තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කිලිනොච්චියේ දී දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ඊළාම් ඉල්ලීම් අත හරින්නේ නම් විධායක ජනාධිපති ක‍්‍රමයේ වෙනස්කම් ඇති කිරීමට තමා සූදානම් බවට අදහස් පල කරමින් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එසේ පැවසීය.
තම පක්‍ෂයේ ස්ථාවරය ගැන සැකයක් ඇති නම් එම පක්ෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ එම දිවුරුම් පෙත්සම ජනාධිපතිවරයාට පරීක්ෂා කර බැලිය හැකි බව ද සුමන්තිරන් කීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment