BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 2, 2015

සල්මාන් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ආණ්ඩුවට මුදල් ලබාදී ඇත්තේ රොහාන් ද සිල්වා සහ ඔහුගේ බෑණා වන දිනේෂ් ජයවර්ධන බව ආරංචි මාර්ග තුළින් හෙළිවේ...!!!

පසුගියදා දිවයිනට පැමිණ පැය 12 ක් යාමට මත්තෙන් නැවතත් ඉන්දියාවට පලාගිය බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ආණ්ඩුවට මුදල් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට නැව් සමාගමක් වන ‘Mclarence Shipping'  සමාගම බව මේ වන විට හෙලිදරව් වී ඇත.‘Mclarence Shipping'  සමාගම මෙසේ රුපියල් මිලියන 100 ක් රජයට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුල පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ ඒකාධිකාරය එසේත් නැත්නම්  ‘පොහොර මාෆියාව'  සුරක්ෂිතව කරගෙන යෑම සඳහා බව එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු  සඳහන් කර සිටියේය. ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් එම පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකරන බවට නාමල් රාජපක්ෂ ‘Mclarence Shipping'  සමාගමේ රොහාන් ද සිල්වා සහ දිනේෂ් ජයවර්ධනට පොරොන්දු වී තිබේ.

‘Mclarence Shipping' සමාගමේ හිමිකරු රොහාන් ද සිල්වා සහ ඔහුගේ බෑණා වන දිනේෂ් ජයවර්ධනගෙන් ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ  කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එම සමාගම රුපියල් මිලියන 100ක් ආණ්ඩුවට ලබාදී ඇත. එයින් සල්මන් ඛාන්ට ගෙවා ඇත්තේ මිලියන 70 ක් පමනි. ඉන්දීය රජයේ බලපෑම් යටතේ ව්‍යාපෘතිය අතරමඟ නතර කොට  පැය 12 ක් තුල ආපසු ගිය නිසා ගෙවන ලද මුදලින් කීයක් හෝ ආපසු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සල්මන් ඛාන්ගේ කළමණාකරුගෙන් ඉල්ලීම් කොට ඇත.

‘Mclarence Shipping'  සමාගම මෙසේ රුපියල් මිලියන 100 ක් රජයට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුල පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ ඒකාධිකාරය එසේත් නැත්නම්  ‘පොහොර මාෆියාව'  සුරක්ෂිතව කරගෙන යෑම සඳහා බව එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු  සඳහන් කර සිටියේය. ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් එම පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකරන බවට නාමල් රාජපක්ෂ ‘Mclarence Shipping'  සමාගමේ රොහාන් ද සිල්වා සහ දිනේෂ් ජයවර්ධනට පොරොන්දු වී තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger