BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, October 17, 2014

යුරෝපය කොටින්ට නටන්න ඉඩදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි - අමාත්‍ය විමල් වීරවංශ

යුරෝපා සංගමයට අයත් රටවල කොටි සංවිධානයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවත් පසුගියදා විපක්ෂ නායකයාගේ යුරෝපයේ සිදුකළ සංචාරයන්ද මේ සමග සබඳතාවයක් ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා ‍පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.


යුරෝපා සංගමය අධිකරණය මගින් කොටි සංවිධානයට යුරෝපා සංගමයේ පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
යුරෝපා සංගමය කොටි සංවිධානයට පනවපු තහනම ඉවත් කරයි කියලා කියන්නේ කොටි සංවිධානයට නිදහසේ ක්‍රියාත්මක වෙන්න යුරෝපා සංගමයට අයත් රටවල්වල ඉඩ ප්‍රස්තාව ලැබුණයි කියන එක. මේක ඉතාම පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙනයනු ලබන ක්‍රියාවලියේ ආරම්භයක්. එක පැත්තකින් යුරෝපා සංගමය අපට මතකයි කොටි සංවිධානය විනාශ කළාට පස්සේ ජී.එස්.පී. සහනය ඉවත් කළා. ඉවත් කරලා බැලුවා ශ්‍රී ලංකාව ඒ පැත්තට අවනත කර ගන්න. 

ශ්‍රී ලංකාව ඒකට අවනත වුණේ නෑ. ජනාධිපතිතුමා හෝ රජය මේ රටේ ඇඟලුම් කර්මාන්තය නිසා කඩා වැටුණේ නෑ.ඒකට ඔරොත්තු දුන්නා.
දැන් මේ අය තීන්දුවක් අරගෙන තියෙනවා තව මාස තුනකින් ශ්‍රී ලංකාවේ මාලු අස්වැන්න යුරෝපා වෙළෙඳ‍පොළට එන එක නතර කරන්න. මාස තුනක් ඇතුළත ඒ ගොල්ලො කරන දේවල් නොකළොත් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න යුරෝපා සංගමය තමයි කොටි සංවිධානයට තියෙන තහනම ඉවත් කරලා තියෙන්නේ. මේ අය බලන්නේ වෙන මොකක්වත් නොවේ. ඔවුන්ට ශ්‍රී ලංකාව ඇතුළෙ කරගන්න ඕන කරනවා පාලන තන්ත්‍රයේ වෙනසක්. ඒ පාලන තන්ත්‍රය වෙනස ඇති කරගන්න නම් කොටි සංවිධානය කූද්දන්න ඕන. යුරෝපයේ ඉන්න දෙමළ ජනතාව ඒ වෙනුවෙන් පිස්සු වට්ටන්න ඕන. ඒ මගින් පාලන තන්ත්‍රයේ වෙනසකට අවශ්‍ය වපසරිය හදා ගන්න ඕන. දෙමළ කොටි ත්‍රස්තවාදී බලවේග උත්සාහ කරලා මේ රට ගිනි තියන්න. ඒ බටහිර අධිරාජ්‍යවාදයට තියෙන උවමනාව තමයි මේ යුරෝපා සංගමය ප්‍රකාශයට පත් කරන්නේ. මේක මේ රටේ ජනතාව ඉතා මැනවින් තේරුම් ගන්න ඕන. වික්‍රමසිංහ මහත්තයා යුරේපයේ සංචාරයක් කරලා ආපු ගමන් ඇති වුණු මේ වෙනස ගැනත් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන. ඒ බලවේගවල දේශීය අතකොලු කවුද කියලා හඳුනාගන්න ඕන. වර්තමාන රජය කවර තත්ත්වයක් යටතේවත් ඒ බලවේගවලට යටත් වෙන්නේ නෑ. අවනත වෙන්නේ නෑ. ඒ නිසා රටේ ජනතාව මේ සඳහා එරෙහිව හිටගන්න ඕන.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger