BREAKING NEWS

රටතොට

Monday, October 7, 2013

මංගලගෙ 24ක් රිමාන්ඩ්


එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇති වූ ගැටුමේ දී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල සිදු කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි 24 දෙනකු ලබන 14 වැනි දා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සිසිර රුවන් කුමාර මහතා අද නියෝග කළේය.


එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.
ඔවුහු  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන පිරිසකි.
ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහු ‍එජාපයෙන් නෙරැපුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගේ ආධාරකරුවෙකි.  
ඔහුගේ පියා වන හර්මන් ගුණරත්න , මංගල සමරවීරගේ ආධාරකරුවකුට වෙඩි තැබීයැයි කියන සිද්ධිය පිළිබඳ විභාගය පසුවට කල් තැබිණි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger