BREAKING NEWS

රටතොට

Saturday, December 13, 2014

75% ක් දිනුව යුද්දේ ඉවර කරලයි මම මහින්දට රට බාර දුන්නේ ....!!!!


තමන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට රට බාරදුන්නේ ප‍්‍රභාකරන් අල්ලාගෙන සිටි භූමියෙන් සියයට හැත්තෑපහක් නිදහස් කරගෙන බවත් ඉතුරුව තිබුණේ ඉතිරි සියයට විසිපහ නිදහස් කරගැනීම පමණක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා  ගම්පහදී ප‍්‍රකාශ කරයි.

යක්කලදී පැවති ජනහමුවක් අමතමින් ඇය කියා සිටියේ එසේ වුවත් රාජපක්‍ෂ යුධ ජයග‍්‍රහණයේ අයිතිය තමාගේ තනි ජයග‍්‍රහණයක් බවට ඇගවීමට දරණ උත්සාහය බොල් එකක් බවත්ය.
‘යුද ජයග‍්‍රහණය මුවාවෙන් ජන්ද ගන්න හදනවා.  යුද ජයග‍්‍රහණය මුවාවෙන් රට සූරාකන්න දෙන්න බෑ.  මුළු රටම මේ වෙනකොට එක පවුලක් විසින් සූරාකාල ඉවරයි.  රටේම පාරවල් හදනවා.  ඒ හදන්නේ ඒ මගින් වෙන විශාල කොමිස් මුදල් නිසයි.  අපේ කාලෙත් අපි මේ පළාතට  පාරවල් හැදුවා.  කටුනායක අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරලා මා ඉන් අඩක් අවසන් කරල තිබුණේ. මගේ නම ගහලා තිබුණ එක ගලවලා විසි කරලා එයාගේ නම ගහගත්තා’ යයිද ඇය කියා සිටියාය.

ජනාධිපතිනියගේ කොළඹ - කටුනායක අධිවේග මාර්ග ව්‍යාපෘතිය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයා වුයේ රොනී පිරිස්ය.එම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රට ඒ දෙපළට ගෙවා තිබෙන කප්පම ඇති විශාල බව ද කිව යුතුය.
අධිවේගී මාර්ග විෂය ගැන හොඳින් දන්නා පුද්ගලයෙකුට අනුව ධාවන පථ හතරක් සහිත අධිවේගී මාර්ග කිලෝමීටරයක් සඳහා පිළිගත් ජාත්‍යන්තර මිල ඩොලර් ලක්ෂ 20 කි. (රුපියල් කිටි 14 ක් පමණ) එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව ගෙවා තිබෙන මිල මාර්ග කිලෝමීටරයක් සඳහා ඩොලර් ලක්ෂ 96කි. රුපියල් කෝටි 67 ක් පමණ) ධාවන පථ හතරක් සහිත දකුණු අධිවේගී මාර්ගයේ මාර්ග කිලෝමීටරයක් සඳහා ගෙවා තිබෙන මිල ලක්ෂ 17 කි. (රුපියල් කෝටි 16 ක් පමණ.
ඊට ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම්,ව්‍යාපෘති කළමනාකරණ වියදම්, උපදේශක සේවා වියදම් හා අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වියදම් ද ඇතුළත්ය.එහෙත් කටුනායක අධිවේගී මාර්ග මාර්ග ව්‍යාපෘතියේ දී ඒ සියලු වියදම් දැරිය යුත්තේ කොන්ත්‍රාත්කරු නොව ආණ්ඩුවයි. 
(උපුටා ගැනීම  චෞර රැජිණ පොතේ පිටු අංක 83 නි )

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger