ත්‍රීරෝදයකින් නඩු භාණ්‌ඩ පන්නලා
වතුර මෝටර් දෙකක්ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්
ගංජා කිලෝ ග්‍රෑම් 8 ක්
මැණික් ගරන කූඩ දෙකක්
ඔහු ළඟ තිබී අල්ලා ගනී
බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ රෙජිස්‌ට්‍රාර් එම අධිකරණයේ නඩු භාණ්‌ඩ වශයෙන් ගබඩාවේ තිබූ ගංජා තොගයක් ඇතුළු තවත් උපකරණ රැසක් ත්‍රිරෝද රථයකින් නීති විරෝධී ලෙස නගරයට රැගෙන යමින් සිටියදී බණ්‌ඩාරවෙල පොලිසිය මගින් පෙරේදා (29 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
ගංජා කිලෝ ග්‍රෑම් අටක්, විදුලි වතුර මෝටර් එකක්, භූමිතෙල් වතුර මෝටර් එකක්, ගෘහස්‌ථ ගෑස් සිලින්ඩර එකක් සහ මැණික් ගැරීමට උපයෝගි කරගනු ලබන කූඩ දෙකක් සමග මෙම රෙජිස්‌ට්‍රාර් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම භාණ්‌ඩ උසාවි භූමියේ සිට බණ්‌ඩාරවෙල නගරයට රැගෙන යැමට යොදා ගනු ලැබූ ත්‍රිරෝද රථයක් සහ එහි රියෑදුරු ලෙස සේවය කළ බණ්‌ඩාරවෙල පුනාගල පාරේ තැපෑල කන්දේ පදිංචි පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (29 දා) හදිසි කටයුත්තක් සඳහා බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට පැමිණි රෙජිස්‌ට්‍රාර් මහෙස්‌ත්‍රාත් අධිකරණයේ ගබඩාවේ නඩු භාණ්‌ඩ වශයෙන් තිබූ භාණ්‌ඩ කීපයක් රැගෙන ආපසු යමින් සිටියදී මෙසේ පොලිසියට කොටුවී තිබේ.
සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා ජාවාරමේ නිරතව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව විශේෂ පොලිස් කණ්‌ඩායමක් යොදවා ඔහුගේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු පොලිසිය රැස්‌කර තිබිණි.
සැකකරු පොලිසියට කොටුවී ඇත්තේ ගංජා තොගය ත්‍රිරෝද රථයක පටවාගෙන තවත් ජාවාරම්කරුවකුට ලබාදීමට යමින් සිටියදීය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසියට පවසා ඇත්තේ තමන් මෙම ජාවාරමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් ගමන්ගත් ත්‍රිරෝද රථයේ එම ගංජා තොගය තිබූ බවත්ය.
අධිකරණයේ නඩු භාණ්‌ඩ ගබඩාවේ ගබඩා කර ඇති ගංජා තොග හොර රහසේ රැගෙන ගොස් අලෙවිකරන බව පොලිසියට සැක පහළ වී ඇත. බණ්‌ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත බණ්‌ඩාරවෙල ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදුකරති.
හේමන්ත රන්දුණු, කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල, වැලිමඩ - අර්ලි දඹදෙණිය
Post a Comment