මිත්තණියව අපයෝජනය කළ මුණුබුරා
වසර පහළොවක් හිරේ
හැත්තෑපස් හැවිරිදි වයෝවෘද්ධ තම මිත්තණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ මුණුබුරෙකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන්. එච්. කුලතුංග විසින් ඊයේ (1දා) බරපතල වැඩසහිත වසර පහළවක සිරදඬුවමක් නියම කළේය.
ඊට අමතරව රුපියල් විසිපන් දහසක දඩයක්‌ද වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂයක්‌ද ගෙවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල සහ වන්දි මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් නියම කරන ලදී.
මෙසේ දඬුවම් නියම වූයේ තණමල්විල හම්බෙගමුව පදිංචිව සිටි ඡේ. ජී. තිලක් ශාන්ත නමැත්තාටය. 2010 ජුලි මස 29 වෙනි දින කුඩා නෙටලුව ප්‍රදේශයේදී හැත්තෑපස් හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 364 (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.
රජයේ නීතිඥ අග්බෝ පණ්‌ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සුසන්ත රත්නායක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment