ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ධුරයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය දෙදෙනාගෙන් කෙනෙකු හෝ ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් බව එජාප ජාතික සංවිධායක දයා ගමගේ ප්‍රකාශ කර තිබේ.
විපක්ෂයේ විශාලතම පක්ෂය වන එජාපයේ අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය යුතු බවද කවුරුත් නැතිනම් එම අභියෝගය තමන් භාර ගන්නා බවද දයා ගමගේ දැඩිව අවධාරණය කර තිබේ.
දයා ගමගේ පසුගිය සිකුරාදා පෙරවරුවේ එජාපයේ T-20 මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම ප්‍රකාශය කර ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන බවට වූ යෝජනාව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අවස්ථාවේදීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment