මෙම විශේෂාංගය ආරම්භ කිරීමට අපට පහළ වූ අදහස්, හේතු කාරණා කිහිපයකි.
මින් ප්‍රධානම හේතුපාඨයන් උප විවරණය කොට දැක්වුවහොත් සමාජයේ උන්නතිය, ප්‍රගමණය සඳහා සිංහල භාෂාවේ බොහෝ පොත් ලියවී නොමැත.ලියැවී ඇතත් මෑත භාගයේදී සමාජයේ වඩාත් කථා බහට ලක් වූ , එසේම දේශපාලන අන්ධ විශ්වාසයෙන් , පක්ෂ පාට භේදයෙන් ඇතැම් නොමේරූ මනස් ඇති රටේ වැඩිහිටියන්ගේ නැණ මනස් විචල්‍ය කරවූ එසේම සරල බසින් ග්‍රන්ථාරූඪ කෙරූ පුස්තකයක් වූ "චෞර රැජිණ" තරම් විචක්ෂණශිලි ලෙසින් ලියැවු ග්රන්ථයක් බිහි වී නොමැත.එහෙයින් අප මෙම ග්‍රන්ථයේ පිටු පහ බැගින් ඉදිරිපත් කරන්නෙමු.අප එසේ කරනුයේ පාදඩ දේශපාලන බලයේ මුවාවෙන් රට කබාසිනියා කොට දැමු , විවේචනයේ යෙදුණු අහිංසක මාධ්‍යවේදීන් අමු අමුවේ මරා දැමු බේබදු ගැහැණියක වන චන්ද්‍රිකා නැවතත් පසුබිමේ හොල්මන් කරමින් සිටින බව අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන නිසාය.අපේ අයට දින කිහිපයකින් සියල්ල අමතකය.ඒ අමතක වූ මතකය නැවත මතක් කිරීමට අපගේ මෙම වෑයම ඉවහල් වේයැයි සිතමු.
වික්ටර් අයිවන් මහතාටත් , ප්රකාශනය කෙරූ ආයතනයටත් අපගේත් රටේත් සදා ගෞරවය හිමි වේ.
ලංකා නිවුස් සංස්කාරක මණ්ඩලය
Post a Comment