BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, October 12, 2014

මතක තියාගන්න මාත් එනවා...

රනිල් වික්‍රමසිංහ  එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවේ එකඟත්වය පළකොට තිබේ. මේ එකඟත්වය පළ වී තිබෙන්නේ ඉකුත් සිකුරාදා (10දා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන්ගේ රැස්වීමේදීය. වික්‍රමසිංහ  එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ යුතු බව මෙහිදී යෝජනා කොට තිබෙන්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසයි.
ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලනවා නේ දැයි සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ වෙත කෙළින්ම ප්‍රශ්නය ඉදිරිපත් කළ විට ඔව්! මම ඉල්ලනවා යැයි වික්‍රමසිංහද කෙළින් පිළිතුරක් දී තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක  ප්‍රකාශ කර තිබෙන්නේ මෙය කතා කර කර ඉන්න තරම් දෙයක් නොවන බවත් පක්ෂ නායක ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවත්ය.


ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අපි පිටතට නොගොස් අභ්‍යන්තරව එකඟතාවක් ඇති කර ගත යුතු බවත් එවැනි එකඟතාවක් නැතිනම් ඇතැම් විට පක්ෂයේම ඇතැම් අය වෙනත් අය ගැන කතා කරන්නට ඉඩ තිබෙන බව සජිත් ප්‍රේමදාස පෙන්වා දී ඇත. එම අදහසට පක්ෂ ලේකම් තිස්ස අත්තනායක, ජෝශප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග, කබීර් හෂීම්  සහ රෝසි සේනානායක  සහාය පළ කොට තිබේ. එජාපය විශාල බලවේගයක් තිබෙන පක්ෂයක් බැවින් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේදී වෙනත් අයගේද සහයෝගය ලබා ගැනීමට එකඟවෙමින් පොදු වේදිකාවක් ගොඩනඟමු යැයි මෙහිදී අත්තනායක  කළ යෝජනාවට වැඩිදෙනා කැමැත්ත පළකොට ඇත.
අනෙක් පක්ෂවල සහයෝගය ලබා ගැනීමට තමා එම පක්ෂ සමඟ සාකච්ඡා කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට තිබේ. කරු ජයසූරිය, මංගල සමරවීර  මේ සාක්ච්ඡාවේදී නිහඬ
පිළිවෙතක සිටි බව වාර්තා වෙයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger