BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 27, 2014

රුසියාවේ යානයක් ගුවන්ගත කිරීමට මගීන්ගෙන් තල්ලුවක්....!!!

රුසියාවේ ඉගාර්කා ගුවන් තොටු‍පොළින් ගුවන්ගත වීමට තියූ යානයක තිරිංග හිරවීමක් හේතුවෙන් නියමිත වේලාවට ගුවන් ගත කිරීමට නොහැකි වී ඇති බව එරට රියා නොවොස්ටි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මෙම සිද්ධිය ඇතිවීමට හේතු වී ඇත්තේ අධික සීත කාලගුණය හේතුවෙන් බව වාර්තා කර තිබේ.
මේ අවස්ථාවේ එම ප්‍රදේශයේ උෂ්ණත්වය ණ අංශක 52 ක් ව තිබි ඇති හෙයින් තිරිංග ඝන වී තිබි ඇත. යානය ගාල්කර තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට දැරූ උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් යානයේ සිටි මගීන් යානයෙන් බැස ගුවන් තොටු‍පොළ සේවකයන්ගේ සහායද ඇතිව යානය තල්ලුකර  ගුවන් පථයට යානය ගෙන ඒමෙන් පසු යානය ගුවන්ගත වී කිසිදු බාධාවකින් තොරව ක්‍රස්නොයාර්ක් ගුවන්තොටු‍පොළට ගොඩබස්සවා ඇත.

එසේ ගුවන් යානය ගොඩබැස්සුව ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් වෙනුයේ ගුවන්තොටු‍පොළ සේවකයන්, ගුවන් පථය සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය මගින් කිසිදු හෝ වැරැද්දක් සිදු වී ඇත්ද යන්න සොයා බැලීම සඳහාය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger