BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, November 27, 2014

‘බළල්ලූ ලවා කොස් ඇට බාවා ගන්න’ විස්කි චන්ද්‍රිකා ....!!!

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට චේන්ජ් එකක් අවශ්‍යව තිබෙනවා. එයාට අවශ්‍ය වී ඇත්තේ ‘ඇරියස් කවර් කර ගැනීමේ’ චේන්ජ් එකක්. ධුර කාල දෙකක් කාලා, කාලයත් කාලා, රටත් කාලා අන්තිමට රාජ්‍ය නායිකාවක් තම ධුරය අත්හැර යන නරකම විදිය අත් විඳපු කෙනෙක් ඇය. එදා රවී කරුණානායකලා එයාට විරුද්ධව සටන් පාඨ හැදුවේ ‘විස්කි මැඩම් පිස්සු කෙළී’ කියලයි.
‘ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බණ්ඩාරනායකවරුන්ගේ පාරම්පරික උරුමය. ඒක රාජපක්‍ෂවරුන්ට හෝ වෙන අයකුට දෙන්න බැහැ. ඒ නිසා රටට මොන දේ වුණත් මම ඒ උරුමය ගන්න එනවා’ කියලා චන්ද්‍රිකා දැන් වේදිකාවට ඇවිත් තිබෙනවා, චේන්ජ් එකක් බලාපොරොත්තුවෙන්.
තව ඉන්නවා, චේන්ජ්  ඕනෙ කට්ටිය. රනිල් වික‍්‍රමසිංහ  එහෙම කෙනෙක්. එයාට  ඕනෙ විපක්‍ෂ නායකකම හා එක්සත් ජාතික පක්‍ෂය නායකත්වය චේන්ජ් නොකරම තියා ගන්න. එහෙම කර ගන්න එයාට  ඕනෙ වෙනවා, ‘බළල්ලූ ලවා කොස් ඇට බාවා ගන්න’. ‘නංගි පෙන්වලා අක්කා දෙන්න’. ඔය වගේ තක්කඩි වැඩවලට අපේ ප‍්‍රස්ථාව පිරුළු  ඕනෙ තරම් තියෙනවා. අවුරුදු 20ක් තිස්සේ බලය නැහැ. ඡුන්ද 29ක් පරාදයි. මේකත් පැරදුණොත් සජිත් කොලූවා දොර මුල්ලෙ ඉන්නවා පොල්ල තියාගෙන. ඒ නිසා මේ වෙලාවේ රනිල් මොකක් හරි චේන්ජ් එකක් කර ගන්න  ඕනෙ. 2010 දී හිතුවා මොකක් හරි චේන්ජ් එකක් කර ගන්න. ඒකට හිටපු හමුදාපතිතුමාව අල්ලා ගත්තා. ඒකත් බැරි වුණා. එදා වගේ අදත් බලනවා, තමන් චේන්ජ් නොවී, චේන්ජ් එකක් කර ගන්න.
සුළු ජාතිවාදී කේවල් කිරීමට කැමති, අබල දුබල රූකඩ ආණ්ඩුවක් හදනවාට කැමති, ඒ අබල දුබල ආණ්ඩුවලින් තමන්ට කැමති කැමති දේ දිනා ගන්න පුළුවන් කියලා හිතන කල්ලි කණ්ඩායම්වලටත් අවශ්‍ය වෙලා තියෙනවා වෙනසක්. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාටත් තියෙනවානේ, ආත්ම කේන්ද්‍රීය වේදනාවක් පිට කිරීමට. ඒ නිසා එයාටත් අවශ්‍යයි පළිගැනීමට චේන්ජ් එකක්. ආත්ම කේන්ද්‍රීය වේදනා කාටද නැත්තේ?
නැවත මේ පොළොවෙ ජාතිකත්ව පසමිතුරුතාව ඇවිලවීම සහ නැවත මේ රට අස්ථාවර කිරීම තමයි, මේ ‘චේන්ජ්’ කියන එක ඇතුළෙ තියෙන ඇත්ත කතාව’
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කුරිරු බවට එරෙහිව පැන නැගුණු 1818 ඌව වෙල්ලස්ස ජාතික නිදහස් අරගලයට අභීත නායකත්වය සැපයූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පුදා වසර 196ක් සැපිරුණු ඊයේ දිනයේදී මෙම තරුණ සමුළුව කැඳවා තිබිණි.
‘අවදිවෙමු! නැගිටිමු! පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ පැවැත්වූ මෙම සමුළුවේදී සම්මානනීය නළු දර්ශන් ධර්මරාජ් සහ ප‍්‍රවීණ ලේඛක කුමාර ලියනගේද  විශේෂ දෙසුම් පැවැත්වූහ.

. එසේම මෙම සමුළුව කලා හා සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් කිරීමටද සංවිධායකයන් විසින් කටයුතු යොදා තිබිණි.
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger