- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, June 29, 2013
ආණ්ඩුව ඇතුළේ කල්ලි හදන්න බෑ ... බැරි නම් යන්න පුළුවන්
"ආණ්ඩු පක්‍ෂය තුළ කල්ලි ගහන්නට සූදානම් වෙන්න එපා"යි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙසම ප්‍රකාශ කොට තිබේ. "කල්ලි ගහන්න එන්න එපා. ආණ්ඩුවේ ඉන්න බැරි අය ඉන්නවා නම් කල්ලි ගහන්න ඕනෑ නම් යන්න පුළුවන්. කල්ලි ගහන්න හදපු අය මම කලින්ම යැව්වා" යි ජනාධිපතිවරයා ඉහළ ස්වරයෙන් මෙහිදී පැවැසූ බවද දැනගන්නට ඇත.
ආණ්ඩු පක්‍ෂයේ ශ්‍රී ලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් විශේෂ රැස්වීමක් ඊයේ කැඳවා තිබුණේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇතැම් මැති ඇමැතිවරුන් මාධ්‍යයට කරන ප්‍රකාශ හා එකිනෙකා විවේචනය කරගන්නා අන්දමේ කතා දිගින් දිගටම පැවැත්වීමෙන් ආණ්ඩුව තුළ මතුවන දේශපාලන ව්‍යාකූලත්වය ගැන සාකච්ඡා කිරීමටය.
දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මැද පැවැති මේ සාකච්ඡාවේදී ඇතැම් අය කළ ප්‍රකාශ ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට මෙන්ම දෝෂදර්ශනයටද ලක්ව තිබේ.
විශේෂයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ප්‍රකාශ ගැන සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඕනෑම කෙනකුට පෞද්ගලික මත තිබිය හැකි වුවත් ආණ්ඩුවේ මතය එය නොවන බව තේරුම් ගත යුතු බවද ආණ්ඩුවේ 13 වැනි සංශෝධනය ගැන මතයක් තිබෙන නිසා කවුරුත් ඒ මතයේ සිටිය යුතු බවද කියා ඇත.
ශ්‍රී ලනිප නායකත්වය දෙන ආණ්ඩුවට ලක්‍ෂ 50ක් ඉක්ම වූ ඡන්දයක් ලැබී තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා මින් මතු සියලු දෙනාම ආණ්ඩුවේ කටයුතුවලදී එක ස්ථාවරයක සිටිය යුතු බවත් ශ්‍රී ලනිප මතයට පිටින් මත දැක්වීමට ශ්‍රී ලනිපයේ කිසිවකුටත් අයිතියක් නැති බවත් සඳහන් කොට තිබේ.
ඇමැති රාජිත සේනාරත්න මහතා, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු තුළ මුල සිටම පැවැති ස්ථාවරය ගැන මෙහිදී විස්තරයක් කොට තමා ජනාධිපතිවරයා සමඟ යන්නේ ආශ්චර්යයට බව පවසමින් ජාතිවාදීන් සමඟ ආශ්චර්යයට යන්නට පුළුවන් දැයි ප්‍රශ්න කොට තිබේ.
රෙජිනෝල්ඩ් කුරේ, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, විනයාගමූර්ති මුරලිදරන් මහත්වරුන්ද මෙහිදී අදහස් දක්වා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment