පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව මඟින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉටු කිරීමට අදාළ පොරොන්දුවක් ලබා නොදෙන්නේ නම් අතුරලියේ රතන හිමියන් ඇතුළු ප්‍රබල ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ලබන 14 වැනිදා මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය වෙනස් කිරීම, දාහත් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනෙක පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‍ෂක ඇමැතිකම පමණක් භාර දීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන යෝජනා මේ අතර වෙයි. ඉදිරි ජනාධිපතිවරණයට පෙර මේ යෝජනාව පිළිගෙන කටයුතු නොකරන්නේ නම් පත්වන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගැනීමට සහයෝගය ලබා නොදෙන බවද අතුරලියේ රතන හිමියන් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්‍ෂ සහ ඩලස් අලහප්පෙරුම යන ඇමැතිවරුන් අතුරලියේ රතන හිමියන්ගේ පන්සල වන 'සදහම් සෙවණ'ට ගොස් ඇති අතර එහිදී දෙපාර්ශ්වය පැය දෙකක සාකච්ඡාවක් පවත්වා ඇත. මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙස අදාළ ඇමැතිවරුන් රතන හිමියන්ගෙන් ඉල්ලා ඇතත්, එය පිළිගැනීමට උන්වහන්සේ කටයුතු කර නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර අදාළ යෝජනා පිළිනොගතහොත් ඇමැතිවරුන් සමඟ සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment