BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, December 3, 2014

මල පැන්න මහින්දානන්ද තොප්පිය දමාගත් හැටි....

දකුණුපස  ඉහළින් ඇති ප්ලෙස්මිි ගුවන්විදුලි ප්ලේයරය මත ක්ලික් කොට  නවතා ගෙන  මෙම  වීඩියෝව  නරඹන්න....
නරඹන්නෙක් දුන් ඇමතුමින් පසු
දෙරණ වාද පිටියේ කලබලයක්....!!!
ඇමති මහින්දානන්ද නැගිට යයි....!!!


ඊයේ  රාත‍්‍රී දෙරණ නාලිකාවේ  විකාශය වූ වාද පිටිය දේශපාලන වැඩසටහන අතරමග සිදුවූ අලකලංචියක් නිසා එහි ආණ්ඩු පක්ෂයෙන් සහභාගීවූ අය ඉවත්ව ගොස් අවසානයේ වැඩසටහන අතරමග නතර කරන්නට සිදුවිය.

ඊයේ වැඩසටහනට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක්වූයේ ඇමති මහින්දානන්ද අලූත්ගමගේ සහ මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණයි. විපක්ෂය වෙනුවෙන්
එජාපයේ අජිත් පී. පෙරේරා සහ ජවිපයේ සුනිල් හඳුන්නෙත්ති මහත්වරු එක්ව සිටියා.
මෙම වැඩසටහනේ සාකච්ඡුාවේ දෙවන වටය පැවැත්වෙන අතරවාරයේ මාතර ප‍්‍රදේශයෙන් සුනිල් නමැත්තෙකු දුරකථන ඇමතුමක් දුන් අතර ඔහු සිය ප‍්‍රශ්නය වෛද්‍ය රමේෂ් පතිරණට යොමු කරන බව පැවසුවා. ඒ අනුව නිවේදක චතුර ඔහුට අවස්ථාව දුන් පසු එම නරඹන්නා කියා සිටියේ
‘රමේෂ් දොස්තර මහත්තය දන්නවනේ ජනාධිපතිතුමා අර සමහරුන්ගේ ෆයිල් තියන කතාවක් කියල තිබුණා. එහෙම බලනවනම් මහත්තයෝ මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න එක්කෙනෙක් ඉන්නවා එයා තමා ලොකුම ෆයිල් එක තියන පුද්ගලයා. ඒවගේ පුද්ගලයො ගැන ඇයි හොයල බලන්නෙ නැත්තෙ. එයා තමයි ලොකුම හොරා...’ ආදී වශයෙනි.


මේ අවස්ථාවේ දුරකථනයෙන් කතා කළ නරඹන්නා අමතා මැද්දට පැන කෝපයෙන් කතා කළේ ඇමති මහින්දානන්ද අලූත්ගමගේය. කවුද නම කියන්න ඒ කෙනාගෙ? ලෙස ඇසුවත් නරඹන්නා කිසිවෙකුගේ නමක් නොකී අතර දිගින් දිගටම ‘ඔය වගේ හොරු එළවලදාන්න  ඕන..’ ආදී වශයෙන් අවලාද නගමින් සිටියේය. දුරකථන ඇමතුමද විසන්ධි වූයේ නැත.

නමක් නොකී නිසා මේවාට උත්තර බඳින්න අවශ්‍ය නැති බව චතුර කියා සිටියත් ඇමතිවරයා කියා සිටියේ ඒ කියා සිටින්නේ තමාට බවයි. ඒවා මෙතැනදී හෙළි කරන්නට අවශ්‍ය නැති බව චතුර කිව්වත් ඇමතිවරයා දිගටම කතා කළා.

තමා පෙර විවාහ වී සිටි බිරිය සමග පුද්ගලික ප‍්‍රශ්නයක් ඇති බවත් ඇය අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසටම කළ පැමිණිල්ලක් අනුව තමා එම චෝදනාවන්ට වග උත්තර බැඳ ඇති මුත් තමා තවම වරදකරුවෙකු කර නැති නිසා මේ චෝදනා පිළිගන්නට බැරි බව ඔහු කියා සිටියා.
තමාගේ පියා හා සීයා වත්පොහොසත් කම් ඇති අය බවත් තමා රාජකීය විද්‍යාලයටද ගිය බවත් ඔහු කියා සිටි අතර මේ චෝදනා අසත්‍ය බව නැවත කියා සිටියා.

කෝපයෙන් මේ ගැන පිළිතුර බැන්ද ඇමතිවරයා මෙම නරඹන්නාගේ ඇමතුම දෙරණ නාලිකාවෙන් ලබාදීම ගැන චතුරට එම අවස්ථාවේ දොස් කී අතර මෙහෙම කරනවට වඩා හොඳයි මෙතන උඩින් යූඑන්පී අලියා ලකුණ දාන එක ලෙසද කිව්වේය.

චතුර කියා සිටියේ දෙරණ නාලිකාවට එන ඇමතුම් ලබාදෙනතුරු තමන් කවුරු කවර කාරණාවකට ඇමතුම දෙනවාද දන්නේ නැති බවයි.

මේ ආකාරයට කටයුතු කරන නාලිකාවක වැඩසටහනකට තවදුරටත් රැුඳී සිටීමට කැමැත්තක් නැති බව කී ඇමතිවරයා ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගෙන කාගේ හෝ උපදෙසක්ද ලබා ගත්තේය.
පසුව ටික වේලාවක් වැඩසටහනේ රැුඳී සිටි ඇමතිවරයා වෛද්‍ය රමේෂ්වද කැටුව වැඩසටහනින් නැගිට ගියේ නැවත දෙරණ නාලිකාවට ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු

සහභාගී නොවන බව පවසමිනි. දුරකථන ඇමතුම් දුන් පුද්ගලයාගේ අංකය සොයා ගෙන ඔහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන බවද දන්වා ඇමතිවරයා පිටව ගියේය.

මින් පසුව හදිසියේ සිදුවූ අකරතැබ්බය නිසා වැඩසටහන තවදුරටත් කරනවාද නැද්ද යනුවෙන් නිෂ්පාදකයින්ගෙන් අසන තුරු වැඩසටහන විරාමයකට ගෙන ගිය චතුර නැවත සම්බන්ධවී තියා සිටියේ වැඩසටහන නතර කරන බවකි.

කෙසේ වෙතත් විපක්ෂයෙන් ආ අජිත් හා සුනිල් ඒ තීරණයට අකමැතිවී කියා සිටියේ අපි යන්නෙ නෑ අපටත් මේ සිදුවීම ගැන කියන්න අවස්ථාවක් දෙන්න කියාය. යළිත් අසරණවූ චතුර විරාමයකට ගිය අතර නරඹන්නන් විමතියට පත්කරමින් විරාමය අවසන් වූයේ දෙරණ නාලිකාව අවසන් කරන ජාතීක ගීය වාදනය වීමෙනි.

කිසිවෙකුට නැවත නොකියාම වැඩසටහනද ඔවුන් අවසන් කර තිබුණි.
එම වැඩසටහන් කොටසේ වීඩියොව පහතින්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger