BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, October 2, 2014

රට යන අත.....? අනේ අනිච්චං 1

සියක්‌ වයසැති මහලු මවගේ ඝාතනයමිදුලේ තිබුණු පොල්ලකින් ආච්චිගේ
ඔළුවට දෙපාරක්‌ ගැහැව්වා



සිද්ධිය වූ (24) දවසේ මම ඉස්‌කෝලෙ ගියා. ගුරුවරයකුගේ බයිසිකලේ රෝදේ හුළං ඇරියා කියලා සර්ලා මට අවවාද කළා. මම පාසල ඇරෙන්න කලින් පැනලා ගෙදර ආවා. ඇවිත් සෝමාවති ආච්චිලාගේ ගෙදර පැත්තේ ගියා. "උඹ අර සුදාගෙ කොළුව නේද?" කියලා ආච්චි ඇහුවා. ඊට පස්‌සෙ මිදුලෙ මල් කඩන්න යනවා දැක්‌කා. මම ඒ වෙලාව ගේ ඇතුලට ගිහින් අල්මාරිය ඇරලා සල්ලි හොයද්දී ෆෝන් එකකුයි රුපියල් අටසීයකුයි හම්බවුණා. ඒකත් අරන් මම එළියට එද්දි ආච්චි මල් කඩාගෙන ගේ ඇතුළට එන්න හදනවා දැකලා මිදුලෙ තිබුණ පොල්ලක්‌ අරන් දෙපාරක්‌ ඔළුවට ගැහුවා. ඒ එක්‌කම බිම වැටුණා. ඊට පස්‌සෙ තවත් එකපාරක්‌ පොල්ලෙන් ඔළුවට ගහලා දුවලා ගිහින් තේ වත්තේ උඩහ රෑ 8.00 වෙනකම් ඉඳල නවයට විතර ගෙදර ගියා. ඊට පස්‌සෙන්දා මම අර සල්ලිවලින් රුපියල් 240 කට සෙරෙප්පු ජෝඩුවක්‌ ගත්තා.


බළන්ගොඩ එගොඩ වලේබොඩ පැණි පංගුව ප්‍රදේශයේ විසූ දරුවන් දහතුන් දෙනකුගේ මවක්‌වූ හේරත් මුදියන්සේලාගේ සෝමාවතී නමැති වයස අවුරුදු සියය ඉක්‌මවූ වයස්‌ගත කාන්තාව ජීවත් වූයේ තම දියණියකගේ නිවසේය.

මෙම කාන්තාවගේ අනෙක්‌ දරුවන් විවාහ වී වෙන්වී ගොසිනි. මැයට ශත වර්ෂයක වඩා වැඩියෙන් වයස වුවත් තමන්ගේ කටයුතු පමණක්‌ නොව උයා පිහා ගැනීම් පවා තනියම කරගත හැකි හොඳින් ඇස්‌ පෙනෙන කන් ඇසෙන නිරෝගී කාන්තාවකි. ඇයගේ දියණිය වූ එන්. කුමාරිහාමි එදා තම සැමියාත් දරුවාත් සමඟ බළන්ගොඩ නගරයට ගියහ. නමුත් හැන්දැවේ 5.30 ට පමණ නිවසට ඇවිත් බලද්දී දොර ජනෙල් විවෘතව තිබුණත් සිය මව පේන්නට නොසිටි නිසා වටපිටාවේ විපරම් කර බැලුවාය. එසේ බලද්දී නිවස අසල අම්මා වැටී සිටි බව දැක ඇත. මවට කථා කළත් කතා කළේ නැත. වහාම අසල්වැසි අයට සිද්ධිය පවසා ත්‍රිරෝද රථයක්‌ ගෙන්වාගෙන බළන්ගොඩ මූලික රෝහලට ගෙන ගියත්, ඒ වනවිටත් ඇය අවසන් හුස්‌ම හෙළා තිබූ බව වෛද්‍යවරු පවසා තිබුණහ.

දියණිය ඇතුළු ඥාතීන් හිතා ඇත්තේ අම්මා මිදුලේ ලිස්‌සා වැටෙන්නට ඇති බවය. එහෙත් පසු දින බළන්ගොඩ මූලික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී පි. දයා මාතොටආරච්චි විසින් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ මොට්‌ට ආයුධයකින් හෝ පොල්ලකින් හිසට පහරදීමෙන් සිදුවූ මරණයක්‌ බවයි.

බළන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. ගයාන් ප්‍රසන්න , අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ෂෙල්ටන් උඩුවකගේ ඇතුළු නිලධාරී කණ්‌ඩායමකට මෙම ඝාතනයට සම්බනධ අය කොටුකර ගැනීමට සියලු උපදෙස්‌ ලබා දුන්නේය.

පොලිසිය මගින් ප්‍රදේශය පුරා ජනතාවගෙන් තොරතුරු විමසා බලද්දී මීට පෙර සොරකමක්‌ සම්බන්ධයෙන් චෝදනා ලබා පරිවාස අධීක්‍ෂණය යටතේ සිටින කොලු ගැටයකු ගැන තොරතුරක්‌ තිබුණි. මේ අනුව මෙම නිවස අසලම ජීවත්වන ඉතා මුරණ්‌ඩු ගති පැවතුම් ඇති නවය වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු වූ එන්. ජයලත් ගුණසිරි නමැති 15 හැවිරිදි අයගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් කරද්දී ඔහු සියල්ල වමාරන්නට විය. එම පාපොච්ඡාරණය මෙසේය.

සිද්ධිය වූ (24) දවසේ මම ඉස්‌කෝලෙ ගියා. ගුරුවරයකුගේ බයිසිකලේ රෝදේ හුළං ඇරියා කියලා සර්ලා මට අවවාද කළා. මම පාසල ඇරෙන්න කලින් පැනලා ගෙදර ආවා. ඇවිත් සෝමාවති ආච්චිලාගේ ගෙදර පැත්තේ ගියා. "උඹ අර සුදාගෙ කොළුව නේද?" කියලා ආච්චි ඇහුවා. ඊට පස්‌සෙ මිදුලෙ මල් කඩන්න යනවා දැක්‌කා. මම ඒ වෙලාව ගේ ඇතුලට ගිහින් අල්මාරිය ඇරලා සල්ලි හොයද්දී ෆෝන් එකකුයි රුපියල් අටසීයකුයි හම්බවුණා. ඒකත් අරන් මම එළියට එද්දි ආච්චි මල් කඩාගෙන ගේ ඇතුළට එන්න හදනවා දැකලා මිදුලෙ තිබුණ පොල්ලක්‌ අරන් දෙපාරක්‌ ඔළුවට ගැහුවා. ඒ එක්‌කම බිම වැටුණා. ඊට පස්‌සෙ තවත් එකපාරක්‌ පොල්ලෙන් ඔළුවට ගහලා දුවලා ගිහින් තේ වත්තේ උඩහ රෑ 8.00 වෙනකම් ඉඳල නවයට විතර ගෙදර ගියා. ඊට පස්‌සෙන්දා මම අර සල්ලිවලින් රුපියල් 240 කට සෙරෙප්පු ජෝඩුවක්‌ ගත්තා.

පොලිසිය මගින් ඉන්පසු කරන ලද පරීක්‍ෂණවලදී මොහු සතුව තිබූ සොරාගත් මුදලින් කොටසක්‌ ද ෆෝන්  එකද සොයා ගනු ලැබීය. මෙම චෝදනාව මත සැකකරු බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ජී. එල්. කන්නන්ගර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 දා තෙක්‌ දෙහිඕවිට මුරුත්තෙට්‌ටුව ළමා නිවාසයේ දැඩි ආරක්‌ෂාව යටතේ රඳවා තැබීමට නියෝග කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධව බලන්ගොඩ පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී ස්‌ථානාධිපතිවරුන්ට සහය දෙමින් පො. සැ. (20880) ගුණරත්න, පො. සැ. (20883) වඩුගේ, පො. කො. නුවන් යන මහත්වරුන්ද ක්‍රියා කළහ.

බළන්ගොඩ - එන්. එච්. පියසේන

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger