BREAKING NEWS

රටතොට

Thursday, January 16, 2014

බාලවයස්‌කාර දැරියට අතවර කළ හය දෙනා දැලේ...

වයස අවුරුදු 13 ක දැරියක්‌ බිංගිරිය - හිරිපොකුණ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස්‌ දූෂණය කළ තරුණයින් පිරිසක්‌  (14) දින සවස බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම දැරිය පසුගිය 8 වෙනිදා සිට මෙසේ මුදලට විකිණී තරුණයින් විශාල පිරිසක්‌ ඇය තැනින් තැන රඳවා මෙසේ සමූහ දූෂණයකට ලක්‌ කර ඇතැයි පොලිසිය කියයි.

මෙම දැරිය බිංගිරිය ප්‍රදේශයේ ඇගේ මිත්තණිය ලඟ නැවතී සිටින අතර මීට වසරකට පමණ පෙර ඇගේ හිතුවක්‌කාර ගතිගුණ නිසා කළුතර ප්‍රදේශයේ පරිවාස බාලිකා නිවාසයක රඳවා ඇති අතර එයින් නිවාඩු ලබා පැමිණ සිටින මොහොතක මෙම සිද්ධියට මුහුණ පා ඇතිබව පවසයි.

දැනට තරුණයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මෙවැනිම පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට සිටින බවද පොලිසිය කියයි.

දූෂණයට ලක්‌වූ දැරිය දැනට කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කොට ඇත.

බිංගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. ජගත් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. එච්. එම්. පී. හේරත් මහතා සමග පො. සැ. (25045) ධර්මපාල, (45845) සේනක, (54510) ගුණවර්ධන, පො. කො. (51092), රූපසිංහ (59417), නිශාන්ත (60965) පියන්ත යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලබති.
 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger