BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, October 18, 2014

346 දෙනෙකු ශ‍්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවයි....

අතිශය දරුණු පාතාල කල්ලි නායකයන් 346 දෙනෙකු ශ‍්‍රී ලංකාවේ පාතාලය මෙහෙයවන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

මෙම පාතාල නායකයන්ගේ නම් හෙළිකරගෙන ඇත්තේ රාජ්‍ය ආරක්‍ෂක මණ්ඩලයේ නියෝගය පරිදි දීප ව්‍යාප්තව සිදුකල බුද්ධි තොරතුරු සමීක්‍ෂණයකදීය. පාතාලය හඳුනා ගැනීම සඳහා මෙබඳ සමීක්‍ෂණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

දේශපාලඥයක් දස දෙනෙකු පාතාලය සමඟ සෘජු සම්බන්ධකම් පවත්වන බවද මෙම සමීක්‍ෂණයේදී අණාවරණය වී තිබේ. මෙයින් තිදෙනෙකු ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් බවටත් ඉතිරි හත් දෙනා ඉහල තනතුරු දරන දේශපාලඥනයන් බවටත් බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger