
විපක්ෂය 28 වතාවක් මැතිවරණවලට ඉල්ලා පැරැදුණා. විපක්ෂ නායකට 29 වැනි වතාවටත් පරදින්න ඡන්දෙ ඉල්ලන්න පුළුවන් නම් මට තුන්වැනි වරටත් දිනන්න ඉල්ලන්න නීතියෙන් බැහැ කීම විහිළු කතාවකැයි ජනාධිපතිවරයා පැවැසීය.
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පොල්ගහවෙල නගර සභා පිටියේ පැවැති ජනහමුවේදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
අපි සංවර්ධන වැඩ කරගෙන යද්දී අපි ගැන වෛරයෙන් කතා කරනවා. මම නම් කාටවත් අපහාස කරන්න ඇඟිල්ල දික් කරන්න යන්නෙ නැහැ. මම දැක්කා 'දැන් රට ආණ්ඩු කරන්නෙ බයියෙක්' කියනවා සොයා බැලුවාම ඒක කියාපු හාදයත් අපේ ගම් කිට්ටුව කෙනෙක්. අධිරාජ්‍යවාදී රදල ගති ඉස්මතු කරන්න මේ අය තවම වෑයම් කරනවා.
Post a Comment