger