BREAKING NEWS

රටතොට

Tuesday, December 30, 2014

මෛත්‍රීගේ සහෝදර බළකාය භික්‍ෂූන්ට පහර දෙති...!!!

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන ගේ සහෝදරයින් විසින් පොළොන්නරුවේ කදුරුවෙලදී භික්‍ෂූන් වහන්සේලාට දරුණු ලෙස පහර දී තිබේ.මෙහේ පහර දී ඇත්තේ සිරිසේනගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සිඩ්නි ජයරත්න, පළාත් සභා මන්ත්‍රී අන්සාර් යන අය සහිතව පැමිණි පිරිසක් විසිනි. ඩඩ්ලි සිරිසේන  මේ සඳහා උපදෙස් දී තිබේ.
අප සටහන,
මොකා ,කවුරු කළද ප්‍රචණ්ඩත්වය අප ඵක හෙළා හෙළා දකින්නෙමු.පුද්ගලයෙකු ලෙසින් මෛත්‍රී හොඳ වන්නට පුළුවන ...ඵහෙත්  ඔහුගේ සහෝදරවරු  අතර ඵදා සිට  අහිංසකයනගේ එනම් වී ගොවියන්ගේ අස්වැන්න  කුණු කොල්ලයට මිළදී ගනිමින් ,පරිසරය විනාශ කරමින් වැව් තාවුල්ලේ හෝටල් ඉදිකොට ,කැසිනෝ කෙළිමින් සිටින අමනයන්ද සිටී.

දැන් බලන කලදී මුන් දෙපැත්තම ඵකය... මෛත්‍රී සමග ඵක්වී  යහපාලනයක් ලෙසට පෙන්වමින් හොර ගල් අහුලමින් සිටින වෘකයන් දෙස බලන්න.හකීම්,චන්ඳ්‍රිකා,සම්බන්ධන් ඇතුළු හොර ටී.ඵන්.ඒ  නඩය ,  රවී කරුණානායගම් ,මනෝ ගනේෂන් වැනි පල්හොරු රංචුව රොද බැඳ සිටී...චම්පිකලා,රතනලා ,කෙතරම් කෑ ගැසුවද  අවසානයේ උන්ටද තිතය...  දැනටම පසෙකට වීසි කොට සිටින සෝබිත හිමියනට වී ඇති දෙයම හොඳම උදාහරණයකී...මෙහිදී ජෙප්පන්ද මෛත‍්‍රීපාලට සහය දෙති...හොර වංචා නොමැතිව පිරිසිදුව සිටින ජෙප්පන්ගේ භූමිකාව කෙසේද යත් ඌරන්ගේ කැකුණ තැළීම මැද්දේ සතුටුවන හබන් කුකුළන් මෙනී...
මෙහෙන්  අප ඇස් වලට පෙනි පෙනී මහා දූෂණ වංචාය...එහෙන්  භීෂණය නැවත වඩම්මාගෙන ඒමට කල්‍ යල් බලමින් සිටින අශුද්ධවූ සාතන් පරපුරය...මෙය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ උපමාව සේය...ජනතාව  අද  අතරමංය....


අද පෙරවරුවේ 150 දෙනෙකු වූ භික්‍ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිනවිය යුත්තේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීම සදහා වඩිමින් සිටියදී මෙම පහර දීම සිදුව තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger