- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, January 2, 2014
හමු වූ ඇටකටු වසර 15 කට වඩා පැරණි ඒවා
කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාලනය යටතේ පැවති මන්නාරම, තිරුකේශ්වරම් කෝවිල ආසන්නයෙන් මතු වූ සමූහ මිනී වළකින් හමුවූ මිනිස් ඇටකටු වසර පහළොවකට වඩා පරණ ඒවා යෑයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
ඒවා පසුගිය යුද සමයේදී එල්. ටී. ටී. ඊ. ය විසින් පැහැරගෙන පසුව ඝාතනයට ලක් කළ පොලිස් හා හමුදා සාමාජිකයන්ගේ ඇටසැකිලි යෑයි සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මන්නාරම මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු කේ. ආනන්දි කනගරත්නම් මහත්මිය ඉදිරියේ තුන්වැනි වරටත් මෙම මිනිස් ඇටසැකිලිවල කැණීම් කටයුතු සිදු කළ අතර පසුගිය 21 වැනිදා මාර්ග ජලනළ එළීමේ කටයුතුවල නිරත වූ මාර්ග කම්කරුවන්ට මුලින්ම මෙම මිනිස් ඇටසැකිලි හමුවිය.
කම්කරුවන් විසින් පොලිසියට දැන්වූ පසු මන්නාරම පොලිසිය දිසා විනිසුරුවරියට කරුණු දන්වා තිබිණ. එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය මෙම ස්‌ථානයේ කැණීම් කටයුතු කිරීමට නියෝග කළාය.
පුද්ගල මළ සිරුර දහයක් මෙලෙස කළ කැණීම්වලදී සොයාගනු ලැබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමි ප්‍රදේශය වසර 1700 කට වඩා පැරණි මාන්තෝට්‌ටම් වරාය තිබූ ස්‌ථානය ද වේ. මාතොට පුරාණ රජමහා විහාරයද මීට වඩා ඓතිහාසික විහාරයක්‌ද මෙම භූමියට යාබදව පිහිටා ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව, මිනින්දොaරු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ද, පාංශු විද්‍යාඥ මහාචාර්ය කේ. ඒ. නන්දසේන, සහාය කථිකාචාර්ය ආර්. එම්. පී. රාජකරුණා, මන්නාරම පොලිස් අධිකාරි ලක්‌සිරි විජයතිලක, මන්නාරම සහකාර පොලිස් අධිකාරි ෂ අයි. ටී. බී. සුගතපාල යන නිලධාරීන් හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුහු විශාල පිරිසක් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment