තමිල්නාඩුවේදී ප්රභාකරන්ගේ උපන් දිනය සැමරූ කොටි හිතවාදී දේශපාලනඥයින් ඇතුළු ආධාරකරුවන් 106 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මක්කල් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ නායක වයිකෝ විසින් තමිල්නාඩුවේ කර්ඌර් ප්‍රදේශයේදී කිලෝ 60ක් බර කේක් ගෙඩියක් කපමින් මෙම උපන් දිනය සැමරූ අවස්ථාවේදී පොලිසිය විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පුදුක්කෝට්ටෙයි තිරුවරන්කුලම් ප්‍රදේශයේ පොලිස් තහනම නොතකා කෝවිලක කුම්බාභිෂේක උත්සවයක් පවත්වමින් සිටි කාන්තාවන් 42 දෙනකු ඇතුළු 44 දෙනකු පුදුක්කෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්රභාකරන්ගේ උපන් දිනය හා මහවිරු දිනය සමරන 26 හා 27 යන දිනයන්හි තමිල්නාඩුවේ කිසිදු උත්සවයක් නොපවත්වන ලෙස පොලිසිය දෙන ලද නියෝගය නොතකා කෝවිලේ පැවැති ආගමික උත්සවය අත්හිටුවන ලෙස පොලිසිය නියෝග කර ඇත.
ඊට එරෙහිව කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම පුද්ගලයින් 44 දෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment