දෙමළ ජාතික සන්ධානය හා ඊපීඞීපී සංවිධාන නියෝජිතයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. අද පෙරවරුවේ යාපනය දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුව තිබේ.
ගැටුම නිසා උතුරු පළාත් කෘෂිකර්මාන්ත අමාත්‍ය පී.අයින්ගරනේෂන්, මන්ත්‍රී තංගයියා සර්වේස්වරන් තුවාල ලබා ඇත.
ගැටුමට මුල් වී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මධ්‍යම ආණ්ඩුව විවේචනය කරද්දී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පළාත් ආණ්ඩුව විවේචනය කිරීම බවත් පැවසෙයි.
යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද ගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී.අයිකරනේෂන් ට බෝතලයකින් පහරදීමත් සමග දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු රැස්වීම වර්ජනය කර ඉවත්වූහ.
කලබලය ඇතිවීමට පෙර සම සභාපතිවරුන් වන උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා දේවානන්ද ද කථා කළහ. දේවානන්ද ගේ කථාවේ දේශපාලන ස්වරූපයක් තිබූ බවත් ඊට පිළිතුරු දීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් නැගී සිටි බවත් කියති. ඔහු අත තිබූ මයික්‍රෆෝනය ඉවත් කරන්නැයි දේවානන්ද ඉල්ලා ඇත. කෘෂිකර්ම ඇමති ඊට විරෝධය පා කථාකරද්දී ඔහු පහර කෑමට ලක්වී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment