දූෂිතයින් මේ වන විට රට හැර යමින් සිටිනා බවත්, ඔවුනට නිදැල්ලේ රට හැර යාමට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුලූ පිරිසකට එරෙහිව හෙට දිනයේදී අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවයි.
"ඔවුන් කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජනතාවගෙන් කොල්ල කෑ ධනය විදේශගත කරමින් සිටිනවා. මෙවැනි කි‍්‍රයාමර්ගවලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දැඩි විමසිලිමත්භාවයකින් කටයුතු කරනවා. එහි පළමු පියවර වශයෙන් ජනවාරි 13 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ අජිත් නිවාඞ් කබ්රාල් යන අයට එරෙහිව පැමිණිලි ගොණු කරනවා. ඒ වගේම හෙජින් ගිවිසුමට අදාලවත් පැමිණිලි කරනවා. මේ වැනි දූෂිත පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී තවත් පැමිණිලි ගණනාවක් කිරීමට ලිපිගොනු සකස් කිරීමට නිරීක්‍ෂණ කටයුතුවල යෙදී සිටිනවා."
රජය ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන දින 100 වැඩපිළිවෙල සඳහා තම මැදිහත්වීම පිළිබඳවද ඔහු මෙහිදී පැහැදිළි කළේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment