BREAKING NEWS

රටතොට

Friday, December 19, 2014

අවනීතිය රජ කරන හෙටකට යළි මහින්ද බජාර් ඵක දිනවමු

වඳුරඹ වේදිකාවට ගිනි තැබීම
මුතුහෙට්‌ටිගම සැකකරුවන් පැහැරගෙන!


ගාල්ල වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ ලොරියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (19 වැනිදා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම  ඇතුළු පිරිසක්‌ විසින් එම සැකකරුවන් තිදෙනා පොලිසියට බලපෑම් කර පැහැරගෙන ගොස්‌ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම කියා සිටියේ එම සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තමන් විසින් රැගෙන ගිය බවයි.

පොලිසියට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට තමන් ඉඩ නොදෙන බව ද ඒ
නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



මේ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් මේ ආකාරයට බලහත්කාරයෙන් රැගෙන යැම බරපතළ වරදක්‌ බවයි.
මෙසේ පැහැරගෙන යමින් සිටි සැකකරුවන් ලුහුබැඳ ගිය බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් නියෝජ්‍ය ඇමැතිවරයා භාරයේ සිටි එම සැකකරුවන් තම භාරයට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න  නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගමගේ ආධාරකරුවන් වන දිමුත් ප්‍රදීප්, ජානක දුමින්ද සහ ජනක රුවන් කුමාර යන අය බව පොලිසිය පවසයි.

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස ගාල්ල වඳුරඹ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්‌වීමක වේදිකාවට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සහිත ලොරියකට කිසියම් පිරිසක්‌ විසින් බෝම්බ ගසා ගිනි තබා විනාශ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලදී හෙළි වුයේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගමට අයත් වාහන කීපයකින් පැමිණි සන්නද්ධ පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

පසුව පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධව නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් තිදෙනා ඊයේ පෙරවරුවේදී බද්දේගම අධිකරණය වෙත රැගෙන යැමට සූදානම් වෙද්දී නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිසක්‌ එහි පැමිණ පොලිසියට විවිධ බලපෑම් කර ඇත.

පසුව වඳුරඹ පොලිසිය මගින් සැකකරුවන් ජීප් රථයක නංවාගෙන බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී ඒ පසුපස වාහන කීපයකින් පන්නාගෙන ආ නියෝජ්‍ය ඇමැති ඇතුළු පිරිසක්‌ ජීප් රථයට මග හරස්‌ කර එහි සිටි සැකකරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස්‌ තිබේ.

පසුව බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නියෝජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් වාහන පසුපස පන්නාගෙන ගොස්‌ ඔහු භාරයේ සිටි සැකකරුවන් නැවත අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පවත්වා ගෙන යයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වඳුරඹ පොලිසිය කියා සිටියේ එවැනි පැහැර ගැනීමක්‌ සිදු නොවූ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  කළ විමසීමකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම කියා සිටියේ එම සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තමන් විසින් රැගෙන ගිය බවයි.

පොලිසියට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට තමන් ඉඩ නොදෙන බව ද ඒ
නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් මේ ආකාරයට බලහත්කාරයෙන් රැගෙන යැම බරපතළ වරදක්‌ බවයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger