ලබන ජනවාරි 8 වෙනිදාට පසු තම පාලනයක් යටතේ වසර 5ක කාලයක් තුළ රැකියා ලක්ෂ 10ක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එහිදී වතුකරයේ තරුණයින්ට ද නිසි අවස්ථා හිමි කරදෙන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වික්‍රමසිංහ කියා සිටියේ.
මේ අතර එම මාධ්‍ය හමුවට එක් වූ ඌව පළාත් සභා විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු සඳහන් කළේ තමන් ආණ්ඩුවට එක්වන බවට ගෙන යන ප‍්‍රචාර අසත්‍ය බවයි. ඉදිරියේදී ඌව පළාත් සභාවේ බලය අත්පත් කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බවද ඔහු සඳහන් කළා.




Post a Comment