"හැඳුනුම්පත තියෙන්නේ සිංහලෙන්ද..? යැයි සමච්චලයෙන් අසා
මට සිනාසුණේය....අපි සිංහල දන්නේ නැහැ . අනික අපිට ඕවාට වේලාවක් නැහැ. අපි කරන්නේ රාජකාරි වැඩ විතරයි යනුවෙන් රළු පරුෂ ලෙස පිළිතුරු දී දුරකථනය විසන්ධි කළේය.
මෙන්න අපේ රාජ්‍ය සේවය..
බොහෝ අපගේ විදේශ තානාපති කාර්ර්යාල වල සේවයට පත්කොට පිං පඩි ලබාදෙන අපතයන් සංඛයාව විශාලය...මේ අමන හිස උදුම්මා ගත් අපතයන් නිසා අපේ රටට කෝටී ප්‍රකෝටි ගණන් විදෙස් විනිමය ලබාදෙන ශ්‍රමිකයන් හට අත්වී තිබෙන ඉරණම අතිශයින් ශෝචනීයවේ..
ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලාකික තානාපති කාර්යාලයද මෙවැනි පිශාචයන් ,කුම්භාණ්ඩයන් අරක් ගත් තැනකී...හැටහුටාමාරක් එවුවන් කාර්ර්ය මණ්ඩලයේ සිටින බවත් ඵහි කම්කරු සහ සුභ සාධන අංශයක් ඇති බව වෙබ් අඩවියේ සඳහන් වෙතත් මෙතෙක් එයින් සිදුකෙරූ දෙයක් අපට වාර්තාවී නොමැත...උන්ගේ තානාපති කාර්යාලය උන්ගේය..එය ශ්‍රීලංකාවට අයත් ඵකක් නොවන සේය...කිසිම විටෙක දුරකථන ඇමතුමක් එයට ගැනීමට නොහැකිය...ඒවා එන්ගේජ් ය....
අපේ අයට කථා කොට අවශ්‍යතාවයක් සඳහා උපකාරයක් ලබා ගැනීමට නොහැක. උන් සිංහල බෑ කියා කඩාපනී. මේ අපතයන් හට අපේ ජනතාවගේ පිංපඩි ලබාදීම නවතා මේ හොරු රැළ වහා ඉවත් කොට මෙම රටේ සේවය කරන සිය ශ්‍රමය අලෙවි කොට අපේ රටට විදේශ විනිමය එවන දහස් ගණනකගේ සුභ සාධනය සැලසීමට වහා කටයුතු යෙදිය යුතුය....
බලධරයෙනි මේ ඔබටයි
ලංකානිව්ස්
අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ මහිමය කෙසේද යත් රටට වැඩිපුර විදේශ විනිමය ගෙනෙන ශ්‍රමිකයන් සිටින රටවලට පත්කොට ඇති අපතයන් ගැන හොඳ උදාහරණයකි, පහත ඇත්තේ.අප ලංකා ලංකා නිවුස් වෙත ඊශ්‍රායලයෙ තානාපති කාර්යාලය පිළිබඳව අද ලැබුණු
පුවතක් සහ එයින් අපගේ විදෙශ්ගතව සිටින රටේ ජනතාවට කදිම විවරණයක් සහ දැනුමක් ඔබට මෙයින් ලබා ගත හැකිය යනු අපගේ විශ්වාසයයි.මේ පිළිබඳව සොයා බැලීමට තානාපති කාර්යාලයේ
සියළුම දුරකථනයනට පුරා පැයක් ඔස්සේ අපද උත්සහ කළද ඒවා සියල්ලම එන්ගේජ් ය....මෙම තානාපති කාර්යාලයේ පෙර සේවය කොට ඇති අයෙකු අප ජාතික දිනය වෙනුුවෙන් සමරා ඇත්තේ කොටි රණවිරු දිනයවේ .එසේම එම තැනැ්තිය කොටි අනුගාමිකාවක් බවද අපට මේ වනවිට අනාවරණය වෙමින් පවතී.මෙය නිසාදෝ තවමත් වෙබ් අඩවියේ ඇත්තේ ද්‍රවිඩ කාන්තාවකගේ ඡායාරූපයකී..එය කිසිසේත්ම මෙම අපරටේ තානාපති කාර්යාලයකට අදාළ නොවේ.....
මම මෙම ඊශ්‍රායලයේ වසර 4 කට ආසන්න කාලයක් රැකියාවේ නිරතව සිටින අයෙක්මි.මා හට මාගේ ජාතික හැඳුනුම්පත හීබෲ හෝ ඉංග්‍රීසි බසට පරිවර්ථනය කර ගැනීමේ අවශ්‍යතාවයක් මතු වුයේ ,මෙම රටේ බැංකු ගිණුමක් සදා ගැනීමට අවශ්‍ය වූ නිසාය. මෙම පරිවර්තන සේවය සාමාන්‍යයෙන් ඕනෑම විදේශගත අපගේ ඕනෑම ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයකින් කර ගත හැකිබව මා ද අසා තිබුණි.එසේම එය ඔබගේ තානාපති කාර්යාලයට ගොස් කර ගන්නා ලෙස එම බැංකු නිලධාරියා මට උපදෙස් දුණි.
මේ තුරාවට කිසිම කටයුත්තක් සඳහා කිසිම අයෙකු අපගේ තානාපති කාර්යාලයෙ සේවය ලබා ගෙන නොමැතිබව මම හොදින්ම දනිමි. එසේම ඒ තුලින් මෙම රටේ සේවය කරන අයට සිදු වූ කිසිදු සමාජ සත්කාරයක්ද නොමැත.එසේ වුවද මා අන්තර්ජාලය ඔස්සේ අප තානාපති කාර්යාලය සොයා ගත් අතර ඉන්පසු තානාපති කාර්යාලය විවෘත කරනු ලබනවා යැයි සඳහන් වේලාවේ සිට සවස් වනතුරු එහි ඇති සියළුම අංක වලට මම කථා කළෙමි.මගේ දුරකථනයේ ඇති මුදල් කැපී යාමට ඔන්න මෙන්න කියා තිබියදී එක් අයෙකු හවස් වරුවේ දී දුරකථනයට ආමන්ත්‍රණය කළේය.
ඇයගේ නම සඳහන් වන්නේ ඩි. එස්. එස්. ධර්මබන්දු යනුවෙනි.ඇයගේ තනතුර වන්නේ දෙවන ලේකම් කම්කරු හා ශුභසාධන යනුවෙන් වෙබ් අඩවියේ සඳහන්ව ඇත.නමුත් පුදුමය නම් මෙම තැනැත්තිය ගැහැණියක නොව පිරිමියෙකු වීමය.මා හට කථා කළේ පිරිමියෙකි. මා ඔහුගෙන් ඇසුවේ මාගේ ජාතික හැඳුනුම් පත පරිවර්ථනය කර ගැනීමට පුලුවන්ද යන්නය.
ඔහු පිළිතුරු දුන්නේ උවමනාවට එපාවට මෙන්ම සැර පරුෂ ලෙසිනි. මේ අපගේ තානාපති කාර්යාලය දැයි මට සැකද සිතුණි.
ඔහු පැවසුවේ අපි ඒවා කරන්නේ නැහැ.ඕනේ නම් ලංකාවෙන් කර ගන්න.
අනික මෙම පුද්ගලයා "හැඳුනුම්පත තියෙන්නේ සිංහලෙන්ද..? යැයි සමච්චලයෙන් අසා
මට සිනාසුණේය.
අපි සිංහල දන්නේ නැහැ . අනික අපිට ඕවාට වේලාවක් නැහැ.
එවිට කිසිත් කාරකියාගත නොහැකිව අසරණවු මා අඩුම තරමේ උදව්වක් ලෙසින් හෝ ලංකාවේ කෙනෙක් වශයෙන් මනුෂ්‍යයත්වයෙන් හෝ මෙය මට කර දෙන්න යැයි අයාචනා කළ විට මහා හඬින් මා හට බැණ වදිමින් අපි කරන්නේ රාජකාරි වැඩ විතරයි. අපි ඉන්නේ තමුසෙලාට උදව් කරන්න නෙමේ." යනුවෙන් දෙතුන් පාරක් මර හඬ තලා දුරකථනය විසන්ධි කළේය.
නමුත් තානාපති කාර්යාලයෙ පරිවර්ථන කටයුතු කරන බව වෙබ්අඩවියේ සඳහන් කොට ඇත.මෙය ඉතා පුදුම සහගත මෙන්ම අවනීත ක්‍රියාවකි.මන්ද යත් එසේ සඳහන් කොට අපට එම සේවය ලබා නොදෙන්නේ මන්ද..???
මේ අසාධාරණය ගැන වගකිව යුතු සියළු දෙනාගේ අවධානය යොමුවේවා!
මෙම තානාපති කාර්යාලයේ සේවය කරන විශාල පිරිස අප වෙනුවෙන්, අප රට වෙනුවෙන් කරන සේවය කුමක්ද..???
මේ පිටරටක සිට දහදිය කඳුළු වලින් මුදල් උපයා අප රටට අප යවන විදේශ විනිමය කොතරම්ද..???
අපේ රටේ ජනතාවගෙන්ම වැටුප් ලබන රාජ්‍ය සේවකයන් වන මොවුන් අපේ රටේ භාෂාව වන සිංහල භාෂාව පවා කිවීමට හෝ ලිවීමට නොදන්නා බව කිමෙන්ම මෙවැනි තැන්වලට මෙවැනි පුස්සන් පත් කිරීම නොකළ යුතු බව අපගේ හැඟීමයි.
කාගේත් දැන ගැනීම සඳහා මම මෙය ලිවීමට අදහස් කළෙමි.
ගීතා අලහකෝන්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment