BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, December 8, 2014

මව්බිම ගැන බොහොම විවෘතව....!!!

මව්බිම ගැන බොහොම විවෘතව සිතන්න හම්බුවෙන්නේ මෙහෙම පිටරටක ඉන්නකොට...විශේෂයෙන්ම අපේ සමහර බඩගෝස්තරවාදී දේශපාලුවන් ගැන ...අපේ රටේ මිනිස්සුන්ව මුන් අන්දන හැටි දැක්කම ඇතිවෙන්නේ තරහක් ,හැබයි අපේ රට දැන් මේච්චර දියුණු වෙලත් තාමත් මිනිස්සු ඉන්නේ ඇස් වල එක එක පාට තවරගෙන...යු එන් පී ,ශ්‍රි ලංකා,නිදහස් සන්ධානය,ජේ වී පී , එකී ,මෙකී නොකී මේ සියළුම පක්‍ෂ වලට ගාල් වෙලා..නිදහස් විදිහට සමාජය දිහා බලන්න බැහැ...මේ රටවල්වල  ඉන්න අපේ අයත්  නිකං බොරු වාද කරගන්න හැටි අපට  පේනවා...මෙහෙ  අපේ රටේ  උන් දේශපාළුවෝ, පක්‍ෂ හින්දා  වාද කර ගන්නවා රණ්ඩු වෙනවා...ඵ්ත් උං දේශපාළුවෝ...!!!  රෑට ඵකතුවෙලා ඵකට  කාලාබීලා විසිරිලා යනවා..
මිනිස්සු චන්දේ දුන්නේ ..උගේ හරි ඒකිගෙ හරි ...ජනප්‍රිය කමට..නැත්නම් පක්ශෙට ,පාටට..නැතුව උන් ගාව තිබුන දර්ශනයකට නෙවි...කුඩු මුදලාලිලා,කසිප්පු මුදලාලා ,ඵතනෝල් කන්ටේනර්,කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු ඵවුන්ට  දැන් රූපවාහිනී ,ගුවන් විදුලි මාධ්‍ය බළපත් දීලා...( උන් දැන් සමාජය ඉස්සරහ සුදු චරිත ),නළුවෝ,නිළියෝ, ගණිකා මඩම් අයිති පොතු හැලිච්ච විවාහක රූප සුන්දරියෝ,( ඵදා අමු නිරුවතින් හිටිය මුන් අද ඉන්නෙ  ඇඳන් ඉන්න සාරියෙනුත් දෙවුර වසා ගෙන )...


ඔන්න අපේ රටට ගිය කල දසාව...,සමහර එවුන් ගේ තිබුන එකම සුදුසුකම රූපවාහිනියේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කරපු එක..මිනිස්සු දන්නේ නෑහැ ඒ වැඩසටහන පිටිපස්සේ හිටිය ඌට කරුණු හොයල දුන්නේ වෙන කවුරුවත් කියල...මිනිස්සු හිතුවේ ඌ තමයි පොර දේශපාලණය දන්න කියලා....,ඔයවගේ හාල් පාරුවෝ එතකොට රූපවාහිනීයේ නිවුස් කියපු එවුන් ...,ඔය ලීඩර් කියල හින්දි කොපි චිත්‍රපටි ගහපු නළුවෝ ..දෑන් අපේ රටේ දේශපාලනයේ...
එකාට එකා ,අල්ලපු වත්තේ එකාව මරන්න බලන්නේ මොකද ඌ අනිත් පැත්තේ හින්දා...මේ ඔක්කොම සන්තෑසී පටන් ගත්තේ කිසිම අධ්‍යාපනයක්,දැක්මක්,දර්ශණයක් නැති එවුන් දේශපලනයට ආපු හින්දා...

දේශපාලණය කියන්නේ මරෙනකම් කාලා බීලා ,නම්බු පිටින් ඉන්න පුළුවන් ලේසිම රස්සාව කියල උන් දන්නවා...,නැතුව අපේ රටට ..මිනිස්සුන්ට ආදරේට ..නෙවි..අනිත් කරුණ තම්යි බුදුදහම හෑල්ලුවට ලක් කිරීම...හෙළ උරුමය කියල පටන් ගත්තට අද තියෙන්නේ ව්ලිගෙ විතරයි...හිසක් නැහැ කඳක් නෑහැ වෙන එකක් තියා ශරීරෙකුත් නැහැ...පස්ස පැත්තයි වලිගෙයි විතරයි...එකේ ඉන්න ගිහියෝ ඒ කියන්නේ නරි රන්චුව..අර හමුදුරුවෝ ඉස්සරහට දාගෙන වවාගෙන කනවා...පරිසර ඇමත්තා වෙලා චම්පික ආපු ගමන් කෙරුවේ ..පරිසරයට හානී වෙනවා කියල නීතී දාලා පෙරහැර වලටත් පහර ගහපු එක...
අනික...අපේ රටේ ඉන්න ඇමත්තෝ ..ටිකම මදෑයි..මෙච්චර පොඩි රටක ..ඉන්න හාල් පාරුවෝ ටික...මොනාද මුන් කරන්නේ..මෙච්චර අපතයෝ හැත්තක් ලෝකයේ කීසිම රටක නැහැ...මුන්ට දෙන පහසුකම්...යාන ,වාහන,පින්පඩි ,ටෙලිපෝන්,එකෙක්ව නඩත්තු කරන්න අපේ රටේ අහින්සක දුප්පත් මිනිස්සු කී දෙනෙක් නම් හම්බු කරන්න ඔනෙද...???



චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ ඒ ගෑණී ගහපු ගැහිලි අහුවුනේ පස්සේ.කෝටි ගණන් හම්බු කරගෙන රට කාලා ..අයෙම ලැජ්ජ නැතුව එනවා රටට...හිටියේ හරියට උපාසක අම්මා කෙනෙක් වගේ...වික්ටර් අයිවන් ලියපු පොතේ තියෙන්නෙත් ටිකයි මම හිතන්නේ...දැන් මහින්දට මොකද වෙලා තියෙන්නේ....ආපු දවස් වල චින්තනේ තිබුනා...දැන් ඉන්නේ රජ පවුලක් ...වටේට ඉන්න පල් හොරුන් රන්චුවම ..මිනිහ ලස්සණට අන්දගෙන ඉන්නේ,..ප්‍රශශ්ති කියනවා...දැන් මහින්ද හිතාගෙන ඉන්නේ මහ රජාණෝ කියල..හැබයි ඔය දැන් තියෙන බලය නැති දවසට..ඔය වටෙ ඉන්න හොරු එකෙක් බෙහෙතකට හොයගන්න නැහැ...කිරුළයි ඇදුම් ටිකයි බෑග් එකක දාගෙන පාරේ බැහල යන්න වෙන්නේ....හැබ්යි අපේ රටේ තිබුණ එල් ටී ටී ප්‍රශ්ණේ ඉවර කරන්න තිබුණු හැකියාව ගැන නම් සතු‍ටුයි..මුළු මහත් අපේ රටට ආදරේ මිනිස්සු ඒ ගැණ උන්නැහෙට ස්තුති කෙරුවා.රනිල් වගේ නපුන්සක දේශපාලන චරිතයකට හරි චන්ද්‍රිකා වගේ රට කාපු අම්මණ්ඩියෙකුට කවදාවත් ඕක කරන්න ලබෙන්නේ නැහැ.අනික ඔය වැඩෙදී ජේ වී පී එකෙන් දුන්න බැක් අප් එකත්  වටිනවා,





මිනී මරුවෝ...

 මට මතක් උනා බටලන්දේ මිනිස් වධකාගාරය බලන්න ගිය දවස...දැන් රනිල් ඉන්නේ සිල් අරන් වගේ ඒත් මුගේ අනුදැනුම ඇතුව කොච්චර නම් අහින්සක තරුණ තරුණියන්ව මරණයට පත් කරන්න ඇද්ද ...ඒ දවස් වල ජයවර්ධනපුර රෝහල පාරේ රෑ ටයර් වල පිච්චෙන මිනී කොච්චර මම දැකල තියෙනවාද...



..පැලවත්තේ රේන්ජ් එකේ වත්ත කියන අකුරුගොඩ පාරේ තියෙන වත්තේ කොච්චර මරල දැම්මද...හෝකන්දර තිබුන සමුහ මිනී වළ තවත් එකක් විතරයි ...කඩුගන්නවේ පාරේ පහළ තිබුණ මිනී ඇටසැකිලි කොයි තරම්ද...ඔය තරම් පාහර මිනී මරුවෝ ..අර උඩුගම්පොල වගේ එවුන්ට කරපු කිසි දෙයක් නැහැනේ...චන්ද්‍රිකා ගේ කාලේ මරල දාපු මගේ මිත්‍ර රෝහණ කුමාර...මහින්ද ගේ මේ ආණ්ඩුව කාලේ මරලා දාපු ලසන්ත ...මේ දඩ බල්ලන්ගේ ගොදුරු ඉවර වෙන්නේ කවදද..???
හැම පාරම චන්දයක් එනකොට. ආණ්ඩුවේ හොරණෑවල ගාල් කරගෙන ඉන්න උන්ගේ ලොකු ඉත්තෝ වැඩට බහිනවා,දැනටමත් ඔය සුදර්මන්,මහින්ද අබේසුන්දර(ඌට නං වීසා ලැබුනා ගිය සුමානේ) හඩ්සන් ,වගේ රෙදි අපුල්ලන්න පත් කරල තියෙන අප්පුහමිලා වෑඩ් පටන් ගන්න සුදානමින් ඇති...මුන් හරියට බල්ලෝ රන්චුවක් වගේ ..ක‍ටුකනවා...ක‍ටු ලෙවකනවා..බුරනවා,හැබයි හපන්න යන්නේ නෑහැ..එච්චර හරියක් මුන්ට බැහැ...අනික මුන්ගෙ දතුත් නැහැ හපන්න..මොකද මුන් වටේට ඉන්න එවුන් මුන්ගේ දත් ගලවලා....චණ්ඩි පාර්ට් වලට මර්වින් සිල්වා වගේ උන් ඉන්නවනේ ඔය අස්සේ ....,
එස් බී වගේ එවුන් ඉන්නේ ඌරෝ කැකුණ තලනකම් ...නැත්නම් බොර දියේ මාළු බාන්න..මන්ගල සමරවීර ඒ අනික් එකා ...හැබැයි .ඒ වගේ දේශපලන අනාතයෝ ඉස්සර සිටම ගාල් උනේ යු එන් පී එකේ..රනිල් ගෙන් පස්සේ...ඉස්සර ප්‍රෙමදාස,ජේ ..ආර් හිටිය කාලේ මුන්ගේ ඇඩ්‍රසුත් නැහෑ ....
ඊළග සිදුවිම තිබුණේ සරත් ෆොන්සේකා ගේ ආගමනය..ඒ දවස් වල අපේ අය ඔය සරත් ෆොන්සෙකා කවුද කියලා දන්නෙ නැති වුනාට  හුඟක්  ඉස්සර ඉඳලා  මම  ඵයා ගැන දැන ගෙන හිටියා..                      මෑන් පෙන්නපු අහිංසක පාට් ඵයාගේ හමුදා පාලනයේදි පවා තිබුනෙ  නැතිබව  දන්නා අය  දැන හිටියා...මාරයා සිල් අරන් වගේ සුදුපාට දේශපාලන කපටි ඇඳුම ඇන්දට ඒ යටින්  ඉන්නේ  කුහක කපටි මිනිහෙක්..ෆොනී ට  උදව් කරනවා කියලා  ආපු උපේක්‍ෂා යූ.ඵන්.පී ඵකට පැනලා ඵකෙන් ඡන්දෙ ඉල්ලලා දිනලා...ඊට පස්සෙ  සල්ලිවලට  පැන්නා ආණ්ඩුවට..ඒ වගේම  ෆොනීගේ  පක්‍ෂෙ හිටපු උන්  සේරම  වාසි ,කාසි වලට  පනින්නෙ  ජමේට  ෆොනීගේ  ආණ්ඩුවක්  නොඵන බව දන්න හින්දා.....මන්ගල වගේ එවුන් ඉස්සර කියපු දේවල් අස්කරගෙන..දැන් මාර ආදරෙන් ටෝක්ස් දෙන්නේ...මම නම් හිතන්නේ ඔය කාටවත් ඇන්දෙන්නේ නැතුව නම්බු පිටින් ඉස්සර කිව්වා වගේ දෙශපාලනයෙන් තොරව සිවිල් වැසියෙක් වගේ ජීවත් උනානම් ඉවරයි කියලා....කොහොම උනත් අපි බලමුකෝ ඉස්සරහට...
 නැවත ඒකාධිපති ක්‍රමය  නැති කරන්න  කියලා  ආණ්ඩුවෙ හිටිය මෛත්‍රී වෙනම  ජනාධිපති වෙන්න  ඉල්ලන්න අයින් වෙලා 
  ( මේක  මහින්දගෙම  ප්ලෑන්  එකක්ද  කියලත්  හිතෙන්නෙ ...මෑන්  ඒ වගේ  පොරක්  හින්දා...එහෙම  උනොත්  ආණ්ඩුවේ ඇතුළත්  සුද්ධයි  එළියෙ එවුනුත් ඇතුළේ...ආයේ කඹේ ඇදලා  මෛත්‍රීව ඇතළට ඇදලා  අගමැතිකම දෙයි...කොහොමද  ඒ  පිටපත...!!!)

 කොහොම  උනත්  රටට  විශාල  වෙනසක්  අවශ්‍යයයි .නමුත්  ඊට  අවශ්‍ය නිරවුල්  විකල්පයක්  ජනතාව  අතරට නැහැ...මෛත්‍රීගේ පිටුපසින්  සිටින  රනිල්  ගේ අපේක්‍ෂාව විධායක ජනාධිපති ක්‍රමයට මෛත්‍රී අවතීර්ණය කොට පසුව රනිල් ඔහුගේ  ඒකාධිපති අගමැති සිහිනය  සැබෑ කොට  මෛත්‍රී  විසින්ම ඔහුගේ ජනාධිපති තනතුරේ බලය සිඳුවා  ගනීවී කියායි...එය වැඩිහිටියෙකු දකින  ළදරු සිහිනයකී....මෛත්‍රී පසුපස සිටින්නේ  කපටි කමේ අංක 1 මූර්තිය චන්ඳ්‍රිකාය...සියළු තීන්දු තීරණ ගන්නේ  ඇයය...මේවන විටත්  ඈ දෙමළ සංධානය සමග  එකඟතා රැසකට  අත්සන් තබා  ඇත...මේ අතර  කෝටි ප්‍රකෝටි මුදල් වරදාන ලබා ගනිමින්  දේශපාළු ගෙම්බන් එහාමෙහා පනිමින්  සිටී...හරිහමන් වස්ත්‍රයක්,නිවහනක් ,ආදායමක් ,කුසට අහරක් නොමැති  මෝඩ අහිංසකයෝ රැළක් තමුන්ට ඇති එකම බලය වන ඡන්දය තුරුළු කොටගෙන 'ජයවේවා මහ රජාණෙනි ,අපේ අළුත් රජතුමාට ජයවේවායි මරහඬ තළති...බිලියන් ගණනන් ලම්බෝගිනී රජගෙදර චූටි හාමුලා  පාරවල් වසා ගෙන ආයෙම පැදයනු ඇත...කථාවේ තෙවන කොටස බොහෝවිට  ලබන  ජනවාරි 8 වනදාට පසු ඵසේ විය හැකිය....

 සුමිත් ජයන්ත ඩයස්
විමසුම කාලීන සංවාද සංග්‍රහය රූපවාහිනී වැඩසටහනේ 

සහ 
ලංකානිිව්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger