උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ තරුණයකු අනියම් බිරියකගෙන් කප්පම් ගැනීමේ සිද්ධියකට සම්බන්ධව (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ උෟරගස්මංහන්දිය පදිංචි 21 හැවිරිදි කුරුඳු තැළුම්කරුවෙකි.
කාන්තාවගේ නිවෙසේ කුරුඳු තැළීම සඳහා පැමිණි තරුණයකු හා හැටපස් (65) වියැති ගෙහිමි කාන්තාව හිතවත් වී අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා ඇඳ මත අඹුසැමියන් ලෙස හැසිරෙන අයුරු තරුණයා ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇත. පසු දිනෙක මිතුරකු සමඟ එම කාන්තාවගේ නිවෙසට පැමිණ වීඩියෝ දර්ශන එම කාන්තාවගේ දරුවන්ට පෙන්වන බවට තර්ජනය කරමින් එසේ නොකර සිටීමට රුපියල් 2,500ක මුදලක් ලබාගෙන ඇත.
ඊළඟ දිනෙක තවත් රුපියල් 3,500ක් ඉල්ලා ගෙන ඇත. ඉන්ද නොනැවතී තව දිනෙක පැමිණ මුදල් ඉල්ලා කාන්තාවට කරදර කර ඇත. ඇය සතුව මුදල් නොවූ බැවින් තරුණයා හා ඔහුගේ මිතුරා රූපවාහිනි යන්ත්‍රය රැගෙන ගොස් ඇති අතර තවත් දිනෙක එම කාන්තාව සමඟ සිටි ඇඳ රැගෙන ගොස් ඇත. එලෙස දිගින් දිගටම කරදර කරන බැවින් කාන්තාව උෟරගස්මංහන්දිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සිද්ධියට සම්බන්ධ එම කාන්තාවගේ අනියම් සැමියා සැකපිට අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගේ මිතුරා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පැනගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ. සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment