BREAKING NEWS

රටතොට

Friday, December 12, 2014

අතුරුගිරිය ගුවන් අනතුරේ නොඇසුණු කතා....!!!

පවුලේ එකම දරුවා බේරුවාට ගොඩාක් පිං....!!!  තාත්තා තෑගි අරන් නත්තලට එනවා කීවා මල්ලිවත් ගුවන් හමුදාවට දානවා කීවා (12) අලුයම මුලු දිවයිනම ශෝකයට පත්කරමින් ගුවන් හමුදාවේ යානයක් අනතුරට පත්වුනේ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේදීයි. එම ගුවන්යානයේ ගමන්ගත් සෙබළුන්ගෙන් 4 දෙනෙකු මියගිය අතර එක් අයෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කරනු ලැබුවා. පසුව ඔහුගේ දෙපා හා අතක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කොට තිබුණේ ජීවිතය බේරාගැනීමේ අරමුණිනුයි.අතුරුගිරිය ගුවන් අනතුර සිදුවූ අයුරු - වීඩියෝ සහිතයි
අදාළ ගුවන් අනතුරින් එහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ බලඝන නායක ඒ.එම්.ඩබ්ලිව්.එන්. අබේවර්ධන ජිවිතක්ෂයට පත් වුණා.
ඔහු ගුවන් හමුදා සේවයට එක් වී ඇත්තේ 2002 වසරේදීයි. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 33හැවිරිදි වියේ පසු වුණා. ඔහු විවාහ වී ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස 30 වැනිදායි. මෙම ගුවන් අනතුරින් අදාළ ගුවන්යානයේ සහයක ගුවන් නියමුවා වශයෙන් කටයුතු කල පියාසර ලුතිනන් ඒ.ඒ.ඩී.ටී. අමරතුංග ද ජීවිතක්ෂයට පත්වුණා. ඔහු ගුවන් හමුදා සේවයට එක් වී ඇත්තේ 2006 වසරේදී. ජීවිතක්ෂයට පත් වනවිට ඔහු 29 වන වියේ පසු වුණා.එම යානයේ ගමන් ගත් බලපංති සැරයන් එම්.ඩබ්ලිව්.එල්. ප්‍රියන්ත ද ජීවිතක්ෂයට පත්වුණා. 1995 වසරේදී ගුවන් හමුදා සේවයට එක් වුණු ඔහු ජීවිතක්ෂයට පත් වනවිට ඔහු 39 වන වියේ පසු වුණා.අම්බලන්ගොඩ - තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි බලපංති සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප්‍රියන්ත දෙදරු පියෙක්. ඔහුගේ දියණිය මාධ්යයට අදහස් දක්වමින් ප්‍රකාශකලේ තම පියා නත්තලට තෑගිද රැගෙන පැමිණෙන බව පැවසූ බවයි. එමෙන්ම සිය පුතුද ගුවන් හමුදා සේවයට යොදවන බවට පියා ප්‍රකාශ කල බවයි දියණිය වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ.ගුවන් අනතුරින් ජිවිතක්ෂයට පත් වූ අනෙක් ගුවන් හමුදා සාමාජිකයා වන්නේ කෝප්රල් ඩබ්ලිව්.ඒ.එන්. විජේරත්නයි. 
ඔහු ගුවන් හමුදා සේවයට 2004 වසරේදී එක් වි ඇති අතර, ජීවිතක්ෂයට පත් වනවිට 30 වන වියේ පසු වුණා.ජීවිතක්ෂයට පත් වූ කෝප්රල්වරයා පදිංචිව සිටියේ අනුරාධපුර - පොතානේ ගම ප්‍රදේශයේයි. ජීවිතක්ෂයට පත් වනවිට ඔහු එක් දරු පියෙක් වන අතර, එම දරුවාගේ වයස අවුරුදු 3 ක්.ගුවන් අනතුරින් දිවි බේරා ගැනීමට එම ගුවන්යානයේ ගමන්ගත් එක් ගුවන් හමුදා සාමාජිකයෙකු සමත් වුණා. ඔහුගේ පියා පැවසූ පරිදි අනතුරෙන් දිවි ගලවාගත් සෙබළා පවුලේ එකම දරුවයි. පියා වැඩිදුරටත් ප්‍රකාශකොට තිබුණේ තම පුතාගේ දිවි බේරාගැනීමට කටයුතු කල හෝකන්දර ජනතාවට ස්තූතිවන්ත වන බවත් එම වීරක්‍රියාව සිදුකල පුද්ගලයින් හමුවීමට යන බවත්ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger