අලූත් පරපුරේ අමුතු ගැටේ....ඇය රෝහල්ගතව අසාධ්‍ය තත්වයෙන් ට්‍රොලියක තබා තල්ලූ කරගෙන යන ආකාරයද රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය විය.මේ එම නාලිකාවල විකාශණය නොවූ දර්ශණය..
"කුඹුක් ගැටේ අමුතු ගැටේ" 2
(ගරු රඟපෑම්)ඒකාධිපති වියරුවකට දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි කලා ගැටව් සහ ගැටිස්සියන් අතරේ සිටි සමනලී ෆොන්සේකා ද අපූරුවට රඟපෑමට හැකි රසික හදවත් 'හොල්මන් ' කළ හැකි රංගනාවියකි. දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි සමනලීලාට අන්තිමේදී සිදුවුණේ 'කෑවා බැටේ' කියන්නය. සමනලීගේ පපුවට ද ගලක් වැදුනේලු.
ඉන් අනතුරුව ජනතාව දකින්නේ ට්‍රොලියක් මතින් රැගෙන එන සමනලී රෝහල්ගත කරන අයුරුය. ඇය ගිලන් ඇඳ මත වැතිර සිටින අයුරුය. සමනලියක් බඳු සමනලීගේ පපුවට ගලක් ගසන්නට තරම් දරුණු වූයේ මොකාද...? මේ දසුන් දකින ප්‍රිය රසිකයෝ උතුරා යන ද්වේෂයෙන් යුතු සිතින් ප්‍රහාරකයාගේ කැවුතු සොයති.
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කලා ලෝකය දෙකඩ වී කඩේ යති. ඔය අතරේ 'අලුත් පරපුර' නමින් පිහිටුවාගත් කලා සංගමයක් ද කඩේ යන්නට පටන්ගත්තේය. ඔවුන් කඩේ ගියේ පොළටය. කුරුණෑගල කුඹුක්ගැටේ පොළටය. එතැනදී කලාකරුවන්ට ප්‍රහාරයක් එල්ල වේ. මේ දවස්වල නිළියන් පමණක් නොව චිත්‍රපට කැමරාව ඉදිරියේදී චණ්ඩි වන නළුවන් පවා රූපවාහිනී මාධ්‍ය කැමරා ඉදිරියේ හොටු පෙරමින් හඬන්නේය. ඵපමණුකුදු නොව මුදල් අරභයා කෙරෙන මේ ව්‍යාජ රංගනයේදී තමන් හදාවඩා ගත් දෙමාපියනට මෙන්ම අප මාතෘ භූමියටද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉතා අශික්කිත ලෙස බැණ වදිති...මේ දේශ ද්‍රෝහී අපතයන් සැබවින්ම අපේ රටට අවැසි නැත.තව දුරටත් මුන්ට සම්මාන සහයෝග දෙමින් ඔසවා තැබිය යුතුද...???
ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කලා ලෝකය දෙකඩ වී කඩේ යති. ඔය අතරේ 'අලුත් පරපුර' නමින් පිහිටුවාගත් කලා සංගමයක් ද කඩේ යන්නට පටන්ගත්තේය. ඔවුන් කඩේ ගියේ පොළටය. කුරුණෑගල කුඹුක්ගැටේ පොළටය. එතැනදී කලාකරුවන්ට ප්‍රහාරයක් එල්ල වේ. මේ සිද්ධිය සහ එයට පසු සිදුවීම් ගැන ඊයේ 'දිවයින' කතුවැකියේ සඳහන් වුණි.
කලාකරුවා යනු කලහ කරුවෙක් ලෙසින් දකින්නට රසිකයා කැමති නැත (අද කලාකරුවන් අතර කප්පරක් කලහ ඇති බව වෙනම කථාවකි) ඔහු හෝ ඇය රසිකයාගේ මනස වශී කළ සුන්දර චරිතයකි. මේ අයගේ රඟපෑම කොතෙක් සාර්ථක ද කියනවා නම් පබා ඡන්දය ඉල්ලද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වන්නේය. ඒ කියන්නේ තිරය මත අහිංසකාවියට, දේශයක් පාලනය කරන හෙවත් දේශපාලන බලය දීමට තරම් රසිකයා තුළ අනුකම්පාව උපදින්නේය. තවත් විදිහකින් කිවහොත් තම රසිකයාව, රඟපෑම සහ යථා ස්වභාවය වෙන වෙනම තේරුම් ගැනීමට නොහැකි ඔලමොට්ටලයන් බවට පත්කිරීමට තරම් මේ අහිංසකාවියන්ගේ රඟපෑම ප්රබලය.
ඒකාධිපති වියරුවකට දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි කලා ගැටව් සහ ගැටිස්සියන් අතරේ සිටි සමනලී ෆොන්සේකා ද අපූරුවට රඟපෑමට හැකි රසික හදවත් 'හොල්මන් ' කළ හැකි රංගනාවියකි. දෙන්නම් බැටේ කියා කුඹුක්ගැටේට පැමිණි සමනලීලාට අන්තිමේදී සිදුවුණේ 'කෑවා බැටේ' කියන්නය. සමනලීගේ පපුවට ද ගලක් වැදුනේලු.
ඉන් අනතුරුව ජනතාව දකින්නේ ට්‍රොලියක් මතින් රැගෙන එන සමනලී රෝහල්ගත කරන අයුරුය. ඇය ගිලන් ඇඳ මත වැතිර සිටින අයුරුය. සමනලියක් බඳු සමනලීගේ පපුවට ගලක් ගසන්නට තරම් දරුණු වූයේ මොකාද? මේ දසුන් දකින ප්‍රිය රසිකයෝ උතුරා යන ද්වේෂයෙන් යුතු සිතින් ප්‍රහාරකයාගේ කැවුතු සොයති.
මේ ද්වේෂයේ ඡන්ද ගණනාවක් රැඳී ඇති බව පබාගේ පරපුරෙන් පැවත එන සමනලී දනී.
ඒ බව මනාව පෙනෙනුයේ ඊයේ වන විට මාධ්‍ය හරහා විකාශය වූ රූප රාමු පෙළකිනි.
රූපවාහිනී මාධ්‍යකරුවන් සිය කැමරාවල දර්ශන පටිගත කිරීම හමාර වූ සැනින් 'කට්' කියා තම හිතෙන් තමන්ටම කියාගන්නා සමනලී 'ඇක්ෂන් ' එක අහවර කරයි.
ඉනික්බිති මේ සමනලිය සුරතල් වදනින් අසන්නේ මාධ්‍ය කරුවාගේ කැමරාවේ තත්ත්වය ගැනය. රෑ 10 ප්‍රවෘත්තියේ තමන්ගේ රූපය වැටෙයිද කියාය. පහර කා ට්‍රොලියෙන් රෝහල් ඇඳ අසලට එන ඇය එහෙ මෙහේ ඇවිදිමින් දුරකථනයක් හරහා තවත් පිරිස් මාධ්‍යවේදියාට සම්බන්ධ කර දෙන්නේ රෑ 10 ප්‍රවෘත්තියට අඩුම කුඩුම සපයාදීමට විය යුතුය.
සමනලීගේ කුමක් හෝ අහේතුවකට රඟපෑම් අහවර වුණාට කුමක්දෝ කැමරාවක් 'ඔන්' එකේම තිබුණේය. එය රටටම පෙනෙන්නට කරුණු යෙදුණේය.
'රෙකෝඩ් ' වූ සහ 'off ද රෙකෝඩ්' දර්ශන අනුව නැවත වරක් පෙනෙනුයේ ඇය ඉතාම දක්ෂ නිළියක බවය. මේ දවස්වල නිළියන් පමණක් නොව චිත්‍රපට කැමරාව ඉදිරියේදී චණ්ඩි වන නළුවන් පවා රූපවාහිනී මාධ්‍ය කැමරා ඉදිරියේ හොටු පෙරමින් හඬන්නේය.
මේවා දකින ඔලමොට්ටල රසිකයන් සමහරෙක්ට මේ නළුවන් යෑයි නොහිතෙන්නේය. නිකමට හෝ මෙය රඟපෑමක් විය නොහැකිදැයි සිතන්නට තරම් මොළයක් එහෙව් රසිකයන්ට ඇත්තේම නැත. අවසානයේ මේ අහිංසකයන් සිය කතිරය තීරණය කරනුයේ සැබෑව මත නොව රඟපෑමක් මත පිහිටාය.
රංගන ශිල්පියාට දේශපාලන මතයක් දැරීමේ අයිතිය ඇත. නමුත් සිය රඟපෑමෙන් ඡන්දදායකයා රැවැට්ටීම නම් නොහොබී. එවැනි රැවටිලිකාර නළු නිළියන්ට, කඳුළු හැලෙන, පපු කකියන නාටක පිටපත් හදාදෙමින් ඔවුන් මැද්දට පනින ප්රතිපක්ෂයේ අංගොන්නුන්ගේ ක්‍රියා කලාපය එයටද වඩා නොහොබී.
Post a Comment