සමාජ පිළිකාවක් තවමත් වැඦඹේ...!!!කෝ ජෙප්පෝ ,හොර අලියෝ ,
මුලින්ම කුෂ්මී ෆුඩ්ස් නමින් රාත්‍රී කෑම කඩයක් පැලවත්තේ ආරම්භ කර තිබුණී.සිය පවුලේ අය සමග දුමින්ද සිල්වාණන් ඵහි සේවය කළෝය.ඵතැනින් විතැන්ව මෙසේ කෝටි ගණන් වටිනා මාධ්‍ය ජාලයන් ලැබෙන්නේ කෙසේද...,???මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකු සිය වත්කම් ලැබෙන ආකාරය පිළිබඳව නිසි තොරතුරු නොපෙන්වා සිටිය හොත් ඊට නැළවීමක් , හෝ ගැලවීමක් නැති රටේ මුන් ගැන සෙවීමට අයෙකු නොමැත .අදටද ඵය ඵසේම වලංගුය .මේ ගැන රටේ ජනතාව පියවි ඇසින් බලා සිටින්නාහුය.
රජයෙන් රජයට ගියද පාදඩයන් සහ අපතයන් කෙරුමන් උන්ගේ ඇති හැකි කෙරුවාවන් ,තගරි කම්,මිනීමැරුම් ,සමග වෙනත් අපචාර සමගින් වැඦඹෙති.ඵවුනට මෙවර කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන්නේ නම් ලබන වරදී කරුණාකර මොවුනටද යහපාලනය හෝ වෙනත් බොරු බෝඩ් ලෑලි වලට නොදෙන්න ඔබගේ ඡන්දය...
දුමින්ද සිල්වා පළමුවෙන් කරළියට ආවේ බාල වයස්කාර දැරියක් දූෂණය කරමිනි. එවකට එජාප පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ දුමින්දට එරෙහිව පොදු පෙරමුණ කොළඹ තාප්පවල 'රනිල්ගේ කොල්ලා දැරියක් කෙළසයි' යැයි ලොකු අකුරෙන් ලියනු ලැබීය. ඒත් පලක් නොවීය. ඉන් අනතුරුව දුමින්ද ගැන කතාවක් නැවත ඇසෙන්නේ ඔහුගේ පිළ් මාරුවත් සමගය. තම සහෝදරයාට අයත් ගුවන් විදුලි නාලිකාවකින් මහජනයා කැළඹෙන අකාරයේ පුවතක් පළ කළ බවට චෝදනා නගමින් එජනිස රජය එම ගුවන් විදුලි නාලිකාව තහනම් කිරීමත් සමග, එය බේරගැනීමට දේශපාලන ඩීල් එකක් දැමූ දුමින්ද ඉන් අනතුරුව රනිල්ගේ කොල්ලා නොවීය. ප්‍රකට නිළි අනර්කලී ආකර්ෂාට සහ ඇගේ මවට තර්ජනය කිරීම සමබන්ධව චෝදනාවක් ඔහුට නැගෙන්නේ ඉන් මාස කීපයකට පසුවය.
ඉනුත් නිරුපදිතව ගැලවෙන දුමින්ද, 2011 වසරේ ඔක්තෝම්බර් 8 වන දින කොළොන්නාවේදී ජනාධිපති උපදේශකවරයෙක් වූ භාරත ලක්ෂමන්ව ඝාතනය ගැන චෝදනා ලැබීය. ඉන් අනතුරුව දිගුකලක් වෛද්‍ය ප්රතිකාරයැයි පවසමින් කරළියෙන් ඈත් වූ දුමින්ද නැවත පැමිණියේ සිදු වූ කිසිවක් මතක නැති වීමෙන් අනතුරුවය. දේශපාලනය සමබන්ධව කිසිම කරුණක් ඔහුට අමතක වී නොතිබූ අතර ඔහු සිටියාටත් වඩා ජව සම්පන්නව කරළියේ සැරිසැරීය.
2014 අවසන් දින කීපයේ ජනාධිපතිවරණ වේදීකාවේ ප්‍රභල මාතෘකාවක් බවට පත්වූ දුමින්ද 2015 වසර උදාවීමත් සමග මෙරට දේශපාලනයේ ප්‍රධානම මාතෘකාවක් බවට පත්වූයේ කුපක්‍රට හෙරොයින් ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ හෙළිදරව් කිරීම් සමගය. අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක් පමණ කාලයක් දුමින්දව ගෙන්වා ප්‍රශ්ණ කළ බව කියැවේ. නමුත් දුමින්දව මෙලෙස ප්‍රශ්ණ කළ අවස්ථා ඉතිහාසයේ නැතිවා නොවේ. ඊටත් වඩා, ජනමාධ්‍ය තුළ අවධානයට ලක්වූ ඉහත සිදුවීම් හැරුණු කොට තවත් නීතිවිරෝධී තර්ජනය කිරීම්, පැහැරගෙන යෑම්, පහරදීම් ඕනෑතරම් දුමින්දගේ අනුග්‍රහය යටතේ සිදුවූ බව කොළඹ දිස්ත්‍රික් ජනතාව සහ විශේෂයෙන් කොළොන්නාව, මුල්ලේරියාව, කඩුවෙල, රාජගිරිය ප්‍රදේශවල ජනතාව හොදාකාරවම දනිති. එම කිසිදු කරුණකට දුමින්දව අත් අඩංගුවට ගැනීමක් තියා පොලිසියකින් පැමිණිල්ලක් බාරගැනීමක්වත් සිදු නොවූ අවස්ථා එමටය.
තමන්ගේ මැරකම්වලින් නොනැවතුනු ඔහු ප්‍රාදේශීය මැරයන් යහමින් පෝෂණය කළ බව අප නොදන්නවා නොවේ. කඩුවෙල මහ නගර සභාවේ විපක්ෂ නායකයාගේ ඡන්ද පෝස්ටර් අදටත් අලවන්නේ දුමින්දගේ අනුග්රහයෙනි. එසේ කරන අතරතුර ඔහු කඩුවෙල නගරාධිපති සමග උද්ගෝෂණ සංවිධානය කරයි. නගරාධිපතිගේ ආත්මගත විරුද්ධවාදීයා වන විමල් වීරවංශ සමග අත්වැල් අල්ලාගෙන වේදිකා සරසයි. දුමින්ද යනු එතරම් දුරට විහිදුන සමාජ පිළිකාවකි.
එවන් සමාජ පිළිකාවක් තව දුරටත් උකුලේ තබා නැළවීමට වත්මන් රජය ක්‍රියාකරන බව අපට පෙනී යයි. තිස්ස අත්තනායකව, ඩුලිප් විජේසේකරව, පාලිත තෙවරප්පෙරුමව, ප්‍රේමලාල් ජයසේකරව අත් අඩංගුවට ගන්නට ආණ්ඩුවට සෘජු සාක්ෂි තිබූ බවත් ( සැකපිට අත් අඩංගුවට ගැනීමට ඔනෑතරම් හැකියාව තිබියදී ) දුමින්දව අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයි පිළිගැනීමට තරම් අපි ඇස් පොඩි කළු කොට කැත කොණඩේ බැදපු චීන්නු නොවන බවත් මෙහිලා සටහන් කළ යුතුමය.
(සුදු වෑන් සංකෘතියේ දුමින්දගේ උප සංස්කෘතිය තවමත් නිදැල්ලේ සැරිසරන ප්‍රදේශයක සිට, අප විසින් උසවා තැබූ පාලනයක් තුළ මෙලෙස ලියන්නට සිදු වීම දෛවයේ සරදමකි)
ඕනම හොරෙක් ,තක්කඩියෙක්, ගණිකාවක් ,පාර්ලිමේන්තුවට ගිය පසු උන්ගේ නමට ඉදිරියෙන් ' ගරු ' 'අතිගරු'යෙදුම ලැබේ.මේ තක්කඩි දුමින්ද ගැන ඇති පාර්ළිමේන්තු වෙබ් අඩවියේ ඌට ඇති පිටුවය...

මහින්දගේ ආණ්ඩුවද මතට තිත යැයි ජනතාවට මොත්තේ දමමින් ,කුඩ්ඩන් ,ඵතනෝල් ගෙන්වූ කුක්කන් හට ඇමතිකම් දෙමින් සුරතල් කළහ...ඇත්තටම රටට මෙතරම් විනාශයක් කළ...දුගී දුප්පතුන් දිවා රෑ කුසගින්නේ සිටිමින් අධික ජීවන බර උසුලා ගතව දිවි නසා ගනිද්දී...වගේ වගක් නැතිව රජ ගෙදර සිටි හැත්ත සහ වටේ ිටි උන්ගේම පරම්පරාවේ රොත්ත සමග වටේ සිටි සෑම ඵකෙකුම සිය ධනය බිලියන් ගණනින් උපයා ගනිමින් කොමිස් ගසමින් සිටියේය.උන්ගේ ළමයි ලැම්බෝගිනි පැද්දෝය.අශ්වයෝ පැද්දේය .රොකට් යැව්වේ යැයි පොර ටෝක් දුන්නෝය...
මහින්ද සහ ඒ සියලු හොරු නැවත බලයට ඒමට උත්සාහ ගැනීම මහා අපරාධයෙකී.ජනතාව උන්ට හෙණ ඉල්ලා අවසන් ය.
මහින්ද ලජ්ජයි ....නින්දිතයි...!!!
එසේම දැන් බලයේ ඉන්න උන් ගැනද අප අවදියෙන් සිටිමු.
පසුගිය 19 වනදා ශ්‍රීලනිප නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් සිය ධූරයේ වැඩ භාරගනිමින් සහ
ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී.නාවින්න ධූරයේ වැඩ භාරගනිමින්ද ,කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති උත්සවයට සිල්වාණන්ද වැඩමවී සිටියේ කිසිදු අපුලකින් තොරවය...
ධනංජය රාමනායකගේ සටහනක්
කාටූනය නාලක අමරසිංහ
Post a Comment