මස් වැද්දන් විසින් හොර හරක් ජාවාරම විවිධ ක්‍රම උපයෝගි කරගෙන සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති. ස්‌වයංක්‍රීය දොරටු සහිත ලොරිවලින් රාත්‍රි කාලයේ පැමිණ හරකුන් අසල නවතා දොරවල් විවෘත කර හරක් එතුළට එලවා දොරවල් වසා පලායැම එක් උපක්‍රමයකි.
තවත් උපක්‍රමයක් වනුයේ විශාල බෆර් සහිත වාහනයක හරක් හප්පා අඩපණ කර වැටුණු පසු ඩොල්ෆින් වෑන් වලින් හෝ ට්‍රක් රථවලට පටවා ගෙනයැමය.
මෙම හරක් ජාවාරම මාතර දිස්‌ත්‍රික්‌කය තුළ එන්න එන්නම වැඩිවී ඇති අතර මේ බව තේරුම් ගත්තාක් මෙන් හරක් රාත්‍රි කාලයට අකුරැස්‌ස පොලිසිය අසලට පැමිණ ජීවිත රැක ගන්නා අයුරු දැකගත හැකිය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ මස්‌වැද්දන් විසින් ගවයකු හප්පා අඩපණ කර පටවාගෙන යැමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී ඒ ගවයා බලවත් සේ තුවාල වී වැටී සිටි අයුරු හා අනුකම්පා කළ මිනිසුන් වතුර කෙසෙල්ගෙඩි ගෙනවිත් දමා තිබූ අයුරුය.
සමන් උපුල් පිනිදිය - අකුරැස්‌ස
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment