2015 ජනාධිපතිවරණයෙන් පසු විධායක අගමැතිවරයකු පත් නොකරන බවත් ජනාධිපතිවරයා යටතේ පවතින බලතල සියල්ල පැය 24ක් ඇතුළත අගමැතිවරයාට නොපැවැරෙන බවත් යම් බලතල ප්‍රමාණයක් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවැරෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර ප්‍රකාශ කරයි. ලෝකයේ කිසිදු රටක විධායක අගමැති යනුවෙන් තනතුරක් නොමැති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහ මැතිවරණයකට යා හැකි බව පෙන්වා දෙන සමරවීර මන්ත්‍රිවරයා එහිදී සිය පක්ෂවල අනන්‍යතාව යටතේ තරග කර පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගෙන නව ආණ්ඩුවක් පිහිටුවාගත හැකි බවද පෙන්වා දෙයි.
පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළ මන්ත්‍රිවරයා ජනාධිපතිවරණයෙන් පසු තිබෙන භාරකාර සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ වගකීම් වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන්ටද පැවැරෙන බවද කීවේය.
මෙරට ප්‍රධාන පක්ෂ දෙක වූ එජාපය හා ශ්‍රී ලනිපය ඒකාධිපතිවාදයට හා පවුල් පාලනයට එරෙහිව නව ගමනක් යෑමට ඉතා සාර්ථක අඩිතාලමක් දමා ඇතැයි කී මන්ත්‍රිවරයා මෙරට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේත් එකම අභිලාෂය හා බලාපොරොත්තුව වූයේ එය බවද පැවැසුවේය.
පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා මෙතෙක් පැවැති මැතිවරණවල එජාපය හා ශ්‍රී ලනිපය සහභාගි වූයේ එකිනෙකාට සතුරු ආකල්පයකින් බව පැවැසූ සමරවීර මහතා 2015 ජනාධිපතිවරණය ඒ අමිහිරි අතීතය කණපිට හරවා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නක් වනු ඇතැයිද හෙතෙම කීවේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment