BREAKING NEWS

රටතොට

Saturday, December 13, 2014

අරාබි වසන්තයට පින්සිදුවන්නට සිරියානු වැසියන් ලක්‍ෂ දෙකක්‌ ඝාතනය වී අවසානය......

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් එදා පුරා පැය තුනක්‌ බණ දේශනා පවත්වත්දී යහපාලනය ගැන කතා කළ බවක්‌ අපට නම් මතක නැත. සෝම හිමියන් අපවත්වී වසර 11 ක්‌ ගෙවුණේ ඉකුත් සිකුරාදාය. එදා උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා මන්ත්‍රීකම් දිනා ගත් භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද සෝම හිමි පැතූ බෞද්ධ රාජ්‍ය අමතක කර පිවිතුරු හෙටක්‌ ගැන කතා කරති. මෙය සැබැවින්ම බරපතළ වංචාවකි. එදා 2003 දෙසැම්බර් 24 වැනිදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්විණි. ඒ ආදාහන උත්සවයට පෙර දින රූපවාහිනිය ඔස්‌සේ හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර සිටියේ සෝම හිමියන්ගේ ආදාහන උත්සවයෙන් පසු කවරකු හෝ අන්‍යාගමිකයන්ට පහර දුනහොත් දැඩි දඬුවම් දෙන බවය. එසේම සෝම හිමියන්ගේ ආදාහනය සිදුවී අවසානයේ නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ටද කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය. එවක පොලිසිය භාර සිටියේ අන්කවරකුවත් නොව හිටපු ජනාධිපතිනියයි. ඒ කාලයේ එක්‌සත් ජාතික පක්‍ෂය බලයේ සිටියද ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිනිය යටතට ගෙන තිබිණි. එදා බෞද්ධයන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළ පිරිස්‌ සමඟ පිවිතුරු හෙටක්‌ සාදන්නේ කෙසේද යන්නත් අපට නම් ප්‍රශ්නයකි. "


 අරාබි වසන්තය පිළිබඳව බටහිර ලෝකය බෙහෙවින් සතුටු වූවා සේම මෙවර ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය වනු දැකීම සියලු විදේශ බලවේගවල ඒකායන ප්‍රාර්ථනය බව අමුතුවෙන් කිවයුතු නැත. International Crisis Group නමැති සංවිධානය ඉකුත් 09 වැනිදා මෙරට ජනාධිපතිවරණ ගැන නිවේදනයක්‌ නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ මුස්‌ලිම් ඡන්ද වැලැක්‌වීම සඳහා බොදුබල සේනාව ක්‍රියා කිරීමට ඉඩ ඇති බවයි. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත් එම ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමටද බොදුබල සේනාව ක්‍රියාකිරීමට ඉඩ ඇති බවය. එසේ නම් විදේශීය බලවේගවල අවශ්‍යතාව කුමක්‌ දැයි පැහැදිලිය. කවර බලවේග ක්‍රියාත්මක වුවද රටේ ජනතාව අකෘතඥවනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. වසර දෙදහසකට පෙර දුටුගැමුණු රජු විසින් එළාර රජු පරාජය කර යළි රට එක්‌සේසත් කිරීම ගැන අප නැවත නැවතත් සිහිකරමු. එලෙසම ජනාධිපතිවරයා මීට වසර 5 කට පෙර ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තනඩය සහමුලින්ම වනසා රට මුදා ගැනීම මෙතරම් ඉක්‌මනින් අමතක කිරීම සුදුසුද? එනිසාම සිංහල බෞද්ධයා කිසිවිටක අකෘතඥයකු විය යුතු නැත. ජනතාවට අවශ්‍ය තීන්දුව ඔවුන් විසින් ගනු ඇත. නමුත් අරාබි වසන්තය මෙරටට කැඳවන අමන තීරණ ගත යුතු නැත. මීට වසර පහකට පෙර රට තිබුණු අයුරු අමතක කිරීම කිසි ලෙසකින්වත් කළ යුතු නැත.
 ලිබියානු නායක මුහමර් අල් ගඩාෆි විපක්‍ෂ කැරලිකරුවන් විසින් අල්ලාගනු ලැබුවේ 2011 ඔක්‌තෝබර් 21 වැනිදාය. පුරා වසර 42 ක්‌ ලිබියාව පාලනය කළ ගඩාෆි අවසානයේ කැරලිකරුවන්ට හසුවුණේ බෝක්‌කුවක්‌ යට සැඟවී සිටියදීය. තමා බලය හොබවන කාලයේදී හෙතෙම සිය විරුද්ධවාදීන් හඳුන්වා දෙනු ලැබුවේ මීයන් ලෙසය. බටහිර ලෝකය ලිබියානු නායකයාගේ මරණය අසා අත්පුඩි තලන්නට විය. ලිබියානු නායකයාගේ මරණයෙන් පසු ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ලැබී එරට ජනී ජනයා සාමයෙන් උනුන් වැළඳ සිනහසෙමින් ජීවත්වනු ඇතැයි බටහිර ලෝකයත් ඇමරිකාවත් බලාපොරොත්තු විය. එහෙත් දන්නා යකා පලවා හැර නොදන්නා යක්‍ෂයන් දුසිම් ගණනක්‌ කැඳවා ගැනීම නිසා අද ලිබියාවට සිදුව ඇත්තේ කුමක්‌ද? සම්පූර්ණ අරාජික අසාර්ථක රටක්‌ බවට පත්වීම නොවේද? ලංකාවේ යහපාලනය ගැන කතා කරන ගිහි පැවිදි සියලු දෙනාටමත් මෙය ඉතා හොඳ පාඩමකි. අප්‍රිකානු කලාපයේ ඉතාම හොඳම ජීවන මට්‌ටම පැවැතියේ ලිබියානු රාජ්‍යය තුළය. නමුත් අද එරටට ගුවන්යානයක්‌ ගොඩබැස්‌සවීමට බැරි තත්ත්වයක්‌ උදාවී ඇත. ලිබියාව කෑලි කෑලිවලට කැඩී ගොස්‌ අවිගත් මුස්‌ලිම් අන්තවාදි කණ්‌ඩායම් තම ගෝත්‍රයට අයත් ප්‍රදේශ පාලනය කිරීමට පටන්ගෙන තිබේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නමට පමණකි. එසේ නම් අදත් ගඩාµs ජීවත්ව සිටියානම් ලිබියාව තවමත් සාමකාමීය. ඊනියා යහපාලනය වෙනුවෙන් ලිබියානු වැසියෝ දිවිදෙති.

යහපාලනය යනු රටක්‌ අස්‌ථාවර කිරීමට යොදාගන්නා උපකරණයක්‌ දැයි අපට සැක සිතේ. 2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 25 ක්‌ පමණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම අතුරලියේ රතන හිමියෝ යහපාලනය ගැන කතා කළහ. නමුත් එය සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක්‌ හෝ උවමනාවක්‌ වූයේ නැත. කොළඹ කේන්ද්‍රීය කරගත් රාජ්‍ය නොවන සංවිධානවලට නම් මහින්ද රාජපක්‍ෂ රජය ගැනත් එහි ක්‍රියාකාරිත්වය හා යහපාලනය ගැනත් ප්‍රශ්නයක්‌ පැවතිණි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් එදා පුරා පැය තුනක්‌ බණ දේශනා පවත්වත්දී යහපාලනය ගැන කතා කළ බවක්‌ අපට නම් මතක නැත. සෝම හිමියන් අපවත්වී වසර 11 ක්‌ ගෙවුණේ ඉකුත් සිකුරාදාය. එදා උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා මන්ත්‍රීකම් දිනා ගත් භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද සෝම හිමි පැතූ බෞද්ධ රාජ්‍ය අමතක කර පිවිතුරු හෙටක්‌ ගැන කතා කරති. මෙය සැබැවින්ම බරපතළ වංචාවකි. එදා 2003 දෙසැම්බර් 24 වැනිදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ආදාහන උත්සවය පැවැත්විණි. ඒ ආදාහන උත්සවයට පෙර දින රූපවාහිනිය ඔස්‌සේ හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර සිටියේ සෝම හිමියන්ගේ ආදාහන උත්සවයෙන් පසු කවරකු හෝ අන්‍යාගමිකයන්ට පහර දුනහොත් දැඩි දඬුවම් දෙන බවය. එසේම සෝම හිමියන්ගේ ආදාහනය සිදුවී අවසානයේ නිවෙස්‌ බලා යමින් සිටි බෞද්ධයන්ටද කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය. එවක පොලිසිය භාර සිටියේ අන්කවරකුවත් නොව හිටපු ජනාධිපතිනියයි. ඒ කාලයේ එක්‌සත් ජාතික පක්‍ෂය බලයේ සිටියද ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිනිය යටතට ගෙන තිබිණි. එදා බෞද්ධයන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළ පිරිස්‌ සමඟ පිවිතුරු හෙටක්‌ සාදන්නේ කෙසේද යන්නත් අපට නම් ප්‍රශ්නයකි. "බුදු හිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි" යන ගීත පාඨය සිහිවන්නේ මෙවැනි අවස්‌ථාවලදීය.

විරුද්ධ පක්‍ෂ කණ්‌ඩායම්වලට යහපාලනය මෙන්ම විධායක ජනපතික්‍රමය මතක්‌ වූයේ ජනපති මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා ගැනීමට කිසිම සටන් පාඨයක්‌ නොවූ විටය. යහපාලනය වෙනුවෙන් අරාබි වසන්තය ඇරඹුනේ 2010 දෙසැම්බර් මාසයේදීය. මුලින්ම ටියුනීසියාවේ ජනපති බෙන්අලි පලවා හැරීය. පසුව අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, යේමනයට පැතිරී සිරියාවේ කැරැල්ල ආරම්භ විය. අරාබි වසන්තයට පින්සිදුවන්නට සිරියානු වැසියන් ලක්‍ෂ දෙකක්‌ ඝාතනය වී අවසානය. දැන් යහපාලනය වෙනුවෙන් සිරියානු වැසියෝ දිවි දෙති. අරාබි වසන්තයේ එක්‌ සුජාත දරුවෙක්‌ ලෙස සුන්නි වහාබ්වාදි අයි.එස්‌.අයි.එස්‌. යක්‍ෂයාද බිහිවිය. ජනාධිපතිවරණ වේදිකාවල යහපාලනය පවුල්වාදය ගැන වෛරී ප්‍රකාශ නිකුත් කරන කිසිවෙක්‌ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදුවූ ඊනියා අරාබි වසන්තය හරහා මියගිය ලක්‍ෂ ගණනක්‌ දෙනා ගැන කතා කරන්නේ නැත.


 
චතුර පමුණුව

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger