කාලෙකට පසුව චන්ද්‍රිකා තම බෙලිකටු මල්ල ප්‍රසිද්ධියේ සෙළවීය. ඒ අනුස්මරණ උත්සවයකදී රට ජාතියට එරෙහිවය.
මවුබිම හැර දමා ගොස් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින තම දරුවන්දෙදෙනා චැනල් 4 හා වීඩියෝ පටය නැරඹූබවත් ඉන්පසුව ඔවුන් දෙදෙනා "සිංහලයින්" යැයි හදුන්වාගැනීමටත් ලඡ්ඡාවන බවත් ඔවුන් ඈ සමග කී බව ඇය මෙහිදී ප්‍රසිද්ධ කළාය.
“චෞර රැජිණ” - චන්ද්‍රිකා, බන්ඩාරනායක යුවලගේ දරුවෙක්ද?මවුබිම හැර දමා ගොස් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින තම දරුවන්දෙදෙනා චැනල් 4 හා වීඩියෝ පටය නැරඹූබවත් ඉන්පසුව ඔවුන් දෙදෙනා "සිංහලයින්" යැයි හදුන්වාගැනීමටත් ලඡ්ඡාවන බවත් ඔවුන් ඈ සමග කී බව ඇය මෙහිදී ප්‍රසිද්ධ කළාය.
කාලෙකට පසුව චන්ද්‍රිකා තම බෙලිකටු මල්ල ප්‍රසිද්ධියේ සෙළවීය. ඒ අනුස්මරණ උත්සවයකදී රට ජාතියට එරෙහිවය.
මවුබිම හැර දමා ගොස් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින තම දරුවන්දෙදෙනා චැනල් 4 හා වීඩියෝ පටය නැරඹූබවත් ඉන්පසුව ඔවුන් දෙදෙනා "සිංහලයින්" යැයි හදුන්වාගැනීමටත් ලඡ්ඡාවන බවත් ඔවුන් ඈ සමග කී බව ඇය මෙහිදී ප්‍රසිද්ධ කළාය.
චැනල් 4 වීඩියෝ පටයේ නිරවද්‍යතාවය පිළිබදව තාක්ෂණික විශේෂඥයින් පවා සැක පහල කරන වර්තමානයේ, දුටු පමණින් එය වැළදගැනීමටත් ඒ බව ප්‍රසිද්ධියේ කියා පෑමත් පිටුපස ඇත්තේ “දේශපාලන කුහකකම” හා “දේශද්‍රෝහී” බව නොවේ නම් වෙන කුමක්ද?

හුදෙක් තමන්ගේ අනුප්‍රාප්තිකයාට එරෙහිව නගන මේ චෝදනාවෙන් තමන්ගේ මවු රටට වන හානිය ඇය නොදකින්නේ “උරෝ කැකුණ තලනවිට හබන් කුකුළන්ට ජය මගුල්” යන්න ප්‍රංශ පොත් පත්වල නැති නිසා විය හැක.
මෙහෙදී ඇයගේ දරුවන්ට කියා දියයුතු ඉතිහාසයක් ඇත.
1994 ජනාධිපතිවරණයේදී ඔබලාගේ මවට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක් ගත් වික්ටර් අයිවන් පසුකලෙක ඔබලාගේ මවගේ දේශපාලන දිවිය අළලා ලියන ලද “චෞර රැජිණ” පරීශීලණය කලේනම් ඔබ දෙපල චන්ද්‍රිකාගේ දරුවන් යැයි කීමට ලජ්ජා වනු නොඅනුමානයි.
වරක් මැතිවරණ සමයකදී ඇයගේ සර්බෝන් සරසවියේ උපාධි සහතිකය ගැන විපක්ෂය ප්‍රශ්ණ කලවිට එයට හරිහමන් පිළිතුරක් දී ගත නොහැකිව එවකට පැවති කැබිනෙට්ටුවේ සිටි "කුලියට කහින්නන්" සියලුදෙනාම කරළියට කැදවා යන්තමින් “ජාම” බේරාගත්බව ඔබ දෙදෙනා දනීනම් ඔබලා ඇයගේ දරුවන් යැයි කීමට ලජ්ජා වනුයේ අවම වශයෙන් මීට වසර 12 කට පමන පෙර සිටය.
තමන්ගේ ඝාතනයවූ නලු පියා උතුරට ගොස් කොටි “කිට්ටුලා” සමග ඡායාරූපවලට පෙනීසිටිමින් හා කොටි වෙඩිතැබීමට පුහුණුවන ස්ථානයකට ගොස් ඒ සදහා ඉලක්කය ලෙස භාවිතා කෙරුනු ශ්‍රී ලංකා යූධ හමුදා ඇදුමින් සැරසුනු අපේ රණ විරුවකුගේ ඡායාරූපයක් සහිත ඩමියකට තුවක්කුවකින් එල්ලය ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප දකුණේ මාධ්‍යවල පලවූ බව දනීනම් ඔබලා විජය කුමාරතුංගගේ දරුවන් බව පිළිගැනීමටද එලෙසින්ම ලජ්ජාවිය යුතුය.
මේ සම්බන්ධයෙන් දිය හැකි උදාහරණ බොහෝමයක් ඇත. නමුත් ඊට වඩා වැදගත් දේ ලියා තැබිය යුතුය.
බන්ඩාරණායක ට හා එම මැතිණියට තවමත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ගරු කරති. ඒ ඔවුන් දෙපළගෙන් මේ රටට වූ අමිල සේවය නිසාවෙනි. චන්ද්‍රිකාගේ උප්පැන්නයේ මවගේ හා පියාගේ නම් වශයෙන් සදහන් වන්නේ කාගේ නම්වුවද සත්‍යයවශයෙන්ම බන්ඩාරණායක මහතාට දාව එම මැතිණියගේ කුසින් මෙවන් "චෞර රැජිනක" බිහිවූයේද යන්න බෙහෙවින් සැක සහිතය.කොටින්ම කියතොත් මැය බන්ඩාරනායක යුවලගේ දරුවෙක් යැයි සිතීමද ඒ යුවලට කරන අවමානයකි.නිග්‍රහයකි.
අවසානවශයෙන් චන්ද්‍රිකා වැනි තම පුද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් රට ජාතිය පවා උගස්කිරීමට නොපැකිලෙන දේශද්‍රෝහී කාන්තාවක් වසර 10ක් පමණ අපව පාලනය කරනු ලැබූ බව සිහිවෙද්දී අපට දැනෙනුයේද බලවත් ලජ්ජාවක් ආයිබොවං!
පොදු අපේක්‍ෂක භූමිකාව නිරූපණය කරනු ලබන මෛත්‍රීපාල සිරිසේන මෙහෙයවීම සිදු කරනු ලබනුයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බව මේවන විට පැහැදිලිය. ඒ බව මනාව පැහැදිලි වන හොඳම නිදසුණ වූයේ පොදු අපේක්‍ෂකයා මුල්වරට කලඑළි බසිමින් පැවැත්වූ මාධ්‍ය හමුවය එහිදී දී ඔහුට යම් යම් උපදෙස් ලබා දුන්නේද මාධ්‍ය සාකච්ඡාව අවසන් කළ යුතු අවස්ථාව දැනුම් දුන්නේ ද චන්ද්‍රිකා කුමාරතුංග විසිනි.
ඒ අනුව බලන විට ඇය පොදු අපේක්‍ෂක භූමිකාවේ ඉතා දැවැන්ත කාර්යයක් ඉටු කිරීමට මුල් වී සිටින බව ඕනෑම අයෙකුට වටහා ගත හැකි සරළ දෙයකි. ඇය ප්‍රමුඛ විපක්‍ෂය ගෙන යනු ලබන බටහිර ගැති කොන්ත්‍රාත්තුව අනුමත කරමින් පදනම් විරහිත පුවත්වාර්තා පළ කිරීමට වික්ටර් අයිවන් ප්‍රමුඛ රාවය කටයුතු කරමින් සිටීම ද පුදුම සහගතය.
හේතුව නම් චන්ද්‍රිකා කුමාරතුංග බලයෙන් නික්ම ගොස් වසරක කාලයක් හෝ ගතවන්නට මත්තෙන් වික්ටර් අයිවන් විසින් ‘චෞර රැජින‘ නමින් ආන්දෝලනාත්මක කෘතියක් එළිදක්වමින් චන්ද්‍රිකා කුමාරතුංගගේ චරිතය සහ ඇගේ පාලන කාලය තුල සිදුවූ දුෂණ වංචා අක්‍රමිකතා ඇතුළු රාජ්‍ය බලය අයුතු ලෙස බාවිතා කරමින් සිදු කරන ලද මැරකම් ගැන දීර්ඝ විග්‍රහයක් කර තිබීමයි. චන්ද්‍රිකා පාලන සමයේ පැවැති වංචා, දූෂණ, දේශපාලන පලිගැනීම්, හිරිහැර කිරීම් ආදී කරුණු රැසකින් එම කෘතිය සමන්විතය. ඒ හරහා වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා පාලනය පිළිබඳව ඉතා දැඩිව විවේචනය කර තිබුණි. ඒ හරහා තමන්ට අපහාසයක් සිදු වූ බව කියමින් චරිතය ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමාරතුංග මහත්මියට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් පැවැතිනි. නමුත් ඇය එවැනි ක්‍රමවේදයකට ප්‍රවේශ නොවීම හේතුවෙන් අපට පිළිගත හැකි කරුණ වන්නේ ‘චෞර රැජින‘ කෘතිය හරහා හෙළි කර ඇති තොරතුරු සත්‍යය බවය.
Post a Comment